කරගහගෙදර අම්බලම

කරගහගෙදර අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය දඹදෙණිය-යාපහුව මාර්ගයේ දැකගත හැකි පනාවිටිය අම්බලම හැරුණු කොට හමුවන අනෙක් අම්බලම වෙයි.

අතීතය

ක්‍රි.ව. 1837 දී පමණ කරගහගෙදර අම්බලම ඉදිකරන්නට ඇතැයි සැළකේ.

ඉදිකිරීම් ආකෘතිය

පොළවේ තබන ලද ගෝලාකාර ගල් 4ක් මත පිහිටුවන ලද දැව තලාඳ 4ක් මත, අම්බලම ගොඩනංවා තිබේ. මෙහි වූ එක් විශේෂත්වයක් වන්නේ අම්බලම තුල ඉඳගැනීමට අමතරව කකුල් තබාගැනීම සඳහා වෙනමම කොටයක්ද සවිකොට තිබීමයි.

වැසි දියෙන් තෙමීම වැළැක්වීම, ගොඩනැගිල්ල කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම, රාත‍්‍රී නවාතැන් ගන්නා පිරිස්, සර්පයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම උදෙසා සහ නඩත්තු කටයුතුවල පහසුව වෙනුවෙන්, අම්බලම මෙසේ පොළොවෙන් මඳක් උස් ව ඉදිකොට තිබෙයි.

රූපවාහිනී තිරයට

ජාතික රූපවාහිනියේ විකාශය වූ ඇත්කඳ ලිහිණියා ටෙලි සිත්තමේ සමහර කොටස් මෙම අම්බලම ආශ්‍රිතව රූපගත කොට තිබෙයි.

මූලාශ්‍ර

  1. "කරගහගෙදර අම්බලමේ සුව වින්දෙමි". තහනම් අඩවිය. 27 පෙබරවාරි 2013. සම්ප්‍රවේශය 4 ජූනි 2014.
  2. රත්නප්‍රිය, විරාජ් (16 නොවැම්බර් 2011). "ඇත්කඳ ලිහිණියා නැවත මතුකළ කරගහගෙදර අම්බලම". නඩේ ගුරා. සම්ප්‍රවේශය 3 ජූනි 2014.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරගහගෙදර අම්බලම පිළිබඳ තොරතුරු, කරගහගෙදර අම්බලම යනු කුමක්ද? කරගහගෙදර අම්බලම යනු කුමක් දර්ශනය කරන්නේ?