වැසි සමය

බොහෝ දේශගුණික කලාප වලට සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය පතිත වන සමය වැසි සමය, මෝසම් සමය හෝ වර්ෂා සහිත සමය ලෙස හැදින්වේ.මෙම සමය සමාන්‍යයෙන් මාසයක් හෝ මාස කිහිපයක් පුරාවට පවතී.සංචාරක අධිකාරීන් විසින් හරිත සමය ලෙසද එය හදුන්වනු ලැබේ.නිවර්තන සහ උපනිවර්තන කලාප හරහා මෙම වර්ෂා සහිත කලාප විසිරී විහිදී පවතී.kroppen දේශගුණික වර්ගීකරණය යටතේ අර්ථ දක්වා ඇති පරිදි නිවර්තන දේශගුණික කලාප සදහා සාමන්‍ය වර්ෂාපතනය මි.මි 60 ක් වන මාසයක්, වර්ෂා සහිත මාසයක් ලෙස හැදින්වේ.වෙනත් ආකාරයකින් නම් සැවානා දේශගුණික කලාප සහ මෝසම් කලාප, මධ්‍යධරණී දේශගුණික කලාප වල තෙත් ශීත ඍතුවක් සහ වියළි ගිම්හාන ඍතුවක් පවතී.නිවර්තන වර්ෂා වනාන්තර වල සාමාන්‍යව විහිදී පවත්නා වර්ෂාපතනයක් සහිත නිසා, එවායේ විශේෂ වියළි සමයක් හෝ තෙත් සමයක් නොපවතී.උෂ්ණ සමය මැද දී වර්ෂාපතනයේ පැවතීමත් දැකිය හැක.

උෂ්ණ ඍතුවේදි හෝ ගිම්හාන ඍතුවේදි වැසි පවතින විට උදෑසන අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ප්‍රධාන වශයෙන්ම වැසි පතිත වීම සිදුවේ.වර්ෂා කාලයේදී වාතයේ ගුණාත්මක බව වැඩි දියුණු වීම,ජලයේ ගුණාත්මක බව වැඩි වීම සහ ගහකොල සාරවත් ලෙස වැඩීමක් සිදු වන අතර වර්ෂා සමය අවසන් වන විට ඉහල බෝග අස්වැන්නක් ලැබීමද සිදුවේ.අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීමක්, සමහර සතුන් උස් බිම් වලට පසු බැසීමක්, සිදුවන අතර මේ සමය තුලදී පාංශු සාරවත් හීනවීම සහ පාංශු ඛාදනයද සුලභව දැකිය හැක.වැසි සමය සහ ඉහල උෂ්ණත්වය එකට පවත්නා ප්‍රදේශ වල මැලේරියා රෝගී තත්වයද ව්‍යාප්ත වේ.අධික වර්ෂාපතනය සදහා සතුන් අනුවර්තනය වන අතර ඔවුන් විශේෂ යැපීමේ උපක්‍රම ඒ සදහා භාවිතා කරයි.

වර්ෂාපතනයේ ලක්ෂණ

අධික වර්ෂාව පවතින ප්‍රදේශවල සුළඟේ වෙනස්වීම මෝසම ලෙස හඳුන්වයි.ශීත ඍතුවේ වර්ෂාව පෙරවරුවේ සිදුවන බැවින් එහි උණුසුම අකුණු ස්භාවයක් ඇති කරයි.සැවානා සහ මෝසම් ප්‍රදේශයන්හි වර්ෂාව මධ්‍යහ්නයේදි හෝ සවස් භාගයේදි සිදුවෙයි.එදිනෙදා වර්ෂාපතනයේ මුලු එකතුව, සුළඟේ වේගය අනුව වැසි ඇදහැලීමේ මුල් විනාඩි කිහිපයේදී අඩුය.බොහෝ ස්ථානවල එක් ශීත ඍතුවක් ඇති අතර,මෝසම් ඝර්ම කලාපීය ප්‍රදේශවල ශීත ඍතු දෙකකි.මෝසම් අඩුපීඩන පටිය හෝ අන්තර් ඝර්ම කලාපීය අභිසාරි කලාප දිනකට දෙවතාවක් පසුකර යා හැකිය. වැසි වනාන්තරවල වසර පුරාම සමානුපාතික වර්ෂාවක් පවතී.මධ්‍යධරණී දේශගුණික කලාපවල මෙය වෙනස් ස්වරූපයක් ගනී.

