සිංහල මිණුම් ඒකක පිළිබඳව පැහැදිලි කිරීමක් පහත දැක්වෙයි.
කාලය
- තප්පර 60 = විනාඩි 1 (minute/මිනිත්තු නොවේ)
- විනාඩි 60 = පැය 1 (hour/හෝරා නොවේ)
- පැය 60 = දවස
- දවස් 30 = මාස 1
- මාස 12 = අවුරුද්ද
- මාස 3 = කාර්තු 1 [තහවුරු කර නොමැත]
- කාර්තු 4 = අවුරුදු 1 [තහවුරු කර නොමැත]
පරිමාව
- හුන්ඩු/පත 2 = මනා 1
- මනා 2 = නැලිය/සේරුව
- නැලි/සේරු 4 = ලාහ/කුරුණිය
- ලාස්/කුරුණි 4 = තිඹ 1
- ලාස්/කුරුණි 5 = බෙරය
- බෙර 2 = පෑල/මළු 1
- පෑල/මළු 4 = අමුණ
- නැලි/සේරු 32 = බුසල් 1
බර
රාත්තල් 26 1/4 = තුලම් 1
බෙහෙත් බර
- තල ඇට 3 = අමු ඇට 1
- අමු ඇට 3 = වී ඇට 1
- වී ඇට 3 = මදටිය 1
- මදටිය 20 = කලං 1
- කලං 12 = පලම් 1
- පලම් 8 = රාත්තල් 1
- පලම් 100 = තුලම් 1
- මදටිය 16 = (ලොකු) සත 1
කොප්පරා හා ලුණු බර
- රාත්තල් 56 = තුක්කු 1
- * රාත්තල් 28 = කාර්තු 1
- * කාර්තු 2 = තුක්කු 1
- * තුක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
- * හොන්ඩර 5 = පාරම 1
- * පාරම් 4 = ටොන් 1
රත්තරං බර
- මංචාඩි 12 = පගෝදි 1
- මංචාඩි 42 = රුපියල් බර 1
- මංචාඩි 28 = රන් පවුම් බර 1
වර්ග ඵලය
මඩ ඉඩම්
ප්‍රධාන ලිපිය: මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකක
ගොඩ ඉඩම්
දිග
- පරමාණු 36 = අණු 1
- අණු 36 = තජ්ජාරි 1
- තජ්ජාරි 36 = රථරේණු 1
- රථරේණු 36 = ලික්ඛ 1
- ලික්ඛ 7 = උක්ඛ 1
- උක්ඛ 7 = ධණ්ණමාස 1
- උක්ඛ 7 = ධණ්ණමාස 1
- ධණ්ණමාස 7 = ආංගුල 1
- ආංගුල 12 = වියත් 1
- අගල් 9 = වියත් 1
- වියත් 2 = රියන් 1
- රියන් 4 = බඹ 1
- රියන් 7 = යෂ්ට් 1
- යෂ්ටි 20 = ඉසුබු (උසබ) 1
- ඉසුබු (උසබ) 20 = සැතපුම් 1
- සැතපුම් 4 = ගව් 1
- ගව් 4 = යොදුන් 1
අමතර අවධානයට
සටහන්
- විනාඩි යනු minute/මිනිත්තු නොවේ, මිනිත්තුව යනු "minute" විදේශීය වචනයෙන් ආ එකකි. විනාඩිය දේශීය වචනය වන අතර, එය වර්තමානයේ ව්‍යවහාර වන මිනිත්තුව හා පටලවා ගැනීම සුදුසු නොවේ.
- ඹරලෝසු පැය හෙවත් හෝරාවකට සිංහල පැය 2.5 කි
- සිංහල ක්‍රමයට දිනයක් කොටස් 60කට බෙදන අතර [දිනකට පැය 60 ක් එන ලෙස] එම දිනය සූර්ය උදාවත් සමග ඇරඹේ.එම නිසා වර්තමාන, ව්‍යවහාර ඔරලෝසු පැයකට, සිංහල පැය 2 යි, 1/2 කි.
මූලාශ්‍ර
ආශ්රිත ග්රන්ථ
- පනාගොඩ, DFE (1947). ජ්‍යෙෂ්ඨ පාඨශාලා අඞක ගණිතය II. ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංහල මිණුම් ඒකක පිළිබඳ තොරතුරු, සිංහල මිණුම් ඒකක යනු කුමක්ද? සිංහල මිණුම් ඒකක යනු කුමක් දර්ශනය කරන්නේ?