යූරී ගගාරීන්

යූරි ඇලෙක්සෙයෙවිච් ගගාරින් (රුසියානු: Ю́рий Алексе́евич Гага́рин, උපත 1934 මාර්තු 9 – විපත 1968 මාර්තු 27) යනු සෝවියට් අජටාකාශ ගාමියෙකි. 1961 අප්‍රේල් 12 වෙනි දින අභ්‍යාවකාශයට ගිය ඔහු,අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා සහ පොළොව වටා කක්ෂ ගතවූ පළමු මිනිසා බවට පත් විය. මොහු සෝවියට් සංගමයේ වීරයා (Hero of the Soviet Union) සම්මානය ලැබූවෙකි.

යූරී ගගාරීන්
Юрий Гагарин
උපත9 මාර්තු 1934(1934-03-09)
ක්ලුෂිනො, සෝවියට් සංගමය
තත්ත්වයනැසීගිය
මියගිය දිනය27 March 1968(1968-03-27) (aged 34)
නොවොස්යොලොවෝ, සෝවියට් සංගමය
ජාතිකත්වයරුසියානු
රැකියාවගුවන් නියමු
Space career

සෝවියට් සංගමය අභ්‍යවකාශගාමී
අභ්‍යාවකාශගතවූ පළමු මිනිසා
නිලයක'නල් (Polkovnik), සෝවියට් ගුවන් හමුදාව
අභ්‍යවකාශගත කාලය
පැය 1යි විනාඩි 48 යි
තෝරාගැනීමගුවන් හමුදා කණ්ඩායම් අංක 1
Total EVAs
0
මෙහෙයුම්වොස්ටොක් 1
මෙහෙයුම් ලාංචනය
30px

මුල් ජීවිත කාලය

යුරී ගගාරීන් 1934 මාර්තු 9 වන දින සෝවියට් සංගමයේ ක්ලුෂිනො ග්‍රමයේ උපත ලැබීය. ඔහුගේ පියා සහ මව සමූහ ගොවිපලක කම්කරුවන් දෙපලකි.‍ හතර දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියාවු යූරී ව රැකබලා ගැනීම වැඩිමහල් සොයුරිය ට හාර විය.

සොවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කර්යභාරය

1960 දි යුරී සහ තවත් 19 දෙනෙකු සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන සදහා තෝරා ගැනින. වොස්ටොක් 1 අභ්‍යාවකාශ වැඩසටහන යටතේ වර්ෂ 1961 අප්‍රේල් 12 වන දින වොස්ටොක් 3KA-3 ‍යානයෙන් කක්ෂගත වූ යුරි අභ්‍යාවකාශයට ගමන් කල පළමු මිනිසා ලෙස ඉතිහාස ගත වූයේ ය. මෙම ගමනේ දී ඔහුව "සෙඩාර්"(Russian: Кедр) යන සංඥා නාමයෙන් හඳුන්වන ලදී.

පෘතුවිය නිල් පාටයි....කොච්චර පුදුමාකාරද?....හරිම ආශ්චර්යජනකයි.......

— ගගාරීන් ගෙන් පාලක මැදිරිය වෙත.

අභ්‍යාවකාශ ගමනින් පසු යුරී ලොව පුරා ඉතා ජනප්‍රිය අයෙක් බවට පත් විය. ලෝ වටා සංචාරය අතරතුර වරක් ඔහු ශ්‍රී ලංකාවට ද පැමිණියේ ය.

මරණය හා මරණයෙන් පසු කාලය

1968 මාර්තු 29 දින, ප්‍රහාරක ගුවන් යනා පුහුනුවක් අතරතුර දි යුරි සහ ඔහුගේ සහායකයා ඔවුන් ගේ මිග්-15UTI වර්ගයේ යානය අනතුරට පත්වීමෙන් මියගියේය.

පිලැටලී සහ මුදල් විද් යාව

මූලාශ්‍ර

  1. Wilson, Jim (13 අප්‍රේල් 2011). "Yuri Gagarin: First Man in Space" (ඉංග්‍රීසි බසින්). NASA. 3 අප්‍රේල් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  2. "Gagarin — son of a peasant, star of space". BBC News. 1 අප්‍රේල් 1998. සම්ප්‍රවේශය 21 මැයි 2008.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යූරී ගගාරීන් පිළිබඳ තොරතුරු, යූරී ගගාරීන් යනු කුමක්ද? යූරී ගගාරීන් යනු කුමක් දර්ශනය කරන්නේ?