වොස්ටොක් 1


වොස්ටොක් 1 (රුසියානු: Восток-1, Orient 1, East 1)යනු ,ප්‍රථම මිනිස් අභ්‍යාවකාශ ගමනයි. එය සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහනේ කොටසකි .1961 අප්‍රේල් 12 දින වොස්ටොක් 3KA යානය යූරී ගගාරීන් ද රැගෙන ගුවන් ගත විය.එය ප්‍රථම මිනිසෙකු සහිතව කක්ෂ ගත වූ යානය ද වෙයි.

වොස්ටොක් 1
මෙහෙයුම් දත්ත
මෙහෙයුමේ නමවොස්ටොක් 1
[Восток-1] Error: {{Lang}}: text has italic markup (help)
අභ්‍යාවකාශ යානාවේ නමЛасточка
([Lastochka] Error: {{Lang}}: text has italic markup (help) - Swallow)
අභ්‍යාවකාශ යානා වර්ගයවොස්ටොක් 3KA
අභ්‍යාවකාශයානා ස්කන්ධය4,725 kg (10,417 රාත්)
ගගනගාමීන් ගණන1
සංඥා නාමයКедр
([සෙඩාර්] Error: {{Lang}}: text has italic markup (help) - සයිබීරියානු පයින් ගස)
විදිනයවොස්ටොක් 8K72K
ගුවන්ගතකිරීමේ පීඨිකාවගගාරින්ගේ ඇරඹුම, බයිකොනූර් අභ්‍යවකාශ තොටුපොල
ගුවන්ගතකල දිනයApril 12, 1961 06:07 (April 12, 1961 06:07) UTC
ගොඩබැස්වූ ප්‍රදේශය51°16′49″N 45°58′36″E / 51.280383°N 45.976740°E / 51.280383; 45.976740
ගොඩබැසීමApril 12, 1961 07:55 (1961-04-12UTC07:56)
මෙහෙයුම් කාලය01:48
කක්ෂගත වාර ගණන1
කක්ෂයෙහි පෘථිවියට දුරම ස්ථානය327 කිමී (203 සැත)
කක්ෂයෙහි පෘථිවියට සමීපතම ස්ථානය169 කිමී (105 සැත)
කක්ෂගත කාලය89.34 විනාඩි
ආනතිය64.95°
ගගනගාමීන්ගේ ඡායාරූපය
යූරී ගගාරීන් ස්වීඩනයේදී.
ආශ්‍රිත මෙහෙයුම්
පෙර මෙහෙයුම පසු මෙහෙයුම
ස්පුට්නික් 10 වොස්ටොක් 2

කණ්ඩායම

තනතුර ගගනගාමියා
නියමුවා යූරී ගගාරීන්
ප්‍රථම මානව අභ්‍යාවකාශ චරිකාව

ආදේශ කණ්ඩායම

තනතුර ගගනගාමියා
නියමුවා ඝ්හෙර්මන් ටිටොව්

සංචිතය

තනතුර ගගනගාමියා
නියමුවා ග්‍රිගොරි නෙල්යුබොව්

මෙහෙයුම් පරාමිති

  • බර: 4,725 kg (10,417 රාත්)
  • කක්ෂයෙහි පෘථිවියට සමීපතම ස්ථානය: 169 කිමී (105 සැත)
  • කක්ෂයෙහි පෘථිවියට දුරම ස්ථානය: 327 කිමී (203 සැත)
  • ආනතිය: 64.95°
  • කක්ෂගත කාලය: 89.34 විනාඩි

