සිරි පැරකුම්බා පිරිවෙණ යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාවතේ ඇතුල්කෝට්ටේ පිවිසුම් මාර්ගය ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 1971 වර්ෂයේ මැයි 14වන දිනදී රජයේ ගැසට් අංක 14958 යටතේ සිදුකොට තිබේ.
| සිරි පැරකුම්බා පිරිවෙණ Siri Perakumba Pirivena | |
|---|---|
විහාර පරිශ්‍රයෙහි වූ පුරාණ කෝට්ටේ බලකොටුවෙහි පර්යන්ත පවුරු කොටස් | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 06°54′09.9″N 79°54′22.6″E / 6.902750°N 79.906278°E |
| අනුබැඳියාව | බුද්ධාගම |
| දිස්ත්‍රික්කය | කොළඹ |
| පළාත | බස්නාහිර පළාත |
| උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරකය (14 මැයි 1971) |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
ඉතිහාසය
ඓතිහාසික සිරි පැරකුම්බා පිරිවෙණ ඉදිකොට ඇත්තේ හයවන පරාක්‍රමබාහු රජුට අයත් ගබඩා වත්ත භූමියෙහි යැයි පැවසේ. කෝට්ටේ පාර්ශවයෙහි හිගුලාවල ජිනරතන අනු නායක හිමියන් විසින් 1875 වර්ෂයෙහි භික්ෂු අධ්‍යාපන ආයතනයක් ලෙස පිරිවෙණ ආරම්භ කරන ලදී.
පුරාවිද්‍යා නටඹුන්
කෝට්ටේ රාජධානියට අයත් පැරණි දිය අගලෙහි සහ පර්යන්ත කොටු බැම්මෙහි කොටස් වර්ථමාන පිරිවෙණ භූමිය තුලදී දැකගත හැකිවේ. මූලාශ්රයන්ට අනූව එම කොටු බැම්ම විදෙස් ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වනු වස් අමාත්‍ය නිශ්ශංක අලගක්කෝනාර විසින් ඉදිකෙරූ බලකොටුවෙහි ශේෂව පවතින කොටස් වේ. වර්ථමානයේ ඉතිරිව පවතින බැම්මෙහි උස අඩි 8ක් පමණ වන අතර පළල අඩි 6ත් 8ත් අතර ප්‍රමාණයක් වේ.
පැරණි කොටු බැම්මට අමතරව කෝට්ටේ සමයට අයත් ඌරා කැට ළිඳක් පිරිවෙණ පරිශ්‍රයෙහි දැකගත හැකිවේ. එහි අභ්‍යන්තර බිත්ති, මැටි වළලු වලින් ආවරණය කොට ඇති අතර ඉහළම වළල්ල කැටයම් වලින් යුක්ත වේ. මෙවැනි ආකාරයේ සමාන ළිඳක කොටස්, කෝට්ටේ ටෙලිකොම් ආයතනය පිහිටි භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සිදුකල කැණීමකදී හමුව ඇති අතර එය වර්ථමානයේදී කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනයට තබා ඇත.
මූලාශ්‍ර
- "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 14958. 14 මැයි 1971.
- "දි ඒන්ෂියන්ට් කිංඩම්". සිරි පැරකුම්භා පිරිවෙණ. සම්ප්‍රවේශය 15 මාර්තු 2017.
- "කොට්ටේ - ද පැරකුම්බා පිරිවෙන". defonseka.com. සම්ප්‍රවේශය 15 මාර්තු 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිරි පැරකුම්බා පිරිවෙණ පිළිබඳ තොරතුරු, සිරි පැරකුම්බා පිරිවෙණ යනු කුමක්ද? සිරි පැරකුම්බා පිරිවෙණ යනු කුමක් දර්ශනය කරන්නේ?