හබරාදුව ප්‍රාදේශීය සභාව

හබරාදුව ප්‍රාදේශීය සභාව යනු හබරාදුව ප්‍රදේශයේ ඇති පළාත් පාලන ආයතනයයි. 1987 දී ප්‍රාදේශීය සභා පනත් අංක 15 මගින් සංවර්ධන සභා පනත් අහෝසි කරමින් නියෝජිතයින්ගේ පාලනය යටතේ ප්‍රාදේශීය සභාව ස්ථාපිත කරන ලදී. හබරදුව ප්‍රාදේශීය සභාව දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටා ඇති අතර, ග්‍රාම සේවා වසම් 59 ක් ඇත. අධිකාරි ප්‍රදේශය උණවටුන සිට අග්‍රයාපන දක්වා වෙරළ තීරය දිගේ විහිදී ඇති අතර, ගාල්ල නගරයෙන් ආසන්න වශයෙන් කි.මී. 6 ක් දුරින් පිහිටා ඇත. ගාල්ල-මාතර ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය මෙම ප්‍රදේශය හරහා යා කරයි.

හබරාදුව ප්‍රාදේශීය සභාව
Type
Type
ප්‍රාදේශීය සභාව
HousesUnicameral
Term limits
සිව් වසරක්
History
Founded1987; වසර 39 කට පෙර (1987)
Leadership
සභාපති
පුරප්පාඩු, පොපෙ
Deputy Mayor
Vacant
Structure
Political groups
ආණ්ඩුව

විපක්ෂය

Length of term
Four years
Elections
Last election
10 පෙබරවාරි 2018
Next election
06 මැයි 2025
Meeting place
හබරාදූව ප්‍රාදේශීය සභාව,හබරාදූව, ගාල්ල
Website
habaraduwaps.lk/sinhala/home.php

ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යයෙන් සහ ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන සහ දේවාල හබරදුව ප්‍රාදේශීය සභාවේ අධිකාරි ප්‍රදේශය තුළ පිහිටා ඇත. ඒවා අතර කොග්ගල ඉරුගල් දේවාලය, උණවටුන වැල්ල දේවාලය, කතලුව රංගවැල්ල පුරාණ දේවාලය (සෑය, පැරණි චිත්‍ර සහ පැරණිතම මුද්‍රණාලය ඇතුළත්) සහ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය වැදගත් වේ.ඊට අමතරව, මෙම ප්‍රදේශයේ කොග්ගල ඔය (කොක්දුව, වදුව, කුරුළු දුව, මඩොල් දුව, ගංඳුව යනාදී), උණවටුන ස්වභාවික කොරල් පර, රුමස්සල ඔසු උයන සහ යකිනි දුව වැනි ස්වභාවික ආකර්ෂණීය ස්ථාන පිහිටා ඇත.

නියෝජනය

හබරාදුව ප්‍රාදේශිය සභාව කොට්ඨාස 15 කට බෙදා ඇති අතර මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමයක් භාවිතයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 27 දෙනෙකුගෙන් නියෝජනය වේ.

කොට්ඨාස

2017 වර්ෂයේ සීමා නිර්ණය අනුව හබරාදුව ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරා ගනු ලබන කොට්ඨාස. 2018 මැතිවරණයේ සිට බලාත්මක වේ.

  1. උණවටුන
  2. මහරඹ
  3. තල්පෙ
  4. දොඩම්පෙ
  5. මීපේ
  6. පිටිදූව
  7. හරුමල්ගොඩ
  8. කටුකුරුන්ද
  9. කොග්ගල
  10. කතළුව
  11. වැල්හේන්ගොඩ
  12. මීගහගොඩ
  13. නාකන්ද
  14. තල්දූව
  15. අහංගම

2025 පළාත් පාලන ඡන්ද විමසීම

මීලඟ පළාත් පාලන ඡන්ද විමසීම 2025 මැයි 06 දින පැවැත්විය.

පක්ෂය හෝ සන්ධානය ඡන්ද % ආසන
  ජාතික ජන බලවේගය 13,805 46.03% 14
  සමගි ජන බලවේගය 7,313 24.38% 6
  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 5,667 18.90% 5
  එක්සත් ජාතික පක්ෂය 1,812 6.04% 1
  සර්වජන බලය 994 3.31% 1
  එක්සත් ජනතා නිදහස් සන්ධානය 237 0.79% 0
  ජන අරගල සන්ධානය 164 0.55% 0
වලංගු ඡන්ද 29,992 100.00% 27
ප්‍රතික්ෂේපිත ඡන්ද 517
සමස්ත ඡන්ද 30,509
ලියාපදිංචි ඡන්ද දායකයන් 50,672
ඡන්දය ප්‍රකාශ කිරීම 60.20%