මෙහෙයුමේ විශේෂ අවස්ථා

ගගාරීන් සිය විනාඩි 108ක් අජටාකාශයේ සිටි කාලය තුළ එක් වරක් පොළොව වටා කක්ෂ ගතවිය. ඔහු නැවත නිරුපද්‍රිතව පොළොවට පැමිණියේ කි.මී. 7 (අඩි 23000) ඉහළ අහසේ දී පැරෂුටයක් අධාරයෙන් යානයෙන් ඉවතට පැනීමෙනි. යානයත් සමග ම පොළොවට පතිතවීම අනතුරුදායක වීම මීට හේතුවයි. . ස්ථාවර කක්ෂ්යකට යානය පිවිසියේ දැ යි කක්ෂ ගතවී විනාඩි 25 යනතුරුත් පාලක මැදිරිය නොදත්තේ ය. යානයේ උන් පාලකය ස්වයංක්‍රිය එකකි. මිනිසකු "ශූන්‍ය ගුරුත්වයට" කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැ යි නොදත් වෛද්‍යවරු සහ ඉජිංනේරුවෝ නියමුවා ගේ පාලක උපකරණ යුරි ට පාලනය කළ නොහැකි අයුරින් අගුලු දමා තැබූ හ. නමුත් හදිසියක දී යුරීට යානයේ උන් පාලනය සියතට ගැනීමට එම අගුලු ඇරීමේ කේතයන් ලියුම් කවරයක දමා යානය තුළ තැබූ හ.

වොස්ටොක් යානයට එහි කක්ෂය වෙනස් කිරීම කළ නොහැකි විය. ගමනේ අවසන් කාලය වන තෙක් ම යානය එහි මුල් කක්ෂය ඔස්සේ ඉබේ පාවීමට ඉඩහරින ලදී. නමුත් ප්‍රතිදහනයට පෙර ස්වයක්‍රිංය උන්න්තාෂ පාලකය මඟින් යානය නැවතත් හරි පිහිටුමට ගෙන එන ලදී.

අප්‍රිකාවේ බටහිර වෙරළ තීරයට ඉහළ දී (ඇන්ගෝලාවට ඉහළින්,ගොඩබසින තැනට ආසන්න වශයෙන් කි.මී. 8000 දුරින් ) යානයේප්‍රතිදහනය ඇරැඹුණු අතර එය තත්: 42ක් තුළ දී සිදුවී අවසන් විය.

යානයේ බර වැඩිවන බැවින් එය සතුව අතිරේක ප්‍රතිදහන රොකට්ටු නොතිබිණි. යම් ලෙසකින් ඒවා ක්‍රියාවිරහිත වුවා නම්, ගගාරීන් ට දවස් 10 කට අහාර හා ජලය යානය තුළ ගබඩාකර තිබිණි. එම කාලය තුළ ස්වභාවිකව ම කක්ෂයේ ක්ෂය වීම සිදුවීමෙන් ගගාරීන්ට නැවත පැමිණීමේ අවස්ථාවක් පැවතීම ඊට හේතුව යි.

ප්‍රතිදහනයෙන් පසු, බලාපොරොත්තු නොවූ ලෙස, උපකරණ මොඩුයලය, නැවත පැමිණීමේ මොඩුයලයට සම්බන්ධ ව විනාඩි 10 තිස්සේ පැවැතිණි. ඒවා තත්. 10 තුළ වෙන්විය යුතු විය. මෙ හේතුව නිසා, යනාව දරුණු විභ්‍රමණයන් ට ලක් විණි. කෙසේ වෙතත්, සුදුසු නැවත පැමිණීමේ උසකට ලඟා වීමට යානයට හැකි විය. සාර්ථක මෙහෙයුමින් පසු, ඇමරිකා එක්සත් ජනපදය සෝවියට් සංගමය වෙත තම නිල සුබ පැතුම් පිදී ය.

