මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සංගමය

මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජය, සාමාන්‍යයෙන් "මෑන් යුනයිටඩ්" ලෙස හැඳින්වෙන අතර, ලෝකයේ ප්‍රසිද්ධම පාපන්දු සමාජයන්ගෙන් එකකි. 1878 දී "නිව්ටන් හීත් එල්.වයි.ආර්" පාපන්දු සමාජය ලෙස ආරම්භ කර, 1902 දී මැන්චෙස්ටර් යුනයිටඩ් ලෙස නම් කරන ලදී. එංගලන්තයේ මැන්චෙස්ටර් නගරය ආසන්නයේ ඇති "ඕල්ඩ් ට්‍රැෆර්ඩ්" ක්‍රීඩාංගණය පදනම් කරගත් මෙම සමාජය, ඉංග්‍රීසි ලීග ශූරතා 20 ක් සහ UEFA චැම්පියන්ස් ලීග කුසලාන 3 ක් ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ශූරතා රැසක් දිනා ඇති අතර සුවිශේෂී ඉතිහාසයක් සහිතය. සර් ඇලෙක්ස් ෆර්ගසන් සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි සුප්‍රකට ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සඳහා ප්‍රසිද්ධ මැන්චෙස්ටර් යුනයිටඩ් සමාජය, විශාල ගෝලීය ප්‍රේක්ෂක හදවත් වැඩිම ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩා සමාජයකි.

මැන්චෙස්ටර් යුනයිටඩ්
සම්පූර්ණ නමමැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සංගමය
අපනාමය(න්)රෙඩ් ඩෙවිල්ස් (රතු යක්ෂයෝ)
නෙටි නමමෑන් යුනයිටඩ්
ආරම්භ කෙරුණේ1878; වසර 147 ක් පෙර (1878) "නිව්ටන් හීත් එල්.වයි.ආර්" ලෙස
ක්‍රීඩාපිටියඕල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණය
ක්‍රීඩාපිටියේ ධාරිතාව74,310
අයිතිකරුමැන්චෙස්ටර් යුනයිටඩ් පුද්ගලික සමාගම (71.06%)
ඉනියෝස් සමූහය (28.94%)
සම-සභාපති
  • ජෝල් ග්ලේසර්
  • අව්‍රම් ග්ලේසර්
කළමනාකරු රූබන් අමෝරිම්
වෙබ් අඩවිය[manutd.com සමාජ මුල් පිටුව]
සියරට වර්ණ
බැහැර වර්ණ
තෙවන වර්ණ
වත්මන් ක්‍රීඩා වාරය

ඉතිහාසය

මුල් අවධිය (1878–1945)

මෙම සමාජයට දිගු ඉතිහාසයක් ඇති අතර, එය "ප්‍රිමියර් ලීග්" හි ක්‍රීඩා කරන හොදම කණඩායම් වලින් එකකි. 1945 දී මැට් බස්බි කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්වූ පසු 1950 දී මෙම කණ්ඩායම සාර්ථකව ලීග් ශූරතා රැසක් දිනාගත් අතර, "යුරෝපියානු කුසලානයේ" තරග වැදීමට සමත්වූ ප්‍රථම ඉංග්‍රීසි පාපන්දු සමාජය බවටද පත්විය.

බස්බි මහතා විශ්‍රාම ගිය පසු, සර් ඇලෙක්ස් ෆර්ගසන් පැමිණෙන තුරු, මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජය සාර්ථක නොවීය. 1986 සිට 2013 දක්වා කාලය තුළ ලීග් ශූරතා 13ක්, FA කුසලාන පහක් සහ චැම්පියන්ස් ලීග් ශූරතා දෙකක් ඇතුළුව කුසලාන 38ක් දිනා ගනිමින්, සමාජයේ දීර්ඝතම සේවා කාලයක් සහ වඩාත්ම සාර්ථක කළමනාකරු බවට පත් වූ ඇලෙක්ස් ෆර්ගසන් ය.

සහයෝගය

මැන්චෙස්ටර් යුනයිටඩ් යනු ලොව වැඩිපුරම ප්‍රේක්ෂක සහයෝගය ලැබෙන පාපන්දු සමාජයකි.

එමෙන්ම මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජය, ලිවර්පූල් පාපන්දු සමාජය මෙන්ම ආසනල් පාපන්දු සමාජය සමග එදිරිවාදිකම් (එරෙහිකම්) පවතී. 2016-17 අතර කාලයේදී මැන්චෙස්ටර් යුනයිටඩ් ලොව වැඩිපුරම මුදල් උපයන පාපන්දු සමාජය බවට පත්විය. ඒ €676.3 million, (යුරෝ මිලියන 676.3) උපයාගනිමිනි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැනි පාපන්දු ලොවේ සුපිරි ක්‍රීඩකයන් මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ ක්‍රීඩා කර ඇත. මෙවැනි ප්‍රේක්ෂක ආකර්ෂණයක් එම සමාජයට ලැබීමට මෙයද හේතුවකි.

ක්‍රීඩකයින්

පළමු-පෙළ

Note: Flags indicate national team as has been defined under FIFA eligibility rules. Players may hold more than one non-FIFA nationality.

