2024 වසරෙහි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය (ඉංග්‍රීසි: 2024 Elpitiya Pradeshiya Sabha election) යනු, ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය නගරය පාලනය කරන ප්‍රාදේශීය සභාවට සභිකයින් 30 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමකි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා සභිකයින් තෝරා පත් කර ගනු ඇත. 2024 සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 12 දක්වා නාමයෝජනා භාර ගත් අතර මෙම ඡන්ද විමසීම 2024 ඔක්තෝබර් 26 වන දින පැවැත්විණි.
| |||||||||||||||||||||||||||||||||||||||||
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවෙහි ආසන 30 ක් සඳහා බහුතරයක් සඳහා ආසන 16 ක් අවශ්‍ය වෙයි | |||||||||||||||||||||||||||||||||||||||||
| ලියාපදිංචි ඡන්දදායකයින් | 55,643 | ||||||||||||||||||||||||||||||||||||||||
| ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 66.18% (▼ 12.68%) | ||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 8 සහ එක් ස්වාධීන කණ්ඩායමක් මෙම මැතිවරණයට ඉදිරිපත් විය.
මෙම ඡන්ද විමසීමේදී වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාව, එනම් ආසන 15ක් ලබා ගැනීමට ජාතික ජන බලවේගයට සමත් වුවද, ප්‍රාදේශීය සභාවේ බහුතරයක් ලබා ගැනීමට එම පක්ෂය අසමත් විය. දෙවන ස්ථානයට පත් සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 6ක් හිමි වූ අතර මීට පෙර සභාවේ පාලන බලය හිමිකර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 3ක් පමණයි. මෙහිදී සිව්වැනි ස්ථානයට පත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට හිමිවූයේ මන්ත්‍රීධුර 2ක් පමණයි.පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මන්ත්‍රීධුර 1ක් හිමි විය.
2024 ජනාධිපතිවරණයෙන් පසු පැවති පළමු මැතිවරණය මේ මැතිවරණය ලෙස සැලකිය හැකි අතර ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතනයක පාලන බලය හිමිකරගත් පළමු අවස්ථාව මෙයයි.
පසුබිම
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අවසන් වරට මැතිවරණයක් පැවැත්වූයේ 2019 වසරේදීය. එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් මැතිවරණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමත්විය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වූ එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධුර 6ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධුර 3ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.
එම ඡන්ද විමසීම 2018 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම අනතුරුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට එම වසරේ ඡන්ද විමසීමක් පැවැත්වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව, 2019 වසරේ එම ඡන්ද විමසීම පැවැත්විණි.
සභාවේ වාරය තුළ අඛණ්ඩ දේශපාලන හා පරිපාලන අභියෝගවලට මුහුණ දුන්නේය. සභාවේ අයවැය හතර වතාවක් ඉදිරිපත් කළ පරාජයට පත්වීම හේතුවෙන් සභාවේ නියමිත කාලයට පෙර අහෝසි වූ අතර, පළාත් සභා පනත යටතේ එහි පාලනය සභාවේ ලේකම් යටතට පත්ව ඇත.
තරග වැදුණු පක්ෂ
පිළිගත් දේශපාලන පක්ෂ නවයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා භාර දුන්හ. කෙසේ වෙතත් දේශපාලන පක්ෂ අටක සහ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පමණක් මැතිවරණ කොමිෂන් සභාව පිළිගනු ලැබිණි. මේ අනුව මෙම දේශපාලන පක්ෂ අටෙන් අපේක්ෂකයින් 279 දෙනෙකු සහ ස්වාධීන කණ්ඩායමක් මැතිවරණයට ඉදිරිපත් විය.
