මුඨසීව රජ

මුටසිව රජ යනු, පුරාතන අනුරාධපුර නගරය අගනුවර කරගෙන, ක්‍රිපූ 367 සිට ක්‍රිපූ 307 දක්වා රාජ්‍යය පාලනය කල, අනුරාධපුර රාජධානියෙහි මුල් රජ කෙනෙකි. පණ්ඩුකාභය රජුගේ පුත්‍රයා වූ ඔහුට, පුතුන් නව දෙනෙකු වූ අතර, දේවානම්පිය තිස්ස රජ, උත්තිය රජ, මහාසිව රජ සහ අසේල රජ වැනි, ඔවුන්ගෙන් සමහරුන් ඔහුගේ අනුප්‍රාප්තිකයෝ වූහ.

මුඨසීව රජු
සිංහලේ රජ
රාජ්‍ය සමයක්‍රි.පූ.367 - ක්‍රි.පූ.307
පූර්වප්‍රාප්තිකයාපණ්ඩුකාභය රජු
අනුප්‍රාප්තිකයාදේවානම්පිය තිස්ස රජ
දරුවන්පුතුන් නව දෙනෙකි:
දේවානම්පිය තිස්ස රජ
උත්තිය රජ
මහාසිව රජ
අසේල රජ හා දියණිවරුන් දෙදෙනෙකු විය.
වංශයවිජය
පියාපණ්ඩුකාභය රජු
මවස්වර්ණපාලි

මෙම රජු වසර හැටක් රාජ්‍යය කල අතර එම කාලය අත්‍යන්තයෙන් සාමකාමී යුගයක් විය. අනුරාධපුරයේ මහමෙවුනා උද්‍යානය ඔහුගේ නිර්මාණයක් වන අතර, ඔහුගේ කාර්ය ඵලයක් ලෙසින් ඓතිහාසික වාර්තා වල සඳහන් වන්නේ එපමණකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුඨසීව රජ පිළිබඳ තොරතුරු, මුඨසීව රජ යනු කුමක්ද? මුඨසීව රජ යනු කුමක් දර්ශනය කරන්නේ?