සැප්තැම්බර් සිට මැයි දක්වා උතුරු ඇමරිකාව,ශීත ඍතුවේදි ඝර්ම කලාපයෙන් බැහැර සුළිසුළං පැසිපික් සාගරය දෙසින් රට තුළට හමා එනු ලබන්නේ දකුණු දිශාගත සංක්‍රමණ වේගී සුළං ධාරව හේතුවෙනි.මේ නිරික්ෂන්යට අනුව ඉතාලි අර්ධද්වීපය තුළ ද බටහිර ඇමෙරිකාවට සමාන දේශගුණයක් පවතී.


බලපානු ලබන ප්‍රදේශ

සැවානා දේශගුණය පවතින උප සහරා ප්‍රදේශ වන ඝානා, බර්කිනා ෆාසෝ, ඩාර්ෆර්, ඉරිට්‍රියා, ඉතියෝපියාව සහ බොට්ස්වානා හී කැපී පෙනෙන වර්ෂා ඍතුවක් ඇත. එමෙන්ම සැවානා කාලගුණ ප්‍රදේශ වන ෆ්ලොරිඩා සහ වලද නැගෙනහිර ටෙක්සාස් වර්ෂා ඍතුවක් පවතී. මෝසම් ප්‍රදේශවලට ඇතුළත්වන ගිණිකොන ආසියාව ( ඉන්දුනීසියාව සහ පිලිපීනය ඇතුළත්ව) ඕස්ට්‍රේලියාව උතුරු කොටස් වන පොලිනීසියා, මධ්‍යම ඇමරිකාව,බටහිර හා දකුණු මෙක්සිකෝව,එංගලන්තයට නිරිත දෙසින් පිහිටි කාන්තාර,දකුණු ගුයානා සහ බ්‍රසීලයේ ඊසාන ප්‍රදේශයන්ය.

උතුරු ගුයානා හී තෙත් ඍතු දෙකක් පවතී.එක් ශීත ඍතුවක් සරත් ඍතුවේද අනෙක ශීත ඍතුවේ මුල් භාගයේ ද වේ.බටහිර අප්‍රිකාවේ උතුරු සහ දකුණු ප්‍රදේශ හරහා එකක් වැසි කාල දෙකක් පවතී. මධ්‍යධරණී දේශගුණික කලාප තුළ ඇමරිකා බටහිර වෙරළේ සහ ඉතාලියේ මධ්‍යධරණී වෙරළේ,ග්‍රීසිය සහ තුර්කිය හී ශීත ඍතුව ශීත මාසයේදි පවති.එමෙන්ම ඔක්තෝම්බර් සිට මැයි කාලවලදී නේගෙව් කාන්තාරය තුළද තෙත් සමය පැතිර පවතී.මධ්‍යධරණී සහ මෝසම් කලාපයේ මායිම් අතර පිහිටි සොනාරන් කාන්තාරය සෑම ප්‍රදේශයක්ම සම්බන්ධව වැසි කාල දෙකක් ලබයි.

ලෝකය පුරා ශීත ඍතුව විවිධ වූ වෙනස් දේශීය නම් වලින් හදුන්වනු ලබයි.උදාහරණයක් ලෙස මෙක්සිකෝවේ ශීත ඍතුව කුනා‍ටු ඍතුව ලෙස හදුන්වයි.ලෝකයේ අනෙකුත් ඝර්ම කලාපීය ස්ථාන,ශීත ඍතුව පවතින වර්ෂයේ කාලය ඔවුන් වාසය කරන ප්‍රදේශවලට අනුව දේශිය නමින් හදුන්වයි.මේ පිළිබදව ඉතා තර්කානුකූල විශිෂ්ඨ උදාහරණය වනුයේ උතුරු ඕස්ට්‍රේලියාවේ ආදිවාසී ගෝත්‍ර විසින් ඍතු සඳහා දෙන ලද විවිධ කෙටි නම් ලයිස්තුවේ හමුවෙයි.දෙසැම්බර් සිට මාර්තු දක්වා ශීත කාලය සඳහා දෙන ලද සංකේතමය නාමය, දෙන ලද විවිධ වූ ආදිවාසි ග්‍රෝත්‍ර වාසය කරන කොට්ඨාශය වනුයේ ගුඩ්ජේව් ය.මෙම වචනයේ අර්ථය පුලුල් ලෙස භාරගත්තද එය තර්ක කිරිම සාධාරන වනුයේ මෙම කාලයේ පවතින තදබල අකුනු ගැසිම්, ගංවතුර සහ විපුල අස්වැන්න නිසාය.