| පක්ෂයේ නම | ලකුණ | ජාතික නායකයා | 2019දී ලබාගත් ප්‍රතිඵලය | තත්ත්වය | ||
|---|---|---|---|---|---|---|
| ඡන්ද % | ආසන | |||||
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | මහින්ද රාජපක්ෂ | 56.3% | 17 / 29 | පාලක පක්ෂය | ||
| පොදුජන එක්සත් පෙරමුණ | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග | 12.7% | 3 / 29 | පාලක පක්ෂය | ||
| ජාතික ජන බලවේගය | අනුර කුමාර දිසානායක | 5.8% | 2 / 29 | විපක්ෂය | ||
| සමගි ජන බලවේගය | සජිත් ප්‍රේමදාස | N/A | N/A | නව | ||
| පොදුජන එක්සත් නිදහස් පෙරමුණ | දිනේෂ් ගුණවර්ධන | N/A | N/A | නව | ||
| ජනසෙත පෙරමුණ | පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි | N/A | N/A | නව | ||
| ජාතික ජනතා පක්ෂය | මංජු නිශ්ශංක | N/A | N/A | නව | ||
| දෙවන පරපුර පක්ෂය | උවිඳු විජේවීර | N/A | N/A | නව | ||
| ස්වාධීන කණ්ඩායම | N/A | N/A | N/A | නව | ||
ප්‍රතිඵලය
| පක්ෂය | ඡන්ද | ප්‍රතිශතය | ආසන | |||||
|---|---|---|---|---|---|---|---|---|
| කොට්ඨාස | ස.නි.ක්‍ර. | එකතුව | වෙනස්වීම | |||||
| ජාතික ජන බලවේගය | 17,295 | 47.64% | 15 | 0 | 15 | 13 | ||
| සමගි ජන බලවේගය | 7,924 | 21.83% | 2 | 4 | 6 | 6 | ||
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 3,597 | 9.91% | 0 | 3 | 3 | ▼ 14 | ||
| පොදුජන එක්සත් පෙරමුණ | 2,612 | 7.19% | 0 | 2 | 2 | ▼ 1 | ||
| ස්වාධීන කණ්ඩායම | 2,568 | 7.07% | 0 | 2 | 2 | 2 | ||
| පොදුජන එක්සත් නිදහස් පෙරමුණ | 1,350 | 3.72% | 0 | 1 | 1 | 1 | ||
| ජාතික ජනතා පක්ෂය | 521 | 1.44% | 0 | 1 | 1 | 1 | ||
| දෙවන පරපුර පක්ෂය | 388 | 1.07% | 0 | 0 | 0 | - | ||
| ජනසෙත පෙරමුණ | 50 | 0.14% | 0 | 0 | 0 | - | ||
| සමස්ත | 36,305 | 100.00% | 17 | 13 | 30 | 1 | ||
| වලංගු ඡන්ද | 36,305 | 98.59% | ||||||
| ප්‍රතික්ෂේපිත ඡන්ද | 520 | 1.41% | ||||||
| මුළු ඡන්ද | 36,825 | 100.00% | ||||||
| ලියාපදිංචි ඡන්දදායකයින් / ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | 55,643 | 66.18% | ||||||
මැතිවරණ කොට්ඨාස
| ජාතික ජන බලවේගය දිනූ කොට්ඨාස |
| සමගි ජන බලවේගය දිනූ කොට්ඨාස |
| මැතිවරණ කොට්ඨාසය | ජාතික ජන බලවේගය | සමගි ජන බලවේගය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | පොදුජන එක්සත් පෙරමුණ | ස්වාධීන කණ්ඩායම | වෙනත් | එකතුව | ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | ඡන්ද | % | වලංගු ඡන්ද | අවලංගු ඡන්ද | සමස්ත ඡන්ද | ලියාපදිංචි ඡන්දදායකයින් | ||
| අම්බන-කහදූව | 985 | 46.86% | 244 | 11.61% | 160 | 7.61% | 154 | 7.33% | 6 | 0.29% | 553 | 26.31% | 2102 | 42 | 2144 | 3133 | 68.43% |
| අමුගොඩ | 778 | 33.84% | 404 | 17.57% | 436 | 18.96% | 551 | 23.97% | 108 | 4.70% | 22 | 0.96% | 2299 | 29 | 2328 | 3265 | 71.3% |
| අවිත්තාව | 618 | 29.88% | 914 | 44.20% | 89 | 4.30% | 82 | 3.97% | 354 | 17.12% | 11 | 0.53% | 2068 | 19 | 2087 | 3086 | 68.07% |
| බටුවන්හේන | 1412 | 52.41% | 438 | 16.26% | 191 | 7.09% | 182 | 6.76% | 252 | 9.35% | 219 | 8.13% | 2694 | 45 | 2739 | 4475 | 61.21% |
| ඇල්ල | 817 | 37.05% | 625 | 28.34% | 613 | 27.80% | 113 | 5.12% | 9 | 0.41% | 28 | 1.27% | 2205 | 40 | 2245 | 3360 | 66.82% |
| ඇල්පිටිය | 1493 | 66.03% | 384 | 16.98% | 89 | 3.94% | 21 | 0.93% | 153 | 6.77% | 121 | 5.35% | 2261 | 39 | 2300 | 3604 | 63.82% |
| ඉඳිපලේගොඩ | 683 | 37.40% | 310 | 16.98% | 281 | 15.39% | 41 | 2.25% | 384 | 21.03% | 127 | 6.96% | 1826 | 31 | 1857 | 2620 | 70.88% |
| කැටන්දොල | 901 | 48.36% | 320 | 17.18% | 270 | 14.49% | 82 | 4.40% | 195 | 10.47% | 95 | 5.10% | 1863 | 35 | 1898 | 2800 | 67.79% |
| කුඩාගල-කදිරන්දොල | 1750 | 61.75% | 478 | 16.87% | 220 | 7.76% | 130 | 4.59% | 28 | 0.99% | 228 | 8.05% | 2834 | 29 | 2863 | 4658 | 61.46% |
