මීරිගම යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පිහිටා තිබෙන නගරයකි. එය කොළඹ සිට කිලෝමීටර 57 ක හා, මීගමුව සිට කිලෝමීටර 34 ක දුරින් පිහිටා තිබේ.
| මීරිගම Mirigama | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව |
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ උපන්බිම වන්නේද මීරිගමයි.
මීට අමතරව සිංහ රෙජිමේන්තු හමුදා පුහුණු කඳවුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්, ප්‍රධාන රේඩාර්පළ පිහිටුවා තිබෙන්නේද මීරිගම තුල වෙයි.
මීරිගම ධාවන පථය
මීරිගම ඉදිකොට තිබෙන, සුපිරි ධාවන පථය (Super Race Track), මෝටර්සයිකල් හා කාර් ධාවන තරඟ පැවැත්වීම සඳහා භාවිතා කරනු ලැබේ. කිලෝමීටර 1.4 ක් දිග හා මීටර් 30 ක් පළල මීරිගම ධාවන පථය, අක්කර 11 ක පමණ විහිදුණු භූමි ප්‍රමාණයක ඉදිකොට තිබෙයි.
සංචාරක ආකර්ෂණ
- බෝතලේ වෙල මැද අම්බලම - මෙරට දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය මීරිගම බෝතලේ ග්‍රාමයෙහි පිහිටා තිබෙයි.
- බෝතලේ වලව්ව - ඩී.එස්.සේනානායක මහතා විසූ වලව්ව.
ප්‍රදේශයේ පිහිටි පාසල්
- ඩඩ්ලි සේනානායක ආදර්ශ මහා විද්‍යාලය.
- ශ්‍රි විිිිිිිිිිිිිිිිිිිිිිිිිිිිමලවංශ කණිෂ්ඨ විද්‍යාලය
- ඩී.එස්.සේනානායක මධ්‍ය මහා විද්‍යාලය.
- බණ්ඩාරනායක විද්‍යාලය, මීරිගම.
- කන්දගමුව මහා විද්‍යාලය.
- හේනේපොල කණිෂ්ඨ විද්‍යාලය.
- බෝතලේ කණිෂ්ඨ විද්‍යාලය.
- කීනදෙනිය මහා විද්‍යාලය.
- තවලම්පිටිය මහ විද්‍යාලය.
සමාජ මාධ්‍ය කණ්ඩායම
- මීරිගම | MIRIGAMA
- මීරිගම අපි
ආශ්‍රිත
- "ඩ්‍රීම්ස් බිකම් අ රියැලිටි". නේෂන්.එල්කේ. සම්ප්‍රවේශය 21 මැයි 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මීරිගම පිළිබඳ තොරතුරු, මීරිගම යනු කුමක්ද? මීරිගම යනු කුමක් දර්ශනය කරන්නේ?