මෙහෙයුම් ගමන් සටහන

  • 1961 අප්‍රේල් 12 - බදාදා

ගුවන් ගත වීමට විනාඩි කීපයකට පෙර ගගාරීන් විසින් කරන ලද මෙම ප්‍රකාශය පටිගත කරන ලදී., "දයාබර මා දන්නා හා නොදන්නා සියලු මිතුරනි, මා ගේ රටවැසියනි, සියලු ලෝක වාසී ජනතාවනි, තවත් විනාඩි කීපයකින් අතිවිශාල සෝවියට් රොකට්ටුවක් මා සහ මාගේ යානය, ඉමක් නොපෙනෙන අභ්‍යාවකාශයට ගෙනයනු ඇත. මට කීමට ඇත්තේ මෙ පමණයි. මගේ මුළු ජීවිතය ම දැන් මෙ මොහොතේ මා ඉදිරිපිට ඇති බවක් මට හැඟේ. මෙම ගමන සාර්ථක කර ගැනීමට මගෙන් බලාපොරොත්තු වන සියලු දේ කිරීමට අවශ්‍ය ශක්තිය ඇති බව මට දැනේ.".

  • පහළට ගිණීම ඇරැඹීම

ගගාරීන් ගුවන් ගත කරන වේදිකාව මත ඇති වොස්ටොක් 1 යානය තුළ සිටී. ඔහු ගේ රූපය පාලක මැදිරියේ රූපවාහිනී තිර මත පෙනේ. සෙර්ගේයි කොරොල්යොව් මයික්‍රොෆෝනයෙන් කථා කරයි. "සර්යා සෙඩාර් ට කථාකරනවා...පහළට ගිණීම මොහොතකින් ඇරැඹෙනවා", එ විට ගගාරීන් "මම ඉතා හොඳින් පසුවෙනවා..යන්න සූදානමිනුයි සිටින්නේ..."ලෙස පිළිතුරු දෙයි. ( සර්යා - බ්යිකොනූර් ගගන තොටුපොළ, පාලක මැදිරියේ සංඥා නාමය, සෙඩාර් - ගගාරීන් ගේ සංඥා නාමය)

  • වේලාව 12:07

ගුවන් ගත කිරීම ඇරැඹීමට මොහොත යි. එය සිදුවන්නේ බයිකොනූර් ගගන තොටුපොළේ , පළමු වේදිකාවේ දී යි. ගගාරීන් ගේ ගමනින් පසු එය ගගාරීන් ඇරඹුම ලෙස නම් කැරිණි. මූලික දහනයේ දී හා ගුවන් ගත වීමේ දී සර්ගෙයි කොරොල්යොව් රේඩියොව ඔස්සේ කතාකරයි. "මූලික දහන අවස්ථාව..........මධ්‍යම.........ප්‍රධාන.....ගුවන් ගත වුනා!.....අපි ඔබට සුබ ගුවන් ගමනක් පතනවා.....සියලු දේ සාමාන්‍යයි...... "ගගාරීන් එවිට "Поехали "( "පොයෙකහාලි ") "ඕන් යන්න පටන් ගත්තා!!! "ලෙස පිළිතුරු දෙයි.

  • වේලාව 12.09

ගුවන් ගත වීමෙන් විනාඩි 2කට පසු, වොස්ටොක් 1 රොකට්ටුවේ ප්‍රධාන යානයට සම්බන්ධ ත්වරක සතරෙහි ඉන්ධන අවසන්ව ඒවා ප්‍රධාන යානයෙන් මුදාහැරෙයි.

  • වේලාව 12.10

යානයේ බඩු ගෙනයන කොටස ආවරණය වී ඇති වැස්ම ඉවත් වෙයි. මේ හේතුවෙන් ගගාරීන්ගේ පාද අසල පිහිටි ජනේලයේ කන්නාඩිය නිරාවරණ්ය වෙයි. මෙයින් ගගාරීන්ට ඉවත නිරික්සිය හැකි වන අතරම "ප්‍රකාෂ දිශානති උපකරණය" ද ක්‍රියාත්මක වෙයි.

  • වේලාව 12.12

ගුවන් ගතවී විනාඩි 5යි. වොස්ටොක් 1 රොකට්ටුවේ මධය කොටසෙහි ඉන්ධන අවසන්. එය වොස්ටොක් 1 යානයෙන් හා අවසන් රොක්ට්ටු කොටසින් වෙන්ව පොළොවට පතිත වෙයි. අවසන් රොක්ට්ටු කොටස වොස්ටොක් 1 යානය කක්ෂය කරා තව දුරටත් ත්වරණය කරවයි.

