වේල්ස් කුමර විදුහල

(මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)

වේල්ස් කුමර විදුහල ශ්‍රී ලංකාවේ පාසලකි. වේල්ස් කුමර විදුහල පිහිටා තිබෙනුයේ කොළඹට ආසන්න නගරයක් වන මොරටුව නගරයෙහිය. වර්තමානයේ (2024 වසරේ) පළමු වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා වූ අධ්‍යන වර්ෂ 11 තුල සහ ද්විතික අධ්‍යාපන ක්ෂේත්‍රයන් වන ජීව විද්‍යාව, වාණිජ්‍ය, තාක්ෂණ ,ගණිතය සහ කලා අංශ තුල 5000කට අධික ශිෂ්‍යයන් (පිරිමි) අධ්‍යාපනය හදාරනු ලැබේ.

වේල්ස් කුමර විදුහල
ස්ථානය

ඛණ්ඩාංක6°55′30″N 79°52′09″E / 6.92500°N 79.86917°E / 6.92500; 79.86917
තොරතුරු
වර්ගයපොදූ පාසල්
ආදර්ශ පාඨයICH DIEN, NIHIL PER SALTUM
(Not at a leap, I serve
පියවරෙන් පියවර, මම සේවය කරමි)
ආරම්භ කලේ1876
ආදිකර්තෘසර් චාල්ස් හෙන්රි ද සොයිසා මහතා
විදුහල්පතිහසිත කේසර වෙත්තමුණි
ශ්‍රේණිශ්‍රේණි 1 - 13
බාලක/බාලිකාපිරිමි
Age6 to 18
සිසුන් ගණන5000+
වර්ණ(ය)දම් රන් රතු
වෙබ් අඩවියPrinceOfWalesCollege.org

ඉතිහාසය

ආරම්භය

වේල්ස් කුමර විදුහල (සහ වේල්ස් කුමරි විදුහල) 1876දී මහජන හිතෛෂියකු වන සර් චාල්ස් හෙන්රි ද සොයිසා විසින් ප්‍රතිස්ථාපිත කරන ලදි. මොරටුව නගරය හැඩගන් වී තිබෙන ඉහල සාක්ෂරතාව සහ විවිධ හැකියාවලින් පිරිපුන් පුද්ගලයන් බිහිවිමට සර් චාල්ස් හෙන්රි ද සොයිසා මහතා විසින් සිදුකරන ලද මෙම අධ්‍යාපන, ආගමික සභසාධන සහ අනෙකුත් කටයතු වලින් මහත් දායකත්වයක් ලැබි ඇත.

ශ්‍රී ලංකා‍වේ අධ්‍යාපන රටාව ගොඩනැගි තිබුනේ පන්සල් ආශ්රිතතව වු අතර ඉංග්‍රීසි අධිරාජ්‍යයට රට නතු වීමත් සමග මෙය බිද වැටුනි. කොළඹ, මහනුවර, ගාල්ල, මාතර ආශ්රිජතව අධ්යාිපන පුනරුදයක් 19වන සියවස අගභාගයේදි ඇති වුවත් මොරටුව තුල මෙවැනි පසුබිමක් දක්නට නොවීය. මෙම වපසරිය හොදින් හදුනාගත් චාර්ල්ස් හෙන්ද්රිග ද සොයිසා මැතිතුමා මොරටුවේ මෙම අවශ්ය තාවය පුරවාලීමට වේල්ස් කුමර සහ වේල්ස් කුමරි විදුහල් ආරම්භ කිරීම‍ට මුල්විය‍.

1876 සැප්තැම්බර් 14 දින මෙම පසුබිම තුල මොරටුවට ඉතා සුවිශේෂි දිනයක් උදාවිය. එදින මුලු මොරටුවම සැණකෙලි සිරිගෙන තිබුනි. එක් පසෙකින් ගාලු පාර ද අනෙක් පසින් ලුනාව කලපුවට මාවිම් වු අධ්යාතපන කටයුතු සදහා යොග්යක වු අක්කර 15ක මනරම් භූමියක පාසල පිහිටුවන්නට කටයුතු සුදානම් විය. එවකට ඉංග්‍රීසි අධිරා‍ජ්යව නියෝජනය කල ආන්ඩුාකාරයා වු සර් විලියම් ග්රේයගරි මැතිතුමාගේ සුරතින් මුල් ගල තබා පාසලේ කටයුතු අරඹන ලදි.

