ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය

මුල් පිටුව | ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය

රටක ප්‍රධානතම නීතිය ලෙස සලකනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැඹුරැ විෂයයක් වන මෙහි ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මුලික අයිතිවාසිකම්, ඡන්ද ක්‍රමය සහ බලතල බෙදීම වැනි කරුණු අඩංගුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මූලික වශයෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය කොටස් දෙකකට වෙන්කළ හැකිය.

  1. අපරාධ නීතිය: නීතිය මගින් 'අපරාධ' ලෙස නිර්වචනය කර ඇති වරදවල් සම්බන්ධයෙන් කටයුතු කරන නීතිය
  2. සිවිල් නීතිය: අපරාධ නීතිය යටතට නොවැටෙන වෙනත් ඕනෑම නීති ක්‍රමයක ප්‍රතිපාදනයන්.

අපරාධ නීතිය

අපරාධ නීතිය යනු, සමාජයේ සාමය හා සන්සුන් භාවය රැකීමට, නීතියට පරිශ්‍රම කරන ආකාරයට අපරාධ ලෙස හැඳින්වූ ක්‍රියාවන්ට නීතිමය වශයෙන් දඬුවම් ලබා දීම සඳහා පිහිටුවන නීතිමය පද්ධතියකි. මෙය පුද්ගලයන්ගේ හැසිරීම් පාලනය කරමින්, නීතිය උල්ලංඝනය කිරීම වැළැක්වීමට සහ එවැනි ක්‍රියා සඳහා දඬුවම් ලබාදීමට නියමිත වේ.

"අපරාධයක්" යනු කුමක්ද?

අපරාධයක් යනු, රජය විසින් නීතිමය වශයෙන් ව්‍යාජ, ආඝාතක, හෝ සමාජයට හානිදායක ලෙස නම් කර ඇති ක්‍රියාවක් වන අතර, ඒවාට නීතිමය දඬුවම් නියම කර ඇත.

උදාහරණ: ඝාතනය, හොරකම්, හැලහැප්පීම, වංචාව, ගිනි තැබීම, මත්ද්‍රව්‍ය ආනයනය.

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ පදනම

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ව්‍යුහගත වී ඇත්තේ පහත නීති ව්‍යුහ මත ය:

3.1. අපරාධ නීති සංග්‍රහය (Penal Code of Sri Lanka - 1883): ප්‍රධානතම අපරාධ නීතිය.

3.2. විශේෂ නීති (Special Acts): මත්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී, ළමා අයිතිවාසිකම් ආදිය.

අපරාධ නීතියේ මූලික අංග

4.1. අපරාධය (Crime): නීතියට විරුද්ධ ක්‍රියාව.

4.2. නීති විරෝධී අදහස (Mens Rea): අදහස/උත්සාහය.

4.3. ක්‍රියාව (Actus Reus): සැබෑ ක්‍රියාව.

4.4. දඬුවම (Punishment): නීතිමය දඩුවමක් ලබාදීම.

අපරාධවල වර්ගීකරණය

පුද්ගලයාට එරෙහිව: ඝාතනය, හැලහැප්පීම.

දේපළට එරෙහිව: හොරකම්, ගිනි තැබීම.

සමාජයට/රාජ්‍යයට එරෙහිව: මත්ද්‍රව්‍ය, වංචා.

අපරාධ නීති ක්‍රියාවලිය

1. පැමිණිල්ලක් ලබා දීම

2. පරීක්ෂණය

3. අත්අඩංගුවට ගැනීම

4. නඩු පැවරීම

5. විභාගය

6. තීන්දුව

7. දඬුවම ලබාදීම

විශේෂ ලක්ෂණ

- Attorney General විසින් නඩු පවරයි.

- සාක්ෂි මත පදනම්ව තීන්දුවක් ලැබේ.

- සැකකරුවාට නිදොස් වීමේ හැකියාව ඇත.

නිගමනය

අපරාධ නීතිය යනු, සමාජයේ සාමය, නීතිය හා සාධාරණත්වය රැකීම සඳහා පිහිටුවන ලද නීතිමය පද්ධතියකි. මෙය පුද්ගල හැසිරීම් පාලනය කරමින්, අපරාධ වැළැක්වීම හා දඬුවම් ලබාදීම තුළින් සමාජය සුරැකීමට උපකාරී වේ.

සිවිල් නීතිය

සිවිල් ආරවුල් යනු අන්තර් පුද්ගල ආරවුල් වේ. සිවිල් ආරවුලකදී පුද්ගලයකුට තමා විසින්ම තමාගේ වියදමින්ම නඩු පැවරීමට සිදු වේ.

2.1 දේපළ නීතිය - (Law of property)

ඉඩම් සහ වෙනත් දේපළවල අයිතිය, කුළියට/බද්දට දීම සහ වෙනත් අයිතිවාසිකම් මෙම නීතියෙන්ආවරණය වේ.

2.2 පවුල් නීතිය - (Family law)

පවුල් ආරවුල් සම්බන්ධ ගැටළු, එනම් විවාහය, දික්කසාදය, දරැවන්ගේ නඩත්තුව,භාරකාරත්වය වැනි කරැණු මෙම නීතියෙන් ආවරණය වේ.

2.3 දිලික්ත නිතිය - (Law of delicts)

යම් පුද්ගල‍යෙකුට ඔහුට එරෙහිව කරනු ලබන ක්‍රියාවක් මගින් අලාභයක් හෝ හානියක් සිදු වේ නම් අලාභයෙන් වන්දි අය කරගැනීම මෙයට අදාළය.

2.4 ගිවිසුම් නීතිය (Law of obligation)

පුද්ගලයින් අතර බැඳීම් ඇති කරන ආකාරයේ එකඟතා මෙයට සම්බන්ධය.

2.5 වාණිජ නීතිය - (Commercial law)

සමාගම් නීතිය, රක්‍ෂණ නීතිය වැනි වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ කටයුතු රැසක් මෙමගින් පාලනය කරයි.

2.6 පරිපාලන නීතිය - (Administrative law)

රාජ්‍ය නිලධාරින් හා ආයතන ස්වකීය බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳව අදාළ නීති අන්තර්ගතය.

2.7 කාර්මික නීතිය - ( Industrial law)

සේව්‍ය-සේවක ආරවුල් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක වේ.

2.8 වෙනත් නීති - (Other law)

ඉහත මූලික නීති වලට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය යටතේ තවත් අංශයන් කිහිපයක් දැක්විය හැක.

උදා:-

  1. පරිසර නීතිය (Environmental law)
  2. අනුප්‍රාප්ති නීතිය (Law of succession)
  3. බදු නීතිය (Tax law)
  4. ආයෝජන නීතිය (Investment law)
  5. මානුෂවාදි නීතිය (Humanitarian law)
  6. බුද්ධිමය දේපළ නීතිය (Interlectual property law)

වර්තමාන ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය සටහනක් ආකාරයෙන් ‍පහත පරිදි ගෙනහැර දැක්විය හැකිය.

මූලාශ්‍ර

  • අපරාධ නීතිය (ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය)

මේ අඩවිත් බලන්න

  • නීතිය
  • සිවිල් නීතිය - ශ්‍රී ලංකාව
  • ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය
  • ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය
  • ශ්‍රී ලංකාවේ විවාහ නීතිය

අඩවියෙන් බැහැර පිටු

  • LawNet සංරක්ෂණය කළ පිටපත 2001-05-01 at the Wayback Machine
  • LectLaw සංරක්ෂණය කළ පිටපත 2017-11-05 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.