No. Position Player
1 GK අල්තායි බයින්දිර්
2 DF ඩියොගෝ ඩලොට්
3 සැකිල්ල:රටේ දත්ත MAR DF නසර් මස්රාඕයි
4 DF මැත්තිස් ඩෙ ලිග්ට්
5 DF හැරි මැගුවයිර්
6 DF ලිසන්ඩ්‍රෝ ඩ්රෝ මාර්ටිනයස්
7 MF මේසන් මවුන්ට්
8 MF බෲනෝ ෆර්නැන්ඩස් (captain)
10 FW මැතෙව්ස් කුන්‍යා
11 FW ජොෂුවා සර්ක්සි
12 DF ටයරල් මැලේසියා
13 DF පැට්‍රික් ඩෝර්ගු
15 DF ලෙනි යෝරෝ
No. Position Player
16 FW අමඩ් ඩියාලෝ
18 MF කසෙමිරෝ
19 FW බ්‍රයන් එම්බුඅමෝ
22 GK ටොම් හීටන්
23 DF ලූක් ෂෝ
25 MF මැනුවෙල් උගාටේ
26 DF අයිඩන් හෙවන්
30 සැකිල්ල:රටේ දත්ත SVN FW බෙන්ජමින් සේෂ්කො
31 GK සෙන් ලමන්ස්
32 FW චිඩෝ ඔබි
33 DF ටයිලර් ෆ්‍රෙඩ්රික්සන්
35 සැකිල්ල:රටේ දත්ත PAR DF ඩියෙගෝ ලියොන්
37 MF කොබි මයිනු

ණය මත ලබාදුන්

Note: Flags indicate national team as has been defined under FIFA eligibility rules. Players may hold more than one non-FIFA nationality.

No. Position Player
9 FW රස්මස් හොයිලුන් (30 June 2026 වනතුරු නැපෝලි වෙත)
24 GK ඇන්ඩ්‍රේ ඔනානා (30 June 2026 වනතුරු ට්‍රබ්සොන්ස්පර් පාපන්දු සමාජය වෙත)
36 FW ඊතන් වීට්ලි (30 June 2026 වනතුරු නෝතැම්ප්ටන් ටවුන් වෙත)
41 DF හැරි ඇමස් (30 June 2026 වනතුරු ශෙෆීල්ඩ් වෙන්ස්ඩේ වෙත)
No. Position Player
43 MF ටොබි කොලියර් (30 June 2026 වනතුරු බටහිර (වෙස්‍ට්) බ්‍රොම්විච් ඇල්බියොන් වෙත)
44 MF ඩෑන් ගෝර් (30 June 2026 වනතුරු රොතර්හැම් වෙත)
FW මාකස් රැශ්ෆෝර්ඩ් (30 June 2026 වනතුරු එෆ්සී බාර්සිලෝනා වෙත)
FW ජේඩන් සැන්චෝ (30 June 2026 වනතුරු ඇස්ටන් විලා වෙත)

කාන්තා කණ්ඩායම

මැන්චෙස්ටර් යුනයිටඩ් සපෝටර්ස් ක්ලබ් ලේඩීස් 1970 දශකයේ අගභාගයේදී මෙහෙයුම් ආරම්භ කළ අතර නිල නොවන ලෙස සමාජයේ ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම ලෙස පිළිගැනීමට ලක් විය. ඔවුන් 1989 දී වයඹ කාන්තා කලාපීය පාපන්දු ලීගයේ ආරම්භක සාමාජිකයින් බවට පත්විය. කණ්ඩායම 2001 දී මැන්චෙස්ටර් යුනයිටඩ් සමඟ නිල හවුල්කාරිත්වයක් ඇති කර ගත් අතර, සමාජයේ නිල කාන්තා කණ්ඩායම බවට පත්විය; කෙසේ වෙතත්, 2005 දී, මැල්කම් ග්ලේසර්ගේ අත්පත් කර ගැනීමෙන් පසුව, සමාජය "ලාභ නොලබන" බව දුටු බැවින් එය විසුරුවා හරින ලදී. 2018 දී, මැන්චෙස්ටර් යුනයිටඩ් නව කාන්තා පාපන්දු කණ්ඩායම, ඔවුන්ගේ මූලාරම්භක වාරය සඳහා එංගලන්තයේ කාන්තා පාපන්දු දෙවන අංශයට ඇතුළත් විය. කාන්තා පාපන්දු කණ්ඩායම 2024 මැයි 12 වන දින කාන්තා FA කුසලානය දිනා ගනිමින් ටොටන්හැම් හොට්ස්පර් 4–0 ලෙස පරාජය කරමින් ඔවුන්ගේ පළමු කුසලානය දිනා ගත්හ.

  1. "Premier League Handbook Season 2015/16" (PDF). Premier League. 6 September 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 May 2016.
  2. "Man United must aim for top four, not title challenge – Mourinho". Reuters. 2 November 2018. 27 November 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 November 2022.
  3. "Old Trafford". premierleague.com. Premier League. 5 August 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 August 2022.
  4. Wiacek, Conrad (16 January 2024). "INEOS and Ratcliffe are the largest single shareholders at Manchester United. What now?". Sportcal. 29 February 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 March 2024.
  5. "The 49 trophies of Sir Alex Ferguson – the most successful managerial career Britain has ever known". The Independent. London. 8 May 2013. 5 June 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 October 2015.
  6. Hamil (2008), p. 126.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Marca නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. Wilson, Bill (23 January 2018). "Manchester United remain football's top revenue-generator". BBC News (British Broadcasting Corporation). 5 March 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 April 2018.
  9. Wigmore, Tim. "මැන්චෙස්ටර් යුනයිටඩ්ට තවමත් කාන්තා කණ්ඩායමක් නැත්තේ ඇයි?". Bleacher Report. 9 නොවැම්බර් 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 අගෝස්තු 2019.
  10. Leighton, Tony (21 පෙබරවාරි 2005). "යුනයිටඩ් යෞවනයන් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා කාන්තා ක්‍රීඩාව අතහැර දමයි". The Guardian. 9 මාර්තු 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 අගෝස්තු 2019.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සංගමය පිළිබඳ තොරතුරු, මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සංගමය යනු කුමක්ද? මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සංගමය යනු කුමක් දර්ශනය කරන්නේ?