ආරම්භක වකවානුවේදි පාසැල් 4 ක් පිහි‍ටවනු ලැබිය. එනම්,

  • වේල්ස් කුමර විදුහල - මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුවිය. මෙය උසස් පාසල විය. මෙය‍ට අමතරව උපාධි අපේක්ෂකයින් සදහාද පංති පැවැත්විය.
  • වේල්ස් කුමරි විදුහල - මෙහි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් සිදුවිය. මෙය උසස් පාසල විය
  • වේල්ස් කුමර ස්වභාෂා විදුහල - මෙහි සිංහල භාෂාවෙන් පංති පැවැත්වීය. හත්වන ‍ශ්‍රේණිය දක්වා පංති පවත්වන ලදි.
  • වේල්ස් කුමරි ස්වභාෂා විදුහල - මෙහි සිංහල භාෂාවෙන් පංති පැවැත්වීය. හත්වන ශ්‍රේණිය දක්වා පංති පවත්වන ලදි.

විදුහල‍ට ඇතුලත් වු මුල්ම ශිෂ්‍යා වු‍යේ වනක්කු වඩුගේ හෙන්ඩ්‍රික් මෙන්ඩිස් ශිෂ්‍යායි. පාසලේ මුල්ම ප්‍රධානාචාර්ය වරයා වු‍යේ ඩබ්ලිව්.එස්. ගුණවර්ධන මහතායි. එතුමා 1876 සිට 1891 දක්වා පාසලේ දියුණුවට අනගි සේවයක් කලේය. ආරම්භයේදි පාසලේ ගුරුභවතුන් 40 ක් සේවය කල අතර එයින් 25 පිරිමි ගුරුවර‍යෙක් විය.

රජයට පවරාදීම

දශක ගණනාවක් සහය පාසල් ලෙස කටයතු කල මෙම පාසල් ද්විත්වය 1962 වර්ෂයේදි පුර්ණ රාජ්‍ය පරිපාලන පාසල් බවට පත්වන ලදි. මෙම පාසල් ද්විත්වය වසර ගණනක් මුලුල්ලේ දේශපාලනික, රාජ්‍යතාන්ත්‍රික, වාණිජ්‍යයව ම සහ ආගමික වැනි විවිධ ක්‍රියාකාරකම් වල නියැලුණ බොහෝ ග්‍රේෂ්ඨ පුද්ගලයන් බිහිකිරීම සම්බන්ධයෙන් ඉමහත් වූ ගෞරවයකට හිමිකමි කියනු ලැබේ.

සුවිශේෂතා

කොළඹ පාසල් කෙරෙහි සමාජ ප්‍රමඛුතාව යොමුව පැවති කාලපරිච්ඡේයේ දී පවා මෙම පාසල් ද්විත්වය තම අනන්‍යතාව රැකගන්නා ලදි. දෙවන ලෝක සමයේදී මිත්‍ර සේනා තම භූමිය හා ගොඩනැගිලි අත්පත් කල ගත් කාල සීමාව ඇතුලතද මෙම පාසල් ද්විත්වය තම දෛනික කටයතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට සමත්වුනි. ඉහත කාල සීමාව තුලදී අධ්‍යායාපන කටයතු වැඩ මාරු(shift) ක්‍රමයට පවත්වාගෙන යන ලදි. එසේම නිදහස් අධ්‍යාපනයේ පියා වන දිවංගත මහාචාර්ය C.W.W. කන්නංගර මැතිතමා සහ හිටපු ජේෂ්ඨ දේශපාලක්ඥයකු සහ ඇමතිවරයකු වන T.B. ජයලත් යන මහත්වරු දෙපලද ආචාර්ය මන්ඩලයේ සේවය කර ඇත.