  • වේලාව 12.13

රොකට්ටුව තවමත් දැල්වෙමින් යානය කක්ෂ්ය කරා ත්වරනය කරවයි. ගගාරීන් පාලක මැදිරිය අමතයි.."ගුවන් ගමන හොඳින් සිදුවෙනවා..මට පොළොව පේනවා...දර්ශනය පැහැදිලියි...මට හැමදේම වගේ පේනවා...කැටි වලාකුළු අතුරින් සමාන්ය ඉඩක් තියනවා..මම ගමන මෙහෙම කරගෙන යනවා...හැමදේම හොඳයි.."

  • වේලාව 12.14

රොකට්ටුව තවමත් දැල්වෙමින් තිබෙනවා,මධ්‍යම රුසියාව පසුකරගෙන යාමටයි දැන් සැරසෙන්නේ. ගගාරින් පාලක මැදිරිය අමතමින්;"හැමදේම හොඳින් වැඩ කරනවා. සියලුම පද්ධති වැඩ කරනවා. දිගටම ඔහොම යමු!

  • වේලාව 12.15

අවසන් රොකට්ටු කොටස විනඩි 3 දහනය වී අවසන්. ගගාරීන් පාලක මැදිරිය අමතයි. "සර්යා ..සර්යා ..මට ඔබව පැහදිලිව ඇහෙන්නේ නෑ. නමුත් මම ඉතා හොඳින්..මම ගමන හොඳින් ගමන යනවා...".වොස්ටොක් 1 , බ්යිකොනූර් ගගන තොටුපොළින් තවදුරටත් ඈතට ගමන් කරයි. ඔහු සර්යා-1(බ්යිකොනූර් ගගන තොටුපොළ-පාලක මැදිරිය ) වෙත වාර්තා කරයි, ඔහු පාලක මැදිරියේ, රේඩියෝ තරංග පරාසයෙන් ඉවතට ගමන් කරමින් සිටියි.

  • වේලාව 12.17

අවසන් රොකට්ටු කොටස දහනය වී අවසන් වෙයි. තත්පර 10 පසු(T+ 676S) වොස්ටොක් 1 යානය කක්ෂ ගත වෙයි. ගගාරීන් පාලක මැදිරිය අමතයි. "යානය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා...මට පොළොව පෙනෙනවා..සියලු දේ සැලසුම් කළ පරිදි සිදුවෙනවා". වොස්ටොක් 1 සෝවියට් සංගමය පසුකර සයිබීරියාවට ඉහළින් ගමන් කරයි.

  • වේලාව 12.21

වොස්ටොක් 1 කම්චට්කා අර්ධද්වීපය පසු කරමින් උතුරු පැසිෆික් සාගරය ඉහළින් ගමන් කරයි. ගගාරීන් පාලක මැදිරිය අමතයි. "පහළට බසින බව පෙන්වන බල්බ දැල්විලා..මා ඉතා හොඳින්...නියමු කුටියේ පරාමිති පීඩනය 1; ආර්ද්‍රතාව65යි; උෂ්නත්වය 20යි; යානයේ පීඩනය 1යි; වායුගෝල පළමු 155යි; වායුගෝල දෙ වන 155යි; ප්‍රතිදහන රොකට්ටුවල පීඩනය වායුගෝල 320යි ..."

