නුවරකන්ද රජ මහා විහාරය

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල පිහිටි, නුවරකන්ද රජ මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු බෞද්ධ සිද්ධස්ථානයක් වේ.

නුවරකන්ද රජ මහා විහාරය
මූලික තොරතුරු
පිහිටීමනෑටිය, වාරියපොල, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකුරුණෑගල
පළාතවයඹ පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය (6 ජූලි 2007)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

ළගාවීම

වාරියපොල - ගනේවත්ත පාරේ නෑටිය හන්දිනේ වමට හැරී නෑටිය දෙසට සැ 4ක් ගොස් නුවරකන්ද හන්දියෙන් වමට හැරී සැ 2ක් ගමන් කර නුවර කන්ද විහාරයට ලගාවිය හැක.

ඉතිහාසය

දේවානම්පිය තිස්ස රජුගේ මළනුවන් සේ සැළකෙන සූරතිස්ස රජු විසින් මෙම විහාරය කරවූ බව සැළකේ. පසුකාලීනව සතුරු ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුරයේ සිට පලා ආ වලගම්බා රජු මෙම ස්ථනයේ බොහෝ කලක් සැඟවී වාසය කර ඇති බවටද තොරතුරු සදහන් වේ.

විහාර නටඹුන්

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉතා දුර්ලභ ගණයේ ප්‍රථිමා සේ සැලකෙන දහයියා වලින් නිර්මිත බුද්ධ ප්‍රථිමාවක් මෙම විහාරස්ථානයේ දැකගත හැකිවේ. එසේම මෙම විහාරය ආශ්‍රිත කටාරම් කොටන ලද ලෙන් 26ක් ඇතුළු ලෙන් 32ක සාධක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හදුනාගෙන තිබේ.

මූලාශ්‍ර

  1. "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.
  2. "දුර්ලභ ගණයේ දහයියා පිළිමයක් ඇති නුවරකන්ද රජ මහා විහාරය". බුදුසරණ. 24 නොවැම්බර් 2009. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.
  3. "නුවරකන්ද රජමහා විහාරය". අමේසිංලංකා. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.
  4. "නුවරකන්ද පුරාවිද්‍යා භූමියෙන් ලෙන් 32ක සාධක හමුවෙයි". රිවිර. 11 සැප්තැම්බර් 2015. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුවරකන්ද රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, නුවරකන්ද රජ මහා විහාරය යනු කුමක්ද? නුවරකන්ද රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?