කොට්ඨාස වශයෙන්

ජාතික ජන බලවේගය දිනූ කොට්ඨාස
සමගි ජන බලවේගය දිනූ කොට්ඨාස
මැතිවරණ කොට්ඨාසය ජාතික ජන බලවේගය සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය සර්වජන බලය පොදුජන එක්සත් පෙරමුණ ජන අරගල සන්ධානය එකතුව ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % වලංගු
ඡන්ද
අවලංගු
ඡන්ද
සමස්ත
ඡන්ද
ලියාපදිංචි
ඡන්දදායකයින්
උණවටුන 897 43.10% 213 10.2% 653 31.4% 282 13.6% 19 0.9% 13 0.6% 4 0.2% 2102 42 2144 3133 68.43%
මහරඹ 807 55.0% 311 21.2% 211 14.4% 59 4.0% 68 4.6% 3 0.2% 9 0.6% 2299 29 2328 3265 71.3%
තල්පේ 845 41.1% 579 28.2% 350 17.0% 227 11.0% 19 0.92% 27 1.3% 9 0.4% 2068 19 2087 3086 68.07%
දොඩම්පේ 1412 52.41% 438 16.26% 191 7.09% 182 6.76% 252 9.35% 219 8.13% 2694 45 2739 4475 61.21%
මීපේ 817 37.05% 625 28.34% 613 27.80% 113 5.12% 9 0.41% 28 1.27% 2205 40 2245 3360 66.82%
පිටිදූව 1493 66.03% 384 16.98% 89 3.94% 21 0.93% 153 6.77% 121 5.35% 2261 39 2300 3604 63.82%
හරුමල්ගොඩ 683 37.40% 310 16.98% 281 15.39% 41 2.25% 384 21.03% 127 6.96% 1826 31 1857 2620 70.88%
කටුකුරුන්ද 901 48.36% 320 17.18% 270 14.49% 82 4.40% 195 10.47% 95 5.10% 1863 35 1898 2800 67.79%
කොග්ගල 1750 61.75% 478 16.87% 220 7.76% 130 4.59% 28 0.99% 228 8.05% 2834 29 2863 4658 61.46%
කතළුව 603 36.2% 632 38.0% 159 9.6% 46 2.8% 217 13.0% 2 0.1% 5 0.3% 1403 26 1429 2186 65.37%
වැල්හේන්ගොඩ 1084 48.33% 562 25.06% 105 4.68% 273 12.17% 69 3.08% 150 6.69% 2243 29 2272 3594 63.22%
මීගහගොඩ 1107 41.18% 202 7.51% 297 11.05% 295 10.97% 661 24.59% 126 4.69% 2688 40 2728 4244 64.28%
නාකන්ද 1076 58.80% 352 19.23% 166 9.07% 57 3.11% 3 0.16% 176 9.62% 1830 31 1861 3043 61.16%
තල්දූව 712 35.35% 1132 56.21% 29 1.44% 79 3.92% 12 0.60% 50 2.48% 2014 20 2034 2780 73.17%
අහංගම 1542 61.24% 574 22.80% 229 9.09% 99 3.93% 7 0.28% 67 2.66% 2518 27 2545 3894 65.36%

2018 පළාත් පාලන ඡන්ද විමසීම

2018 පෙබරවාරි 10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල:

පක්ෂය හෝ සන්ධානය ඡන්ද % ආසන
  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20,419 53.80% 15
  එක්සත් ජාතික පක්ෂය 8,960 23.61% 6
  එක්සත් ජනතා නිදහස් සන්ධානය 5,832 15.37% 4
  ජනතා විමුක්ති පෙරමුණ 2,358 6.21% 2
  එක්සත් ජාතික නිදහස් පෙරමුණ 385 1.01% 0
වලංගු ඡන්ද 37,954 100.00% 27
ප්‍රතික්ෂේපිත ඡන්ද 585
සමස්ත ඡන්ද 38,539
ලියාපදිංචි ඡන්ද දායකයන් 47,345
ඡන්දය ප්‍රකාශ කිරීම 81.40%

2011 පළාත් පාලන ඡන්ද විමසීම

2011 ඔක්තෝබර් 8 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල:

පක්ෂය හෝ සන්ධානය ඡන්ද % ආසන
  එක්සත් ජනතා නිදහස් සන්ධානය 17,236 58.19% 8
  එක්සත් ජාතික පක්ෂය 10,254 34.62% 4
  ජනතා විමුක්ති පෙරමුණ 1277 4.31% 1
ස්වාධීන කණ්ඩායම 01 855 2.89% 0
වලංගු ඡන්ද 29,622 100.00% 13
ප්‍රතික්ෂේපිත ඡන්ද 1,122 3.65%
සමස්ත ඡන්ද 30,744
ලියාපදිංචි ඡන්ද දායකයන් 43,779
ඡන්දය ප්‍රකාශ කිරීම 70.23%

මූලාශ්‍ර

  1. "අප ගැන". හබරදුව ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 2025-04-12.
  2. "Compilation of Local Authority - Municipal Councils". Ministry of Local Governments and Provincial Councils. 20 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 October 2014.
  3. "Local Government Election Results - 2025 - Habaraduwa Pradeshiya Sabha". Sri Lanka Election Commision. සම්ප්‍රවේශය 7 May 2025.
  4. "Local Authorities Election Results - 2018 - Habaraduwa Pradeshiya Sabha". Adadarena. සම්ප්‍රවේශය 19 March 2018.
  5. "2011 Local Government Elections - Habaraduwa Pradeshiya Sabha". Sri Lanka Elections. 10 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 October 2017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හබරාදුව ප්‍රාදේශීය සභාව පිළිබඳ තොරතුරු, හබරාදුව ප්‍රාදේශීය සභාව යනු කුමක්ද? හබරාදුව ප්‍රාදේශීය සභාව යනු කුමක් දර්ශනය කරන්නේ?