වේල්ස් කුමර විදුහල ඉතාමත් දිග කාල සීමාවක් සිට ක්‍රීඩා ක්ෂේත්‍රය තුල පවා නොවෙනස්ව තම අනන්‍යතාව පවත්වාගෙන එන ලදි. වේල්ස් කුමර විදුහල ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ පාසල් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන කීර්තිමත් ක්‍රීඩකයන් බිහිකල පාසලකි. එසේම වේල්ස් කුමර විදුහලේ ශිෂ්‍ය භට කණ්ඩායම "Herman Loos" කුසලානය කීප වතාවක් දිනාගැනීමට සමත් වී ඇත.

ලාංඡනය

වේල්ස් කුමර විදුහලේ ලාංජනය සහ වර්ණ සැකසිම වේල්සයේ කුමරු සහ කුමරියට අනුරූප ලෙස සකස් වුවකි.වේල්සයේ චාල්ස් කුමරු ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් සැමරුම උලෙලට සහභාගී වෙමින් සිටියදි වේල්ස් කුමර විදුහල නියෝජනය කරමින් පැමිණි සිටි අමුත්තන් හමුවෙමින් සහ ආචාරය පුද කරමින් කාලය ගතකලේය. එසේම ඉතා උනන්දු ලෙස වේල්ස් කුමර විදුහලේ ඉතිහාසය සහ සංවර්ධනය පිළිබදවද අසා දැනගන්නා ලදි.

125 වන සංවත්සරය නිමිත්තෙන් 2001 වසරේදි බොහෝ ක්‍රියාකාරකම් සිදුකරන ලදි. ආරම්භයේදි සර්ව රාත්‍රි පිරිත් සජ්ජායනයක් සහ එකාබද්ධ ක්‍රිස්තියානී දේවමෙහෙයක් පවත්වන ලදි. ආගමික කටයුතු වලින් අනතරුව ඒකාබද්ධ ක්‍රිඩා උත්සවයක්, රාත්‍රි භෝජන සංග්‍රහයක් සහ රැගුම් උත්සවයක්, ඒකාබද්ධ කැරොල් ගීත ටෙලි විකාශයක්, සමාජ සත්කාරයක් වැනි බොහෝ ක්‍රියාකාරකම් පවත්වන ලදි.

පාසල් ගී

සිංහල පාසල් ගීය

සිරිලක ඉපැරණි වේ අප විදුහල
වේල්ස් කුමාර මවුන් //
කුළුණෙනි දන විසඳා - සිප්සල නිසි අරඹා
සමරමු සිරිමත් ආදිකතිතුමා - දක්වමු කළ ගුණ අපි සැවොමා
දම් රන් රතු ඈ තෙවණක් මුසු වී - අඹරේ ලෙළ දෙන්නේ
ගුණ දම් පිරිපුන් සිසු කැළ විදුහල් - මව්තුමි හොබවන්නේ
සිප්සත නොමසුරු දෙන අප ඇදුරන් - බැතියෙනි පුද දෙන්නේ
දින දින දිනෙවා විදුහල් මව්තුමි - ලකඹර බැබලෙමිනේ
සිරිලක ඉපැරණි වේ අප විදුහල
වේල්ස් කුමාර මවුන් //
හෙළ බිම යස ගොස රැව් පිළි රැව් දී - පැතිරෙන තුරු එතෙරේ
දෙස බස දැය විදුහල ඉඳ වැඩුමට - අප සේවය දෙන්නේ

  • පබැඳුම : බී. ගොඩහේවා මහතා
  • තනුව : ජෙරාඩ් පීරිස් මහතා
  • තේමාව : විමලසිරි ඒ. ප්‍රනාන්දු මහතා

ඉංග්‍රිසි පාසල් ගීය

Among our ancient mountains
And from our lovely vales
O let the prayer re-echo
God bless our Prince of Wales'

With heart and voices awaken
Those minstrel strains of yore
Till Lanka's name and glory
Resound from shore to shore

Among our ancient mountains
And from our lovely vales
O let the prayer re-echo
God bless our Prince of Wales'

