මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්‍රචලිත නමුත් ශ්‍රී ලංකාව තුල එතරම් ජනප්‍රිය නැත.
පෝෂණ දත්ත
කිරිවල සංඝටක, per 100 grams
| Constituents | unit | එළකිරි | එළු කිරි | බැටළු කිරි | මීකිරි |
|---|---|---|---|---|---|
| වතුර | g | 87.8 | 88.9 | 83.0 | 81.1 |
| ප්‍රෝටීන් | g | 3.2 | 3.1 | 5.4 | 4.5 |
| මේද | g | 3.9 | 3.5 | 6.0 | 8.0 |
| කාබෝහයිඩ්රේට් | g | 4.8 | 4.4 | 5.1 | 4.9 |
| ශක්තිය | kcal | 66 | 60 | 95 | 110 |
| kJ | 275 | 253 | 396 | 463 | |
| ලැක්ටෝස් | g | 4.8 | 4.4 | 5.1 | 4.9 |
| මේද අම්ල: | |||||
| සංතෘප්ත | g | 2.4 | 2.3 | 3.8 | 4.2 |
| ඒක-අසංතෘප්ත | g | 1.1 | 0.8 | 1.5 | 1.7 |
| බහු-අසංතෘප්ත | g | 0.1 | 0.1 | 0.3 | 0.2 |
| කොලෙස්ටෙරෝල් | mg | 14 | 10 | 11 | 8 |
| කැල්සියම් | iu | 120 | 100 | 170 | 195 |
මුදවාපු මීකිරි
මීකිරි ,ශ්‍රි ලංකාවේ දකුණු පළාත ආශ්‍රිතව බහුලව දැකිය හැකි කිරි නිෂ්පාදනයකි. මෙම කිරි ආහාරය පෝෂ්‍ය පදාර්ථ රැසකින් යුක්ත වූවකි.
නිපදවීම
මුදවාපු කිරි නිෂ්පාදනයද, යෝගට් නිෂ්පාදන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකින් යුක්ත වෙයි. මේ සඳහා මී ගවයින්ගේ කිරි යොදා ගන්නා නිසා, මේවා මීකිරි ලෙස හැඳින්වෙයි.
මී ගවයින්ගෙන් දොවා ගත් කිරි, පෙරා උණුකොට ඊට මින් පෙර නිපදවන ලද මුදවාපු කිරි මිශ්‍රණයක් මුහුම් ලෙස යොදනු ලැබේ. (එම මුහුම් තුල ලැක්ටික් අම්ල පැසීම සිදුකරන විවිධ බැක්ටීරියා දර්ශක පවතියි) එමගින් කිරි කැටි ගැසීම සිදුවන අතර, ලැක්ටික් අම්ලය නිසා කිරිවල ඇඹුල් රසයක්ද ඇතිවෙයි.
ආශ්රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මීකිරි පිළිබඳ තොරතුරු, මීකිරි යනු කුමක්ද? මීකිරි යනු කුමක් දර්ශනය කරන්නේ?