  • වේලාව 12.25

වොස්ටොක් 1 කම්චට්කා අර්ධද්වීපය හා දකුණු ඇමරිකාවේ දකුණින්ම පිහිටි තුඩුව යාකරමින් පැසිෆික් සාගරය ඉහළින් වන විකර්ණීය ගමන් අරඹන අවස්ථාවේ ගගාරීන් පාලක මැදිරිය(හබරොව්ස්ක්) අමතමින් "ගුවන් ගමන ගැන ඔබට මට කුමක් කියන්ඩ පුලුවන් ද? මට මොනවා හරි කියන්ඩ පුලුවන් ද? " යැ යි විමසයි. ඔහු විමසන්නේ කක්ෂයේ පරාමිතීන් ගැන යි. " අංක 20 න්(සෙර්ගේයි කොරොල්යොව්) උපදෙස් කිසිවක් නෑ. ගමන හොඳින් සිදුවෙනවා" ලෙස පාලක මැදිරිය පිළිතුරු දෙයි. ඔවුන් ගගාරීන්ට පවසන්නේ කක්ෂ ගතවී විනාඩි 6 පමණක් ගතවී ඇති නිසා දැනට ඔවුන් සතුව එම පරමිති නොමැති බව සහ එසේ වුවත් යානය හොඳින් ක්‍රියකරමින් පවතින බව යි.

  • වේලාව 12.31

"මම ඉතා හොඳින්,මම ඉතා හොඳින්,මම ඉතා හොඳින්, මට ගමනේ විස්තර ටිකක් දෙන්න" ගගාරීන් පාලක මැදිරිය(හබරොව්ස්ක්) අමතමින් ඉල්ලයි. වොස්ටොක් 1 හබරොව්ස්ක්හි අති උච්ච සංඛ්‍යාත (VHF) තරංග පරාසයේ සීමාවට ලගාවෙමින් සිටියි. "නැවත කියන්න..ඔබව පැහැදිලිව ඇහෙන්නේ නෑ" යැයි පාලක මැදිරිය පවසයි. ගගාරීන් නැවත "මම හොඳින්, මට ගමනේ විස්තර ටිකක් දෙන්න" යැ යි දන්වන විටම වොස්ටොක් 1 හබරොව්ස්ක් පාලක මැදිරියේ අති උච්ච සංඛ්‍යාත තරංග පරාසය පසුකරයි.

  • වේලාව 12.37

උතුරු පැසිෆික් සාගරයට හිරු බසිමින් පවතිද්දී වොස්ටොක් 1 ගගාරින්ව රාත්‍රී කාලයට ගෙනයයි. ඒ හවායි දූපත් වලට වයඹ දෙසිනි. මෙවිට යානය පාලක මැදිරිවල අති උච්ච සංඛ්‍යාත පරාසයන් ගෙන් ඔබ්බේ වන නිසා ඇනහිටි සන්නිවේදනය උච්ච සංඛ්‍යාත (HF) යොදාගෙන දැන් ඇතිවිය යුතු යි.

  • වේලාව 12.46

හබරොව්ස්ක් පාලක මැදිරිය "KK" පණිවිඩය විදුලි පණිවිඩයක් ලෙස උච්ච සංඛ්‍යාත රේඩියොව භාවිතා කරමින් නිකුත් කරයි. මෙම පණිවිඩයේ තේරුම "ව්ධානයන් නිරීක්ෂණය වාර්ථා කරන්න." ඔවුන් ගගාරීන් ට නියොග කරන්නේ යානයේ ස්වයංක්‍රිය පහතට බැසීමේ පද්ධතියට පාලක මැදිරියෙන් එවූ උපදෙස් ලැබුණු විට ඒ බව දන්වන ලෙස යි. ගගාරීන් 12:48 ට එ බව වාර්ථා කරයි.

