බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු

මුල් පිටුව | බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු

බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර යනු, 1798 සහ 1948 අතරතුර කාලය තුලදී බ්‍රිතාන්‍ය යටත්විජිත කාලසීමාවෙහිදී, ලංකාව (වත්මන ශ්‍රී ලංකාව) පාලනය කල නිලධාරියෙකි. ආණ්ඩුකාරවරයා මගින් එක්සත් රාජධානි රජ නියෝජනය කෙරිනි. බ්‍රිතාන්‍ය පාලනය අවසන්ව 1948දී ස්වෛරීය ලංකා රාජධානිය නැවත පිහිටුවීමේදී මෙම නිලය අහොසි කෙරිනි.

ආණ්ඩුකාර - බ්‍රිතාන්‍ය ලංකාව
බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර නිල කොඩිය
Frederick North
විලාසයHis/Her Excellency
නිල නිවසGovernment House
පත්කරන්නේMonarch of the United Kingdom
පෙර පැවති අනුරූපී තනතුරGovernor of Zeylan
තනතුර ඇතිකල දිනයAug 1795
මුලින්ම තනතුර දැරූයේPatrick Alexander Agnew
as Military Governor
අවසන් වරට තනතුර දැරූයේHenry Monck-Mason Moore
තනතුර අහෝසිකල දිනයක්‍රි.ව. 1948 පෙබරවාරි 4
අහෝසිකල පසු ඇතිකල අනුරූපී තනතුරGovernor-General of Ceylon

ආණ්ඩුකාරවරයා යනු

(අග්‍රාමාත්‍යයවරයාගේ උපදෙස් මත) බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් පත්කරන ලද ආණ්ඩුකාරවරයා, බ්‍රිතාන්‍ය පාලනය පුරාවටම ලංකාව තුල විධායක බලය දැරීය. හේ, විධායක මණ්ත්‍රණ සභාවෙහි හා ලංකාවෙහි පූර්ව-ස්වාධිනත්ව රජයෙහි ප්‍රධානියා විය.

ආණ්ඩුකාරවරයා, ලංකාවෙහි සිටි බලවත්ම නිලධාරියා වූ අතර, දෙවන ලෝක යුද්ධය කාලයේදී පමණක්, ආණ්ඩුකාරවරයා ඉක්මවන බලයක් සහිතව, ලංකාවෙහි ආඥාධිපති ලෙසින්, අද්මිරාල් ශ්‍රීමත් ජෙෆ්රි ලේටන් පත් කරන ලදි. ආණ්ඩුකාරවරයා නිලබලයෙන් ලංකා විශ්වවිද්‍යාල‍යයෙහි කුලපති විය.

ආණ්ඩුකාරවරුන්ගේ ලැයිස්තුව (1798–1948)

බ්‍රිතාන්‍ය හමුදාව දිවයිනට ගොඩබට 1796 සිට, පළමු ලංකාණ්ඩුකාරයා පත් කල 1798 දක්වා කාලය තුල, ලංකාව පාලනය කරන ලද්දේ මදුරාසියෙහි ආණ්ඩුකාරවරයා වූ රොබට් ඇන්ඩෲස් විසිනි.

