මිල්ටන් මල්ලවාරච්චි

මිල්ටන් මල්ලවආරච්චි යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීන ජනප්‍රිය ගායකයෙකි. ජනප්‍රිය ගායක රනිල් මල්ලවආරච්චි මිල්ටන්ගේ වැඩිමහල් පුත්‍රයායි.

මිල්ටන් මල්ලවආරච්චි
උපත7 අප්‍රේල් 1945
මියගිය දිනය10 මාර්තු 1998
ජාතිකත්වය ශ්‍රී ලාංකික
රැකියාවගායක
ප්‍රසිද්ධව ඇත්තේප්‍රවීන ජනප්‍රිය ගායක
කලත්‍රයා(යන්)ස්වර්ණා
දරුවන්රනිල් මල්ලවආරච්චි, හර්ෂණී, නදීජ, තාරක
ආගමබෞද්ධ

මිල්ටන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

ලා සිලනියන්ස් සංගීත කණ්ඩායමේ ගායකයෙකුවි සිටියෙදී ප්‍රවීන නිෂ්පාදක පැට්‍රික් කොරේරාගේ අවධානයට යොමුවූ මිල්ටන් 1969 දී ඔරුවක පාවෙන රූගන අඳුරේ ගීතයෙන් ප්‍රසිද්ධ විය.

ඔහු කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස් , කේ. ඩී. කේ. ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ක්ලැරන්ස් විජේවර්ධන වැනි ප්‍රවීන ගීතරචකයන් රචිත කල ගීත බොහෝ ගායනා කර ඇත.

කරුණාරත්න අබේසේකර රචිත ඈත එපිට දුර ආකාසේ... ස්වර්ණ වර්න තරුවක් විලසේ ගීතය මිල්ටන් ඔහුගේ බිරිඳ ස්වර්ණා වෙනුවෙන් ගයන ලදී.

ආශ්‍රිත

  • මිල්ටන් මල්ලවආරච්චිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳ තොරතුරු, මිල්ටන් මල්ලවාරච්චි යනු කුමක්ද? මිල්ටන් මල්ලවාරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?