අටවන ටොලමි ෆිස්කන්

ටොලමි VIII යුවෙර්ගිටීස් II ට්‍රයිෆන් (ග්‍රීක: Πτολεμαῖος Εὐεργέτης Τρύφων, Ptolemaĩos Euergétēs Tryphon "ටොලමි නම් පරිත්‍යාගශීලියා, සුඛෝපභෝගියා"; ක්‍රි.පූ. 184 – ක්‍රි.පූ. 116 ජූනි 28), නැතහොත් ෆිස්කන් (Φύσκων "මහත") නම් පටබැඳි නාමයෙන් හැඳින්වෙන්නේ ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ විසූ රජකෙනෙකි. ඔහු ටොලමි V එපිෆේනීස් සහ ක්ලියෝපැට්‍රා I සයිරා රැජිනගේ ලාබාල පුත්‍රයායි. මොහුගේ රාජ්‍ය සමය තුළ සිය වැඩිමහල් සොහොයුරා වූ ටොලමි VI ෆිලොමේටර් සහ සොහොයුරිය වූ ක්ලියෝපැට්‍රා II අතර ප්‍රබල දේශපාලනික සහ යුධමය ගැටුමක් ඇති විය.

ටොලමි VIII ෆිස්කන්
ටොලමි VIII යුවෙර්ගිටීස් II
අටවන ටොලමිගේ කාසියක්
ඊජිප්තුවේ ටොලමයික රාජවංශයේ පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 169–164 පමණ ටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II සමඟ
ක්‍රි.පූ. 144–132/1 පමණ ක්ලියෝපැට්‍රා II සහ ක්ලියෝපැට්‍රා III සමඟ
ක්‍රි.පූ. 126–116 පමණ ක්ලියෝපැට්‍රා II සහ ක්ලියෝපැට්‍රා III සමඟ (ටොලමයික)
පූර්වප්‍රාප්තිකයාටොලමි VI සහ ක්ලියෝපැට්‍රා II
අනුප්‍රාප්තිකයාටොලමි IX සහ ක්ලියෝපැට්‍රා III
වල්ලභක්ලියෝපැට්‍රා II
ක්ලියෝපැට්‍රා III
දරුවන්ක්ලියෝපැට්‍රා II මඟින්:
ටොලමි මෙම්ෆයිටිස්
ක්ලියෝපැට්‍රා III මඟින්:
ටොලමි IX ලැතිරොස්
ටොලමි X ඇලෙක්සැන්ඩර් I
ක්ලියෝපැට්‍රා IV
ට්‍රයිෆේනා
ක්ලියෝපැට්‍රා සෙලීනි I
අයිරිනි මඟින් (?):
ටොලමි ඒපියන්
පියාටොලමි V එපිෆේනීස්
මවක්ලියෝපැට්‍රා I සයිරා
උපතක්‍රි.පූ. 184 පමණ
මරණයක්‍රි.පූ. 116 ජූනි 28 (වයස 68 පමණ)

සටහන්

  1. ටොලමිවරුන් අංකනය කිරීම නූතන සම්මුතියකි. ග්‍රීකවරුන් ඔවුන් වෙන්කර දැක්වූයේ විරුද නාමය (උදා. "ෆිලොපේටර්") හෝ පටබැඳි නාමය (උදා. "ඕලිටිස්") ආධාරයෙනි. මෙහි දක්වා ඇති අංකය වර්තමාන එකඟත්වය අනුව යෙදුණකි. නමුත් දහනවවන සියවසේ දී, පසුකාලීන ටොලමිවරුන් රාජ්‍ය කරන අයුරින් ගිණිය යුතු බවට වාදවිවාද ඇති විය. පැරණි මූලාශ්‍රවල අංකය එකක් අඩුවෙන් හෝ වැඩියෙන් දක්වා ඇති හෙයින්, දෙන ලද ටොලමිවරයකු හඳුනාගැනීමට භාවිත කළ හැකි විශ්වසනීයම ආකාරය විරුදය ආශ්‍රය කර ගැනීමයි.

ආශ්‍රේයයන්

  1. Chris Bennett. "Ptolemy VIII". Egyptian Royal Genealogy. Tyndale House. සම්ප්‍රවේශය 2 October 2019.
  2. Hölbl 2001, p. 204

ග්‍රන්ථාවලිය

  • Chrubasik, Boris (2016). Kings and Usurpers in the Seleukid Empire: The Men who would be King. Oxford: Oxford University Press. ISBN 9780198786924.
  • Peter Green, Alexander to Actium (University of California Press, 1990) ISBN 0-520-05611-6
  • Hölbl, Günther (2001). A History of the Ptolemaic Empire. London & New York: Routledge. pp. 143–152 & 181–194. ISBN 0415201454. {{cite book}}: Invalid |ref=harv (help)
  • Peter Nadig, Zwischen König und Karikatur: Das Bild Ptolemaios’ VIII. im Spannungsfeld der Überlieferung (C.H. Beck, 2007) ISBN 978-3-406-55949-5

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අටවන ටොලමි ෆිස්කන් පිළිබඳ තොරතුරු, අටවන ටොලමි ෆිස්කන් යනු කුමක්ද? අටවන ටොලමි ෆිස්කන් යනු කුමක් දර්ශනය කරන්නේ?