  • ෆ්‍රෙඩ්රික් නෝර්ත්, 12 ඔක්තෝබර් 1798–19 ජුලි 1805
  • ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් 19 ජූලි 1805–19 මාර්තු 1811
  • රොබට් බ්‍රවුන්රිග්, 11 මාර්තු 1812–1 පෙබරවාරි 1820
  • එඩ්වඩ් පැජට්, 2 පෙබරවාරි 1822–6 නොවැම්බර් 1822
  • එඩ්වඩ් බාන්ස් , 18 ජනවාරි 1824–13 ඔක්තෝබර් 1831
  • රොබට් ජෝන් විල්මට්-හෝර්ටන්, 23 ඔක්තෝබර් 1831–7 නොවැම්බර් 1837
  • ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවට්-මැකෙන්සි, 7 නොවැම්බර් 1837–15 අප්‍රේල් 1841
  • ශ්‍රීමත් කොලින් කැම්බල්, 15 අප්‍රේල් 1841–19 අප්‍රේල් 1847
  • ටොරින්ටන් සාමිවරයා, 29 මැයි 1847–18 ඔක්තෝබර් 1850
  • ශ්‍රීමත් ජෝර්ජ් විලියම් ඇන්ඩර්සන්, 27 නොවැම්බර් 1850–18 ජනවාරි 1855
  • හෙන්රි ජෝර්ජ් වෝඩ්, 11 මැයි 1855–30 ජූනි 1860
  • චාල්ස් ජස්ටින් මැකාර්ති, 22 ඔක්තෝබර් 1860–1 දෙසැම්බර් 1863
  • ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්, 21 මාර්තු 1865–4 ජනවාරි 1872, 16 මැයි 1865 දක්වා වැඩ බලන
  • විලියම් හෙන්රි ග්‍රෙගරි, 4 මාර්තු 1872–4 සැප්තැම්බර් 1877
  • ශ්‍රීමත් ජේම්ස් රොබට් ලොංග්ඩන්, 4 සැප්තැම්බර් 1877–10 ජූලි 1883
  • ශ්‍රීමත් ආතර් හැමිල්ටන්-ගෝර්ඩන්, 3 දෙසැම්බර් 1883–28 මැයි 1890
  • ආතර් එලිබෑන්ක් හැව්ලොක්, 28 මැයි 1890–24 ඔක්තෝබර් 1895
  • ජෝසප් වෙස්ට් රිජ්වේ, 10 පෙබරවාරි 1896–19 නොවැම්බර් 1903
  • ශ්‍රීමත් හෙන්රි ආතර් බ්ලේක්, 3 දෙසැම්බර් 1903–11 ජූලි 1907
  • ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම්, 24 අගෝස්තු 1907–24 ජනවාරි 1913
  • රොබට් චාර්මස්, 18 ඔක්තෝබර් 1913–4 දෙසැම්බර් 1915
  • ශ්‍රීමත් ජෝන් ඇන්ඩර්සන් , 15 අප්‍රේල් 1916–24 මාර්තු 1918
  • ශ්‍රීමත් විලියම් හෙන්රි මැනිං, 10 සැප්තැම්බර් 1918–1 අප්‍රේල් 1925
  • ශ්‍රීමත් හියු ක්ලිෆර්ඩ්, 30 නොවැම්බර් 1925–1927
  • ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි, 20 අගෝස්තු 1928–11 පෙබරවාරි 1931
  • ශ්‍රීමත් ග්‍රෑම් තොම්ප්සන්, 11 අප්‍රේල් 1931–20 සැප්තැම්බර් 1933
  • ශ්‍රීමත් රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 23 දෙසැම්බර් 1933–30 ජූනි 1937
  • ශ්‍රීමත් ඇන්ඩෲ කැල්ඩිකොට්, 16 ඔක්තෝබර් 1937–19 සැප්තැම්බර් 1944
  • ශ්‍රීමත් හෙන්රි මොන්ක්-මේසන් මුවර්, 19 සැප්තැම්බර් 1944–4 පෙබරවාරි 1948

වැඩබලන ආණ්ඩුකාරවරුන්

  • ජෝන් විල්සන්, 19 මාර්තු 1811–11 මාර්තු 1812, පළමුවරට වැඩ බැලීම
  • එඩ්වඩ් බාන්ස්, 1 පෙබරවාරි 1820–2 පෙබරවාරි 1822
  • ජේම්ස් කැම්බල්, 6 නොවැම්බර් 1822–18 ජනවාරි 1824
  • ජෝන් විල්සන්, 13 ඔක්තෝබර් 1831–23 ඔක්තෝබර් 1831, දෙවනවරට වැඩබැලීම
  • ජේම්ස් එමර්සන් ටෙනන්ට්, 19 අප්‍රේල් 1847–29 මැයි 1847
  • චාල්ස් ජස්ටින් මැකාර්ති, 18 ඔක්තෝබර් 1850–27 නොවැම්බර් 1850, පළමුවරට වැඩබැලීම
  • චාල්ස් ජස්ටින් මැකාර්ති, 18 ජනවාරි 1855–11 මැයි 1855, දෙවන වරට
  • හෙන්රි ෆ්‍රෙඩ්රික් ලොකියර්, 30 ජූනි 1860–30 ජූලි 1860
  • චාල්ස් එඩ්මන්ඩ් විල්කින්සන්, 30 ජූලි 1860–22 ඔක්තෝබර් 1860
  • ටෙරන්ස් ඕබ්‍රයන්, 1 දෙසැම්බර් 1863–21 මාර්තු 1865
  • ශ්‍රීමත් හර්කියුලස් රොබින්සන්, 21 මාර්තු 1865–4 ජනවාරි 1872, 16 මැයි 1865 දක්වා වැඩබැලීම
  • හෙන්රි ටර්නර් අර්වින්, 4 ජනවාරි 1872–4 මාර්තු 1872
  • ජෝන් ඩග්ලස්, 10 ජූලි 1883–3 දෙසැම්බර් 1883
  • එඩ්වඩ් නොයෙල් වෝකර්, 24 ඔක්තෝබර් 1895–10 පෙබරවාරි 1896
  • එවරඩ් එෆ්. ඉම් තර්න්, 19 නොවැම්බර් 1903–3 දෙසැම්බර් 1903
  • හියු ක්ලිෆර්ඩ්, 11 ජූලි 1907–24 අගෝස්තු 1907
  • රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 24 ජනවාරි 1913–18 ඔක්තෝබර් 1913, පළමුවරට වැඩබැලීම
  • රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 4 දෙසැම්බර් 1915–15 අප්‍රේල් 1916, දෙවනවරට වැඩබැලීම
  • රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්, 24 මාර්තු 1918–10 සැප්තැම්බර් 1918, තෙවනවරට වැඩබැලීම
  • සිසිල් ක්ලෙමන්ටි, 1 අප්‍රේල් 1925–18 ඔක්තෝබර් 1925
  • එඩ්වඩ් බෲස් ඇලෙක්සැන්ඩර්, 18 ඔක්තