පුත්තලම

පුත්තලම (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති විශාලතම නගරයයි. මෙම නගරය පුත්තලම නගර සභාව මගින් පාලනය වේ. කොළඹ සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සඳහා ප්‍රධාන මාර්ගවල සන්ධිස්ථානයකි. සුළං ශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සඳහා මෙම නගරය ප්‍රසිද්ධ ය.

Puttalam
පුත්තලම
புத்தளம்
Puttalam
ඛණ්ඩාංක: 08°02′03″N 79°50′07″E / 8.03417°N 79.83528°E / 8.03417; 79.83528
CountrySri Lanka
ProvinceNorth Western
ජනගහණය
 • මුළු45,401
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+05:30)

ඉතිහාසය

වසර 2200කට ඉහත දී විජය කුමරු ගේ විජයාගමනය සිදුවූ තම්බපණ්ණී ප්‍රදේශය පුත්තලම හෝ ඒ ආශ්‍රිතව බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් ය. උප්පුත්තලම් හෙවත් ලුණු භූමිය යනුවෙන් මෙහි විසූ ජනයා මෙම ප්‍රදේශය හැදින්වූ අතර එය කාලයාගේ ඇවෑමෙන් කටවහරට රිසිසේ පුත්තලම යනුවෙන් වෙනස් විය. අතීතයේ අරාබි වෙළෙදුන් ගෙන්වූ බූරුවෝ දැනටත් මෙම නගරයේ හා මන්නාරමේ බහුලව වෙසෙති.

පෘතුගීසීන් විසින් වහල් සේවය සඳහා අප‍්‍රිකානු රටවලින් මෙරටට ගෙන්වන ලද කාපිරි ජාතිකයින් ගේ ජනාවාස මෙහි මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය. ඔවුන් ගෙන් පැවැතෙන්නෝ පසු කලෙකැ පෘතුගීසී ක්‍රියොල් භාෂාව කථා කළ හ. එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙන් පලවා හරින ලද සරණාගත මුස්ලිම් ජනතාව පුත්තලම නගරයට පැමිණ පසුව එම නගරය කේන්ද්‍ර කරගෙන මේ දක්වා ජීවත් වෙති.

කාලගුණය

ලෝක කාලගුණ කලාප වාර්ගීකරණයට අනුව පුත්තලමේ ස්වාභාවික සවානා කාලගුණයක් පවතී. කෙටි වියළි කාල දෙකක් ජූනි - සැප්තැම්බර් හා ජනවාරි - මාර්තු මාසවල ද, වැසි කාලය ලෙස ඔක්තෝබර් - දෙසැම්බර් මාසවල ද පවතී.


පුත්තලම සදහා සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රි මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වසර
වාර්තාගත ඉහළම °C (°F) 34.4
(93.9)
36.3
(97.3)
38.5
(101.3)
37.6
(99.7)
36.2
(97.2)
36.1
(97.0)
36.7
(98.1)
35.5
(95.9)
35.7
(96.3)
35.5
(95.9)
36.1
(97.0)
34.6
(94.3)
38.5
(101.3)
මධ්‍යන්‍ය දෛනික උපරිමය °C (°F) 30.5
(86.9)
32.1
(89.8)
33.2
(91.8)
33.1
(91.6)
32.3
(90.1)
31.5
(88.7)
31.4
(88.5)
31.5
(88.7)
31.7
(89.1)
31.1
(88.0)
30.5
(86.9)
29.9
(85.8)
31.6
(88.9)
දෛනික සාමාන්‍යය °C (°F) 25.8
(78.4)
26.8
(80.2)
28.1
(82.6)
28.8
(83.8)
29.0
(84.2)
28.8
(83.8)
28.5
(83.3)
28.5
(83.3)
28.5
(83.3)
27.6
(81.7)
26.7
(80.1)
26.0
(78.8)
27.8
(82.0)
මධ්‍යන්‍ය දෛනික අවමය °C (°F) 21.0
(69.8)
21.4
(70.5)
23.1
(73.6)
24.5
(76.1)
25.8
(78.4)
26.2
(79.2)
25.6
(78.1)
25.5
(77.9)
25.3
(77.5)
24.1
(75.4)
22.9
(73.2)
22.1
(71.8)
24.0
(75.2)
වාර්තාගත අවම °C (°F) 15.2
(59.4)
13.5
(56.3)
14.9
(58.8)
19.9
(67.8)
19.7
(67.5)
20.4
(68.7)
21.0
(69.8)
20.2
(68.4)
20.4
(68.7)
19.4
(66.9)
16.7
(62.1)
16.7
(62.1)
13.5
(56.3)
සාමාන්‍ය වර්ෂාපතනය mm (inches) 55
(2.2)
40
(1.6)
66
(2.6)
176
(6.9)
95
(3.7)
42
(1.7)
16
(0.6)
16
(0.6)
64
(2.5)
238
(9.4)
249
(9.8)
138
(5.4)
1,195
(47.0)
සාමාන්‍ය සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) (at Daytime) 70 66 67 71 74 73 73 73 72 75 76 75 72
Source 1: NOAA
Source 2: Department of Meteorology (records up to 2007)

ජනගහනය

පුත්තලම නගරයේ ජනගහනය 45,401ක් වේ. ඉන් 95%ක් මුස්ලිම් වන අතර නගරයෙන් පිටත සුළු වශයෙන් දෙමළ, ක්‍රිස්තියානි හා බෞද්ධ ජනතාව වාසය කරති.