  • වේලාව 12.48

ගගාරීන් සහ යානය ගමන් දිශාව දැන් වැටී ඇත්තේ ගිනිකොන දෙසටයි(දකුණු පැසිෆික් සාගරය ඔස්සේය.මෙ මොහොතේ යානය සමකය හරහා ගමන් කරයි. ඒ දෙශාංශ 170 දීය. ගගාරීන් උච්ච සංඛ්‍යාත ඔස්සෙඔ රේඩියොවෙන් පාලක මැදිරිය අමතයි."මම සමාන්‍ය තත්ව වාර්ථාව එවනවා..පැය 9 විනාඩි 48 යි(මොස්කව් වේලාව ).ගුවන් ගමන හොඳින් සිදුවෙනවා.යානය හොඳින් ක්‍රියා කරනවා.නැවත පැමිණීම දක්වන මොනිටරයේ ජංගම දර්ශකය චලනය වෙනවා. නියමු කුටියේ පරාමිති පීඩනය වායුගෝල පීඩන 1; ආර්ද්‍රතාව 65යි; උෂ්ණත්වය 20යි; යානයෙ පීඩනය වායුගෝල පීඩන 1යි; වායුගෝල පීඩන පළමු 155යි; වායුගෝල පීඩන දෙවන 155යි; ප්‍රතිදහන රොකට්ටු වල පීඩනය වායුගෝල පීඩන 320යි ...මම හොඳින්"

  • වේලාව 12.49

තමන් පෘථිවියේ රාත්‍රී පැත්තට ආ බව ගගාරීන් පාලක මැදිරියට දන්වයි.

  • වේලාව 12.51

සූර්ය ගවේශී උන්නතංශ පාලක පද්ධතිය ක්‍රියාත්මක වු බව ගගාරීන් පාලක මැදිරියට දන්වයි. යානය ප්‍රතිදහනය සඳහා දිශානති කිරීමට එම පද්ධතිය උපයොගී කරගනී. ස්වයංක්‍රිය දිශානති පද්ධතිය අතිරික්ත පද්ධති 2කින් සමන්විතයි. එකක් ස්වයංක්‍රිය/සූර්ය දිශානති පද්ධතිය අනෙක අතින් කරන/දෘශ්‍ය දිශානති පද්ධතිය යි. මෙ දෙකට ම අතිරික්ත පද්ධති 2කින් සමන්විත අධිශීත නයිට්‍රජන් තෙරපුම් පද්ධතිය ක්‍රියත්මක කළ හැකි යි. ඒවා එකිනෙකක් නයිට්‍රජන් වායු 10kg ක් (රාත්තල් 22ක්) බැගින් සමන්විත යි.

  • වේලාව 12.53

හබරොව්ස්ක් පාලක මැදිරිය මේ පණිවිඩය උච්ච සංඛ්‍යාත රේඩියොව භාවිතා කරමින් නිකුත් කරයි. "අංක 33නේ(ජෙනරාල් නිකොලායි කමනින් ) නියොග අනුව සම්ප්‍රේෂක ක්‍රියාත්මක කර අපි මෙම පනිවිඩය සම්ප්‍රේෂනය කරනවා: ගුවන් ගමන සැලසුම් කල පරිදි සිදුවෙන අතර ගනනය කළ කක්ෂය ලබාගෙන තිබෙනවා". ඔවුන් ගගාරීන්ට පවසන්නේ වොස්ටොක් 1 ස්ථාවර කක්ෂයක් ලබාගෙන ඇති බවයි. ගගාරීන් පණිවිඩය ලැබුණ බව ස්ථිර කරයි.

  • වේලාව 12.57

වොස්ටොක් 1 දකුණු පැසිෆික් සාගරයට ඉහළින් නවසීලන්තය හා චිලී අතර දී ගගාරීන් මෙම පණිවිඩය නිකුත් කරයි. "මම ගුවන් ගමන කරගෙන යනවා..මම ඇමරිකාවට ඉහළින් ඉන්නේ.. මා විදුලි ලිපි(telegraph) සංඥා ක්‍රියාත්මක කල බව සම්ප්‍රේෂණය කළා"

  • වේලාව 01.00

වොස්ටොක් 1 දකුණු ඇමරිකාවේ පහළ කෙළවරින් මැගලන් සමුද්‍ර සන්ධිය පසුකරන අතරතුර වොස්ටොක් 1 මෙහෙයුම ගැන මොස්කව් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙයි.

