රේගු ඉතිහාසය
මිනිසා ශිෂ්ටාචාරගත වු අවධියේ සිටම මේ රේගු වෘත්තිය පැවති ඇත[තහවුරු කර නොමැත].අතීතයේදී දේශ දේශාන්තරයන්හි සැරි සැරූ වෙළෙන්දන් ඒ ඒ රටවල රාජ්‍ය නායකයාට ත්‍යාගයක් පිරිනැමීම සම්ප්‍රදායක්ව පැවතිණ. ඒ සම්ප්‍රදායේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් රේගුව ආරම්භ වු බව කියැවේ. ක්‍රි:පු:2700-2200 කාලයේදි පුරාණ ඊජිප්තුවේ රේගු වෘත්තිය පැවති බවට සාධක හමු වී ඇත.
එමෙන්ම සිරියානු කාන්තාරයේ පැල්මයිරාහි ඔසිස් නගරයෙන් රේගු වෘත්තිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.ක්‍රි:ව:136 දී ඔවුන් විසින් සොයා ගැනුණු තීරු ගාස්තු නාමාවලිය වර්තමානය දක්වාම වර්ධනය වී ඇති බව දක්නට ලැබේ. එය අද ඇති පැල්මයිරා තීරු ගාස්තු නාමාවලියේ ආරම්භය සේ සැලකේ.ක්‍රි:පු:11 වෙනි සියවසේ සිට 07 වෙනි සියවස අතර කාලයේදි සී ෂොන් රජ පෙළපත විසින් රේගු කටයුතු පවත්වාගෙන ගිය බවට සාක්‍ෂි චීනයෙන් හමු වේ.
රේගුව යන්නෙහි අර්ථය
රේගු යනු පෘතුග්‍රීසි වචනයක් වන අතර එහි අර්ථය වන්නේ නැව් තොටෙහි බදු අය කරන තැන යන්නයි. එමෙන්ම අතීතයේදී සුංගම්, සුංඝඝාත,සුංකම හෝ සුංවත යනුවෙන් ද රේගුව හදුන්වා ඇත.බදු අය කිරීම බුවනෙකබාහු රජුගේ කාලයේ හදුන්වා ඇත්තේ කරවුවර ලෙසයි. ලන්දේසි යුගයේදි රේගු බද්ද අල්ෆන්ඩිගෝ ලෙස හදුන්වා ඇති අතර ඉංග්‍රිසි භාෂාවෙන් කස්ටමස් ලෙස හදුන්වයි.
- ජාත්‍යන්තර රේගු දිනය:ජනවාරි 26 වෙනිදා
- රේගු මූලස්ථානය:බෙල්ජියමේ බ්‍රසල්ස්වල
- සාමාජික රටවල් ගණන:124
පිංතූර ගැලරිය
- අපනයනය හෝ ආනයනය තහනම් ශාක
- අපනයනය හෝ ආනයනය තහනම් ශාක
- අපනයනය හෝ ආනයනය තහනම් සතුන්
- අපනයනය හෝ ආනයනය තහනම් භාණ්ඩ
- රේගු පරීක්ෂණ කටයුතු කරන අවස්ථාවක්
මේවාද බලන්න
බාහිර සබැදි
- U.S.Customs and Border Protection
- Rules of origin
- Passanger's Baggage සංරක්ෂණය කළ පිටපත 2008-03-29 at the Wayback Machine
- Customs
- Customs Officers' Union සංරක්ෂණය කළ පිටපත 2013-05-07 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රේගුව පිළිබඳ තොරතුරු, රේගුව යනු කුමක්ද? රේගුව යනු කුමක් දර්ශනය කරන්නේ?