| මැටිවිලිය | 421 | 30.01% | 249 | 17.75% | 48 | 3.42% | 399 | 28.44% | 228 | 16.25% | 58 | 4.13% | 1403 | 26 | 1429 | 2186 | 65.37% |
| නවදගල | 1084 | 48.33% | 562 | 25.06% | 105 | 4.68% | 273 | 12.17% | 69 | 3.08% | 150 | 6.69% | 2243 | 29 | 2272 | 3594 | 63.22% |
| ඕමත්ත | 1107 | 41.18% | 202 | 7.51% | 297 | 11.05% | 295 | 10.97% | 661 | 24.59% | 126 | 4.69% | 2688 | 40 | 2728 | 4244 | 64.28% |
| පිණිකහන | 1076 | 58.80% | 352 | 19.23% | 166 | 9.07% | 57 | 3.11% | 3 | 0.16% | 176 | 9.62% | 1830 | 31 | 1861 | 3043 | 61.16% |
| පිටිවල | 712 | 35.35% | 1132 | 56.21% | 29 | 1.44% | 79 | 3.92% | 12 | 0.60% | 50 | 2.48% | 2014 | 20 | 2034 | 2780 | 73.17% |
| තලාව | 1542 | 61.24% | 574 | 22.80% | 229 | 9.09% | 99 | 3.93% | 7 | 0.28% | 67 | 2.66% | 2518 | 27 | 2545 | 3894 | 65.36% |
| තිබ්බටුවාව | 778 | 48.17% | 428 | 26.50% | 225 | 13.93% | 17 | 1.05% | 2 | 0.12% | 165 | 10.22% | 1615 | 20 | 1635 | 2385 | 68.55% |
| වල්ලඹගල | 1138 | 61.78% | 308 | 16.72% | 149 | 8.09% | 37 | 2.01% | 97 | 5.27% | 113 | 6.13% | 1842 | 18 | 1860 | 2536 | 73.24% |
සභාවේ සංයුතිය
ආශ්‍රිත ලිපි
සටහන්
- නිරූපණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) විසින් 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙහිදී දිනාගත් ආසන සංඛ්‍යාව වෙයි.
- පසුගිය මැතිවරණයට පෙර මේ පක්ෂය පිහිටුවා නොමැතිය.
- නිරූපණය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසින් 2019 ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙහිදී දිනාගත් ආසන සංඛ්‍යාව වෙයි.
- සමානුපාතික නියෝජනය ක්‍රමය යටතේ පක්ෂවලට ලබාගත් ආසන සංඛ්‍යාව
මූලාශ්‍ර
- "ඇල්පිටියේ ඡන්දය ඇරඹෙයි". අද දෙරණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "ඇල්පිටිය". දිනමිණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26". අද දෙරණ. 12 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2024.
- "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය". හිරු මාධ්‍ය ජාලය. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
- Farzan, Zulfick. "CBK Back in Politics: Leads Broad Alliance for Upcoming Elections". News First (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-02-12.
- "ජනපතිට සහාය පළ කරන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදකී". අද දෙරණ. 5 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට". ලංකාදීප පුවත්පත. 11 ඔක්තෝබර් 2019. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
- "පස්සට ගොස් පෙරට ආ ඇල්පිටිය පුංචි ඡන්දය". සිළුමණ. 26 ඔක්තෝබර් 2024. සම්ප්‍රවේශය 27 ඔක්තෝබර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "පොහොට්ටුවේ බලය තිබූ ඇල්පිටිය ප්‍රා. සභාව දියවෙයි – බලය ශූන්‍ය වුණා". දිනමිණ. 29 පෙබරවාරි 2024. සම්ප්‍රවේශය 16 නොවැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "Eight parties, one independent group in the fray for Elpitiya Pradeshiya Sabha Election today". Daily Mirror. 26 October 2024. 27 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2024.
- "Local Authorities Elections - 2024/10/26 - Final Results of the Council" (PDF). Election Commission of Sri Lanka. 26 October 2024. 27 October 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2024.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2024 පිළිබඳ තොරතුරු, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2024 යනු කුමක්ද? ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය, 2024 යනු කුමක් දර්ශනය කරන්නේ?