ප්‍රතිවිපාක

ඝර්ම කලාපීය ප්‍රදේශවල මෝසම් ලබන විට දහවල වැඩි උෂ්ණත්වය අවම වී දෙසතියකින් අඩු උෂ්ණත්වය වැඩි වේ.වැසි කාලයේ දැඩි වර්ෂාපතනයක් සහ හොංකොං වැනි සමහර ප්‍රදේශවල ඈත මුහුදේ සුළඟ පැහැදිලි ලෙස වැඩි වේ.බ්‍රසීලයේ වැසි කාලය ඈත සාගරයේ දුර්වල වෙලඳ සුළඟ සහසම්බන්ධ වේ.වැසි කාලයේදී ජලයෙහි PH අගය දේශීය ජලධරය නිසා සමබරව පවතී.වැසි කාලයේදී ජලයේ දියවෙන ද්‍රව්‍ය අඩුවන බැවින් ජලය මෘදු වේ.වැසි කාලයේදී පාංශු ඛාදනය වැඩි වේ.ශුෂ්ක ප්‍රදේශවල ගැඹුරු ඇළ, නියං කාලයේදි හිඳි ගියද වැසි කාලයේ ගලායන ජලය තුළින් 10% පමණ ගැඹුරට පිරී යයි(3.0m).දැඩි වර්ෂාවෙන් කාන්දු වන පස් නිසා පසෙහි පෝෂනය අඩු වේ.පිටාර ගලන පස් ස්තරය සාගරයේ තැන්පත්ව මතුපිට ජලයේ රළ තරංගයෙහි බලයෙන් පිටාර ගලයි.

ගංවතුර

වර්ෂාව අධික වුවහොත් පුලුල් ලෙස ගංවතුර ඇති වී කඳුකරයේ නායයෑම් සහ මඩ ගලායෑම් සිදුවේ.එමඟින් ගංඉවුරු කැඩී නිවාස ගංවතුරට යට වේ.ගත වු වියලි කාලයේ ඇති වු ලැව්ගිනි හේතුවෙන් ගංවතුර තත්වය උග්‍ර වනුයේ ඍජුවම පොළොව මත පතිත වන ජලය තුළින් පස් සෝදා ගොස් ගංඟා මත තැන්පත් වීමෙන් සෑදෙන රොන්මඩ හේතුවෙන් ජලය පිරිමට ඇති ඉඩකඩ ඇහීරිමයි.රජය විසින් මෙහි වාසය කරන්නන්ට ශීත කාලයේදි මුහුණදිමට සිදුවන ප්‍රශ්න සඳහා පිළියම් ලබා දෙයි.ගංවතුර උවදුරු ඇතිවන ප්‍රදේශ සහ ඊට කළයුතු පිළියම් දුරකථනය හෝ අන්තර්ජාලය තුළින්, උපදෙස් දීම සිදුකරයි.

ජීවයේ අනුවර්තනය

මිනිසා

සැවානා ප්‍රදේශයේ ප්‍රධානතම වගාවන් සිදුවන්නේ ශීත කාලයේදීය.අස්වැන්න පැසීගෙන එන මෙම කාලය ආහාර හිඟවන කාලයයි.සංවර්ධනය වන රටවල මිනිසාටද එම ප්‍රශ්නය බලපානු ලබයි.අස්වනු නෙලීමත් සමඟම එම ප්‍රශ්නය විසදෙයි.තදබල වර්ෂාපතනයක් සහ දැඩි උෂ්ණත්වය හේතුවෙන් මැලේරියාව පැතිරෙයි.

සතුන්

ශීත කාලය ආරම්භයේදි එළදෙනුන් පැටව් බිහිකරයි.මොනාච් සමනළයන් වර්ගය මෙක්සිකෝ ප්‍රදේශයෙන් පිටවන අතර ඝර්ම කලාපීය සමනළයින් තම ත‍ටුවල පැහැදිලි තිත් උපයෝගී කරගනිමින් මතුවන පාරිසරික ගැටලු ජයගනිමින් වියළි කාලයට වඩා වැඩි කාර්යශුර බවක් ශීත කාලයෙදී පෙන්නුම් කරයි.ඝර්ම කලාපය සහ උණුසුම් කලාපය අතර උප ඝර්ම කලාපීය ප්‍රදේශවල ලවණීකරණය අවම කරවමින් කිඹුල් වාසයට වඩා වැඩි ඉඩක් ලබාදෙයි.ඍතුමය වර්ෂාවෙන් පසු මාස දෙකක කාලය තුල ගැඹුරු ඇළවල ඇරෝයි මැඬියන් බිත්තර දමයි.ගැරඬි සහ කැබැල්ලාවන් උස් භුමිවල දක්නට ලැබේ.


අමතරව බලන්න

විමසුම්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වැසි සමය පිළිබඳ තොරතුරු, වැසි සමය යනු කුමක්ද? වැසි සමය යනු කුමක් දර්ශනය කරන්නේ?