සුරතාන්තය

සුරතාන්තය යනු ලිංගික ප්‍රතිචාර චක්‍රය තුලදී සමුච්චිත ලිංගික ආතතිය ක්ෂණිකව මුදාහැරීම වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් උකුළු පෙදෙසෙහි රිත්මයානුකූල මාංශ පේශි හැකිලීම් හා සමගින් රතිය අතිමහත් ලෙසින් සංවේදනයක් සිදුවෙයි. පුරුෂයන් හා ස්ත්‍රීන් යන දෙවගයටම අත්විඳිය හැකි සුරතාන්ත පාලනය වන්නේ අනිච්ඡානුග හෝ ස්වයංසාධක ස්නායු පද්ධතිය මගිනි. වෙනත් අනිච්ඡානුග ක්‍රියාවන්ද බොහෝවිට මේවා සමග ආශ්‍රිතව සිදුවන අතර, කයෙහි බහුවිධ ප්‍රදේශයන්හී මාංශ පේශීමය ගැස්මන්, සාමාන්‍ය ප්‍රමුදිත හැඟීමක් සහ, බොහෝ විට, කාය චලනයන් සහ හඬ නැගීම් සිදුවීමද මේවා අතර වෙති.

ආශ්‍රිත

  1. මාස්ටර්ස්, විලියම් එච්. (1966). හියුමන් සෙක්සුවල් රෙස්පොන්ස්. ලිට්ල්, බ්‍රවුන්. p. 366. ISBN 0-316-54987-8, 9780316549875. {{cite book}}: Check |isbn= value: invalid character (help); Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  2. "ඔර්ගසම්". Health.discovery.com. සම්ප්‍රවේශය 21 අප්‍රේල් 2010.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සුරතාන්තය පිළිබඳ තොරතුරු, සුරතාන්තය යනු කුමක්ද? සුරතාන්තය යනු කුමක් දර්ශනය කරන්නේ?