  • වේලාව 01.04

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි. එය 12.48ට එවන ලද එකට සමානයි. නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

  • වේලාව 01.09

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි. නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

  • වේලාව 01.10

දකුණු අත්ලන්තික් සාගරය හරහා යානය හිරු උදාව දෙසට ගමන් කරයි. යානයට නැවත දිවා ආලෝකය ලැබෙයි. තව විනාඩි 15 කින් ප්‍රතිදහනය ආරම්භ විය යුතුයි.

  • වේලාව 01.13

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි. එය 12.48ට එවන ලද එකට සමාන යි. මොස්කව් වලට පණිවිඩයේ කොටසක් පමණක් " මට ඔබ හොඳින් ඇහෙනවා..යානය ගමන්........"ලැබේ.

  • වේලාව 01.18

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි. නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

  • වේලාව 01.23

ගගාරින් ගුවන් යානයේ තත්ව වාර්තාව දන්වයි. නමුත් එය පාලක මැදිරියට ලබාගැනීමට නොහැකි වෙයි.

  • වේලාව 01.25

වොස්ටොක් 1 , ප්‍රතිදහනය සිදුවිය යුතු උසට පැමිණ ඇත. අප්‍රිකාවේ බටහිර වෙරළේ ඇන්ගෝලාවට ඉහළ දී ප්‍රතිදහනය ඇරැඹී තත්පර 42 තුළ අවසන් වේ. මෙය සොවියට් දේශයේ සැලසුම් කරන ලද ගොඩබසින ස්ථානයට කි.මි 8000 දුරිනි.

  • වේලාව 01.25 සිට 01.35 දක්වා

ප්‍රතිදහනයට තත්පර 10 පසු වොස්ටොක් 1 හි සේවා මොඩියුලය නැවත පැමිණීමේ මොඩියුලයෙන් වෙන්කිරීමට ස්ව්යංක්‍රීය නියොග නිකුත් කරයි. නමුත් වයර් හනස්සක කොටසක් වෙන් නොවී , මෙ කොටස් දෙක තවත් මිනිත්තු 10 ක් අනවශ්‍ය ලෙස සම්බන්ධ ව පවතී. යානය බටහිර අප්‍රිකානු වෙරළ පසුකරමින් ඊජිප්තුව දෙසට ගමන් කරයි.

  • වේලාව 01.35

යානය ඊජිපතුවට ඉහළ අභ්‍යාවකාශයේ දී එකිනෙකට සම්බන්ධ වූ කොටස් 2ක් ලෙස දරුණු විභ්‍රමණ සමගින් ආපසු වායුගෝලයට ඇතුල්වීම අරඹයි. අවසානයේ දී, වයර් හනස්ස පිච්චි අළුවී ගොස් නැවත පැමිණීමේ මොඩියුලය නිදහස් වෙයි. දරුණු විභ්‍රමණ සිදුවෙමින් පැවතියත් ගගරීන්, "ඔක්කොම හරි " කියා පාලක මැදිරියට දන්වයි. එයට හේතු වශයෙන් , " මට කට්ටිය බය කරන්ඩ ඕනි වුණේ නෑ " යැ යි පසු ව පවසා තිබිණි. හේතු වශයෙන්, ඔහු ( නිවැරදිව ) සඳහන් කළේ, විභ්‍රමණ නිසා මෙහෙයුමට අනතුරුදයක තත්වයක් උදා නොවූ බව යි (විභ්‍රමණ වලට හේතු වන්නට ඇත්තේ, නැවත පැමිණීමේ මොඩියුලයේ ගෝලීය හැඩය යි.).