  • 1926 වසරේදී නිමැවුනි. (එල්. ඊ. බ්ලේස් මහතා විදුහල්පතිව සිටි කාලයේ)

සමිති සහ සංගම්

[පූර්ණ උපුටා දැක්වීමක් අවශ්‍යයි]

  • බෞද්ධ සංගමය
  • සෞඛ්‍යදාන ඒකකය
  • ශිෂ්‍ය නායක සංගමය
  • ගුවන් විදුලි සංගමය
  • බාලදක්ෂ සමාජය
  • තොරතුරු තාක්ෂණ සමාජය
  • තාරකා විද්‍යා සංගමය
  • වාණිජ සංගමය
  • කථික සමාජය
  • ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය
  • පරිසර සංගමය
  • පුරාවිද්‍යා සංගමය
  • සිංහ සමාජය
  • ගණිත සංගමය
  • සංගීත කවය
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව
  • ඡායාරූප කලා සංසදය
  • දැණුම මිනුම සමාජය
  • නව නිපයුම් ඒකකය
  • ශිෂ්‍ය භට බලකාය
  • විද්‍යා සංගමය
  • පෙරදිග තුර්ය වාදන කාණ්ඩය
  • අපරදිග තුර්ය වාදන කාණ්ඩය
  • සිංහල සාහිත්‍ය සංගමය
  • පුස්තකාල සංගමය

ක්‍රීඩා

කේම්බ්‍රියන් ක්‍රිකට් වලට ප්‍රසිද්ධය. විද්‍යාලය ආරම්භ කරන විට 1876 දී ක්‍රීඩාව හඳුන්වා දෙන ලදී. මෙම කාලය තුළ කාර්ය මණ්ඩල සාමාජිකයින් පමණක් සහභාගී විය. 1896 දී සංවිධිත පාසල් ක්‍රිකට් හඳුන්වා දුන් අතර ප්‍රථම අන්තර් පාසල් ක්‍රිකට් තරගය කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පැවැත්විණි. පාසල්, වෙළඳ සමාජ, රාජ්‍ය සේවා, ආරක්ෂක සේවා, සංස්ථා සහ ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රය ඇතුළුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ සියලුම අංශ සඳහා කේම්බ්‍රියන් ක්‍රිකට් ක්‍රීඩකයින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඇතැමුන් ජාතික හා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම්වල නියෝජිතයන් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත.

1904 දී කැඩෙටින් විද්‍යාලයට හඳුන්වා දෙන ලදී. පසුව මලල ක්‍රීඩා සහ පාපන්දු සහ,[කවදාද?] පසුව, වොලිබෝල් හඳුන්වා දෙන ලදී. 2012 දී වේල්ස් කුමර විද්‍යාලය පකිස්ථානයේ කරච්චි නුවර පැවති සිව්වන ආසියානු පාසල් ඔරු පැදීමේ රෙගට්ටා තරඟයේ දී රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 9ක් දිනා ගනිමින් ඉතිහාසගත විය.

වාර්ෂික ක්රීඩා ඉසව්

රන් සටන

වේල්ස් කුමර විද්‍යාලය වාර්ෂික මහා තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමඟ ක්‍රීඩා කරයි. එය රන් සටන ලෙස ද හැඳින්වේ. පාසල් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විරන්ත ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ඇතුළත් වේ.

මූලාශ්‍ර

  1. "Cricket at Prince of Wales' College -140 years". Dailynews.
  2. Cambrian rowers do well in Pakistan, Sunday Times. Retrieved 18 November 2012
  3. Cambrians-Sebs clash in 63rd Battle of the Golds සංරක්ෂණය කළ පිටපත 20 ජූනි 2013 at archive.today
  4. Daily News,"Kusal – first Cambrian to lead Sri Lanka under 19 team", 26 August 2013

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේල්ස් කුමර විදුහල පිළිබඳ තොරතුරු, වේල්ස් කුමර විදුහල යනු කුමක්ද? වේල්ස් කුමර විදුහල යනු කුමක් දර්ශනය කරන්නේ?