ගමනාගමනය

උතුරු මුහුදුබඩ මාර්ගය පුත්තලමින් අවසන් වේ. ප්‍රධාන මාර්ග තුනක් වන A3 (කොළඹ සිට මීගමුව හරහා) මාර්ගයත් A10 (කටුගස්තොට සිට කුරුණෑගල හරහා) මා‍ර්ගයත් A12 (ත්‍රිකුණාමලය සිට අනුරාධපුරය හරහා) මාර්ගයත් පුත්තලමින් අවසන් වේ. නගරයේ සිට ක්‍රියාත්මක වන බස්රථ වයඹ පළාතේ අනෙක් නගරවලට බහුලව ගමන්ගන්නා අතර දුර ගමන් ලෙස කොළඹ, මහනුවර, අනුරාධපුර යන නගරවලට පමණක් ගමන්කෙරේ.

ආර්ථිකය

ශ්‍රී ලංකාවේ පොල් ත්‍රිකෝණයට අයත් මෙම නගරය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පොල් නිෂ්පාදන මධ්‍යස්ථානය බවට ද දෙවන විශාලතම ලුණු නිෂ්පාදන මධ්‍යස්ථානය බවට ද පත්වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාව වන ඉන්සී සිමෙන්ති කර්මාන්තශාලාව ද මෙහි පිහිටා ඇත. මීට අමතරව කෘෂිකර්මාන්තය හා ඉස්සන් වගාව ද බහුල ව පවතී. පුත්තලම නගරය ශ්‍රී ලංකාවේ කකුළු වගාබිම් හා අභිජනන මධ්‍යස්ථනයක් ලෙස සිංගප්පූරුවේ ඇති ආයතනයකට නිෂ්පාදන ලබාදේ.

අධ්‍යාපනය

පුත්තලම නගරයේ ඇති පාසල් පුත්තලම අධ්‍යාපන කලාපය යටතේ පුත්තලම දකුණ අධ්‍යාපන කොට්ඨාසයට හා පුත්තලම උතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් වේ. මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලයක් ද පිහිටා ඇත.

  • ශාන්ත ඇන්ඩෲ මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
  • ෆාතිමා බාලිකා විද්‍යාලය
  • සහිරා විද්‍යාලය (ජාතික පාසල)
  • ආනන්ද ජාතික පාසල
  • හින්දු මධ්‍ය විද්‍යාලය
  • තිල්ලෛඅඩි මුස්ලිම් මහා විද්‍යාලය
  • ඉක්රා ජාත්‍යන්තර විද්‍යාලය
  • ශාන්ත මේරි විද්‍යාලය
  • මොණරවැව රජයේ කණිෂ්ඨ විද්‍යාලය.
  • බණ්ඩාරනායකපුර මහ විද්‍යාලය
  • කරඬිපුවල් මහ විද්‍යාලය
  • මොණරවැවේ ධම්මරතන භික්ෂු
  • ආලන්කුඩා
  • කල්පිටිය කලපුව හා ඒ අවට ප්‍රදේශය
  • ආනවිලුන්දාව ජාතික වනෝද්‍යානය
  • විල්පත්තු ජාතික වනෝද්‍යානය (පුත්තලම නගරයේ වනෝද්‍යානයට යාහැකි මාර්ග ඇත.)
  • කල්පිටිය ලන්දේසි කොටුව
  • කල්පිටිය ඩොල්ෆින් මසුන් නැරඹුම් ප්‍රදේශය (බෝට්ටු මගින්)
  • කුවේණිගේ භවන යැ යි පවසන නටබුන් ප්‍රදේශය
  • ඉප්පන්තීවු දූපත,
  • තම්බපණ්ණි රාජ මහා විහාරය.(ගල්විල පාරිසරික උද්‍යානයේ පිහිටා ඇත.)මෙහි කුවේණි මෑණියන්ගේ දේහය තැන්පත් කර ඇත.

ක්‍රීඩා

පුත්තලම ප්‍රදේශයේ දැනට පාපන්දු, අත්පන්දු (වොලිබෝල්) හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් ජනයා අතර ප්‍රසිද්ධය. ක්‍රීඩා සංස්කෘතිය ඉහළින්ම අගයන මෙහි ක්‍රීඩා සමාජ හා ආයතන බහුලව පවතී.

  1. "Puttalam Climate Normals 1961–1990". National Oceanic and Atmospheric Administration. සම්ප්‍රවේශය November 18, 2016.
  2. "Ever Recorded Daily Extreme Values" (PDF). Department of Meteorology. December 29, 2009 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය December 8, 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පුත්තලම පිළිබඳ තොරතුරු, පුත්තලම යනු කුමක්ද? පුත්තලම යනු කුමක් දර්ශනය කරන්නේ?