රාහු සහ කේතු

රාහු සහ කේතු(Lunar node) සෙවනැලි ග්‍රහයෝ ය. එනම් මෙම ග්‍රහයෝ ඇත්තවශයෙන්ම ස්කන්ධයක් ලෙස පවතින්නෝ නොවෙති.

රාහු සහ කේතු යනු පිළිවෙලින් සර්පයෙකුගේ හිස සහ වලිගය බවට මතයක් ඇත. තවද රාහු සහ කේතු යනු අමෘතය පානය කරන ලද අසුරයෙකු වෙන් කරන ලද හිස සහ කඳ බවටද මතයක් ඇත. රාහු ලෞකික දීයුණුවද කේතු ලෝකෝත්තර දියුණුවද නිවේදනය කරයි.

ගණනය

සූර්යා, සඳු ඇතුලු සියළු ග්‍රහයන් පෘථිවිය වටා සාපේක්ෂව ඉලිප්සා කාර පථයක ගමන් කරයි. එසේ කමන් කිරීමේද පෘථිවියේ සමකය හා ඇති කරන ඇලයට ක්‍රාන්තිය යැයි කියනු ලැබේ. සඳු මගින් ඇති කරනු ලබන ක්‍රාන්තිය සමකය හා එකිනෙක කැපෙන ස්ථාන සඳහා රාහු සහ කේතු යන නම යෙදේ. සඳු සමකයෙන් උතුරට ගමන් කරන්න විට හමුවන ලක්ෂයට රාහු යන නාමයද දකුණට ගමන් කරන විට හමුවන ලක්ෂයට කේතු යන නමද යොදයි. මේ ලක්ෂ දෙක අතර සෑම විටම අංශක 180ක පරතරයක් ඇත.

තත්‍ය රාහු හා‍ කේතු(mean nodes) සහ සත්‍ය රාහු හා‍ කේතු(true nodes)

ගණනය කරන ක්‍රමවේදයේ සුළු වෙනස් කමක් නිසා මෙම රාහු සහ කේතු තත්‍ය සහ සත්‍ය රාහු‍ කේතු ලෙස විශේෂීකරණය වේ.

තත්‍ය රාහු හා‍ කේතු(mean nodes)

රාහු සහ කේතු ග්‍රහයන් එකාකාරී වෙගයෙන් සාමාන්‍ය ග්‍රහයන් භ්‍රමණය වන අතට විරුද්ධ අතට භ්‍රරමණය වෙන බව(වක්‍රව-retrograde) සලකා රාහු කේතු ගණනය කල විට තත්ය රාහු සහ තත්ය කේත යන නාම යෙදේ.

සත්‍ය රාහු හා‍ කේතු(true nodes)

පෘතුවියේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් සඳ‍හි ගමන් මගේ වන වෙනස් කම් නිසා කක්ෂයේ සිදුවන වෙනස හේතුකොට රාහු සහ කේතු ‍විටක ඉදිරියටත් තවත් විටක පසුප සටත් ගමන් කරන ලෙස සලකා රාහුකේතු ගණනය කල විට සත්‍ය රාහු සහ සත්‍ය කේත යන නාම යෙදේ.

සත්‍ය රාහු හෝ ‍තත්‍ය රාහු ‍හෝ වේවා මෙහි වෙනස ඉතා සුලු අගයක් නිසා මෙහි බල පෑම අවමය. කෙසේ වුවද වේදීය ජ්‍යොතිෂ මූලිකම ග්‍රන්තය වෂයෙන් සැලැකෙන බ්‍රිහත් පරාෂර හෝරා වේ ඇති පරිදි රාහු සහ කේතු යන ග්‍රහයන් කිසිවිට සෘජු ගමනේ නොයයි.

බාහිර සඹැඳුම්

Nodes සංරක්ෂණය කළ පිටපත 2008-01-14 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාහු සහ කේතු පිළිබඳ තොරතුරු, රාහු සහ කේතු යනු කුමක්ද? රාහු සහ කේතු යනු කුමක් දර්ශනය කරන්නේ?