සොරබොර වැව

සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය පිහිටි පුරාණ ජලාශයක් වේ. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි. අතීතයේදී මෙම වැව බින්තැන්නේ මූද ලෙස හඳුන්වා ඇත.

සොරබොර වැව
සොරබොර වැව
ස්ථානයමහියංගනය
ඛණ්ඩාංක7°21′38.9″N 81°00′21.9″E / 7.360806°N 81.006083°E / 7.360806; 81.006083
වර්ගයකෘෂිකර්මාන්ත ජලාශය
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලයවර්ග කිලෝමීටර 4.5

දියවන්නා ඔය හරස් කොට මීටර 485ක පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිර්මාණය කොට තිබේ. වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනයකරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිර්මාණය කොට තිබේ. මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.

තාක්ෂණික විස්තර

වැව් බැම්මේ පළල අඩි 20 ක් වන අතර දිග අඩි 150 ක් වේ. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800 කි. අක්කර 3,000 ක බිමක් වගා කිරීම ජලය සැපයිය හැකිය. වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 1 දම්වැල් 32.5 කි. දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 3 දම්වැල් 20 ක් වේ.

මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තිළිණ ගුරුසිංහ මහතාට අනුව සොරබොර වැවෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 10700 ක පමණ ව්න අතර ධාරිතාවය ඝන මීටර් මිලියන 21 ක්‌ ද කුඹුරු අක්‌කර 1270 ක්‌ පමණ යල සහ මහ කන්න දෙකේදීම වගා කිරීමට ජලය සපයන බවද සඳහන් වේ.


මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "හිඩ්න් බියුටි ඔෆ් සොරබොර වැව". www.nation.lk. 1 ජූනි 2008. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
  2. "සොරබොර වැව". www.srisalike.com. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
  3. "සොරබොර වැව විත් අ යුනික් නැචුරල් ස්ටෝන් ස්ලූස් – සොරබොර වැව". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
  4. "රෙස්ටොරේෂන් ඔෆ් මහියංගන ස්තූප බිගින්ස්". ද සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 7 සැප්තැම්බර් 2008. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
  5. "හිඩ්න් බියුටි ඔෆ් සොරබොර වැව". www.srilankatravelnotes.com. අගෝස්තු 2013. සම්ප්‍රවේශය 10 ජූනි 2016.
  6. ඒ. කේ. බී. උඩුගම්පළ. "බුලතාගේ සොරබොර වැව". MAHAMEGHA.
  7. මහවැලි සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තිළිණ ගුරුසිංහ. "සොරබොර වැව නුදුටු ඇස්‌ මොටද පින්කළේ". දිවයින. සම්ප්‍රවේශය 2019-04-22.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සොරබොර වැව පිළිබඳ තොරතුරු, සොරබොර වැව යනු කුමක්ද? සොරබොර වැව යනු කුමක් දර්ශනය කරන්නේ?