  • වේලාව 01.35 සිට 01.55 දක්වා

නැවත පැමිනීම ඊජිප්තුවට ඉහළින් හා මධ්‍යධරණී මුහුදට ඉහළින් එහායින්, ස්යිප්‍රස් රටේ බටහිර වෙරළට කිට්ටුවෙන් සහ මධ්‍යම තුර්කිය ඔස්සේ සිදුවෙයි. වොස්ටොක් 1 තවදුරටත් පහළට ගමන් කරමින් කලු මුහුදු වෙරළේ ක්‍රස්නොදර් අසලින් නැවත සොවියට් සංගමයට ඇතුල්වෙයි. ගගාරීන් මේ වෙලාවේ දී 8G ( තමාගේ බරමෙන් 8 ගුනයක් - ගුරුත්ව 8 ) , තරම් ගුරුත්ව බලයකට මුහුණ දෙයි ( නමුත් ඔහුගේ ම වාර්තා - ගුරුත්ව 10 වාර්තා කර ඇත) . නමුත්, ඔහු සිහිසුන් වන්නේ නැත.

  • වේලාව 01.55

වොස්ටොක් 1 තවමත්, පොළොවට කි.මි. 7 ඉහළිනි. පියන විවර ව තත්පර 2 පසු ගගාරීන් යානයෙන් මුදාහැරෙයි. කි.මී. 2.5 ඉහළ දී( අඩි 8200 ) , වොස්ටොක් 1 හි ප්‍රධාන පැරෂුට ක්‍රියත්මක වෙයි. 1.55 ට යානය පොළොවට පතිත වෙයි. පාසල් සිසුවියෝ දෙ දෙනෙක් වොස්ටොක් 1 නැවත පැමිණීම දකිති. "ඒක ලොකූ බෝලයක්..මීටර් 2-3 උස ඇති. එක වැටුණා..පස්සේ බම්ප් වුණා..අයෙත් වැටුණා...එක මුලින් ම පොළොවේ වැදුණ තැන ලොකු වලක් හැදුණා...."

  • වේලාව 02.05

ගගාරීන් ගේ පැරෂුටය වොස්ටොක් 1 යානයේ පැරෂුටයට වඩා සෑහෙන ඉහළ උසක දී විවෘත වුණ නිසා (කි.මි 7 සහ කි.මි 2.5 ), ඔහු පොළොවට ලඟා වන්නේ යානයට විනාඩි 10 පමණ පසුව යි. ඔහු සහ යානය පැරෂුට මඟින් සෝවියට් සංගමයේ , එන්ගෙල්ස් පළාතේ කි.මී. 26 ක් නිරිතදිග කොටසේ පිහිටි සරතොව් ප්‍රදේශයට ගොඩබසින ලදී( 51°16′49″N 45°58′36″E / 51.280383°N 45.976740°E / 51.280383; 45.976740 ). ප්‍රදේශයේ ගොවියෙක්‌ සහ ඔහු ගේ දුව මේ අරුම පුදුම තද තැඹිලි පාට ඇඳුමක් සහ විශාල සුදු හෙල්මට්ටුවක් පැලැඳැගත් පුද්ගලයා පැරෂුටයක් මඟින් පොළොවට බසින අයුරු බලාසිටිති. ගගාරීන් පසුව ඒ ගැන විස්තර කරයි, "අභ්‍යාවකාශ ඇඳුමත් එක්ක, ඒ එක්කම පැරෂුටය මා ඇවිදිද්දී පස්සෙන් ඇදි ඇදී එනහැටි දැක්කම එයාලා බයේ දුවන්න ලෑස්ති වුණා..මම කිව්වා..." බය වෙන්න එපා...මමත් ඔයාලා වගේ ම සෝවියට් පුරවැසියෙක්, මම අභ්‍යාවකාශයේ ඉඳන් බැස්සේ..මට තෙලබණුවක් (ටෙලිෆෝන් එකක්) හොයගන්න ඕනි මොස්කව් වලට කථා කරන්න".

මූලාශ්‍ර

  1. "Aviation and Space World Records". Fédération Aéronautique Internationale (FAI). සම්ප්‍රවේශය 2009-03-12.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වොස්ටොක් 1 පිළිබඳ තොරතුරු, වොස්ටොක් 1 යනු කුමක්ද? වොස්ටොක් 1 යනු කුමක් දර්ශනය කරන්නේ?