මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මහින්ද තෙරණුවන් මහින්ද්‍ර (සංස්කෘත: महिन्द्र; ඉංග්‍රීසි: Mahindra) (මිහිඳු) නමින් ක්‍රි.පූ. 3 වන සියවසේදී මගධ රටේ (දැනට භාරතයේ බිහාර්) උපත ලැබීය. මෞර්ය අධිරාජ්‍යයේ අශෝක අධිරාජයාගේ පුතුවේ. බෞද්ධ ප්‍රභව වල විස්තර කර ඇති පරිදි මහින්ද රහතන් වහන්සේ විසින් බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට ගෙන එන ලදී.
| මහින්ද තෙරණුවෝ | |
|---|---|
මහෙමෙව්නා අසපු ආරාමයේ වූ මහින්ද මහරතන් වහන්සේගේ ප්‍රතිමාවක් | |
| ආගම | බුද්ධාගම |
| නිකාය | ථෙරවාද |
| පෞද්ගලික තොරතුරු | |
| ජාතිකත්වය | ඉන්දියානු |
| උපත | මහේන්ද්‍ර (සංස්කෘත) ක්‍රි.පූ. 3වන සියවස උජ්ජේනි, අශෝක යුගය, ඉන්දියාව |
| මරණය | උත්තිය රජ දවස අනුරාධපුර, ශ්‍රී ලංකාව |
Resting place | ශ්‍රී ලංකාව |
| පවුල | |
| දෙමව්පියෝ | අශෝක (පියා) දේවි (මව) Sisterසොයුරිය =සංඝමිත්තා තෙරණිය |
ඓතිහාසික මූලාශ්‍ර
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික හා ආගමික පසුබිමක් සහිත ග්‍රන්ථ දෙකක් වන දීපවංසය සහ මහාවංසය හි, මහින්දාගමනය හා දේවානම්පියතිස්ස රජතුමා බුද්ධධර්මය වැළඳ ගැනීම පිළිබඳව සඳහන් වේ.
චරිතාපදානය
මහින්ද හැදී වැඩුනෙ විදිශ නම් ගමෙහි එතුමාෙග් මවත් සමගය. 20 වන වියෙහිදී මොග්ගලීපුත්ත-තිස්ස හිමි නම යටතෙ පැවිදි බවට පත්විය. මහින්ද තෙරණුවන්ගෙ පියානන්ගෙ අාගමික ගුරුතුමා වූ උන්වහන්ෙස් මහින්ද තෙරණුවන්ටද තිපිටකය පිළිබඳව මනා නිපුණත්වයක් ලබා දෙන ලදී. මිහිඳු හිමියන් ශීලංකාෙව් බුද්ධ ධර්මය පචාරය කිරීම සඳහා උන්වහන්ෙස්ෙග් පියාණන් වූ ධර්මාෙශා්ක රජු විසින්, ඉත්තිය, උත්තිය, සම්බල සහ භද්ධසාල (සංඝමිත්තා තෙරණිය ෙග පුතණුවන්) යන හිමි වරුන් සමග ශී ලංකාවට වැඩම කරවන ලදී. ඒ 3 වන ධර්ම සංඝායනාවෙන් පසුව මොග්ගලීපුත්ත-තිස්ස තෙරණුවන්ෙග් අනුශාසනාවන්ට අනුවය. මෙම ගමනට සුමන සාමෙෙන්ර නම හා මිහිඳු හිමියන්ගෙ ඥාති මුනුපුෙරකු වූ භන්ඩුක උපාසක ද සහභාගී වී ඇත. මෙම පිරිස වෙදසගිරි නම් වූ විහාරයෙ හි සිට ගමන් අරඹා ඇත. එම ස්ථානය අද සාංචි විහාරය ලෙස විශ්වාස කෙෙර්.
මහාවංශයට හා දීපවංශයට අනුව මෙම පිරිස පසලොස්වක දිනයක පැවති ජාතික උත්සවයක් අතරතුර ලක්දිවට පැමිණ ඇත. එම මොහොතේ දේවානම්පියතිස්ස රජතුමා මිහින්තලේ දී මුව දඩයමේ යෙදෙමින් සිට ඇත. එහි සඳහන් අන්දමට අශෝක රජතුමා හා දේවානම්පියතිස්ස රජතුමා කලින් දැන හැඳිනගෙන සිටි අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තෑගි බෝග හුවමාරු කරගෙන ඇත.
වැදගත්කම හා උරුමය
මිහිඳු හිමි ලක්දිවට වැඩම කර පසු මෙරට බුදු දහම පැතිර ගියේය.වෘක්ෂ වලට හා පර්වත ආදියට වන්දනාමාන කළ මෙරට මිනිසුන් බුදු දහම ඇදහීමට හා පිළිගැනීමට පටන් ගත්තේය.ඉන් පසුව භික්ෂුනි සාසනය ඇරඹීමට ද උන්වහන්සේ විසින් විශාල මෙහෙයක් ඉටු කර ඇති බව ඉතිහාසයේ පැවසේ.ඒ සඳහා උන්වහන්සේගේ සහෝදරිය වූ සංඝමිත්තා තෙරණිය ද උපකාර කල සේක.මහින්ද සහ ඔහුගේ සෙසු මිෂනාරිවරුන් ඔවුන්ගේ කඳවුරුවල සිට අඛණ්ඩව දේශනා කළ අතර, බුද්ධාගම වේගයෙන් ව්‍යාප්ත වූ අතර, බොහෝ ශ්‍රී ලාංකිකයන් බෞද්ධ භික්ෂූන් බවට පත්විය.දෙවන සියවස වන විට වෙළෙන්දන්, වෙළඳුන් සහ බෞද්ධ වන්දනාකරුවන් බෞද්ධ අදහස් චීනයට ව්‍යාප්ත කිරීමට උදව් කළහ. බුද්ධාගම කර්මය, පුනරුත්පත්තිය, නිරය, භික්ෂූන් සහ ආරාම වැනි නව අදහස් චීන ජාතිකයින්ට ඉදිරිපත් කළේය. බුදුදහම චීනයේ, විශේෂයෙන් කොන්ෆියුසියානුවන්ගෙන් විරෝධයට ලක් වූ නමුත්, වර්ධනය වී සමෘද්ධිමත් වීමට සමත් විය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- Holt, John Clifford (2004), "Sri Lanka", in Buswell, Jr., Robert E., Macmillan Encyclopedia of Buddhism, USA: Macmillan Reference USA, pp. 795-99,
- Ahir, Diwan Chand (1989). Heritage of Buddhism (ISO 639-1 බසින්).
{{cite book}}: CS1 maint: unrecognized language (link)
බාහිර ඈදුම්
- Mahinda Thera
- The arrival of Buddhism in Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2021-02-08 at the Wayback Machine
- The Birthplace Buddhism in Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2016-01-19 at the Wayback Machine
- Historical Buddhist details of Sri Lanka
- Buddhism, The Buddha and what are His Teachings? සංරක්ෂණය කළ පිටපත 2007-09-29 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහින්ද තෙරණුවෝ පිළිබඳ තොරතුරු, මහින්ද තෙරණුවෝ යනු කුමක්ද? මහින්ද තෙරණුවෝ යනු කුමක් දර්ශනය කරන්නේ?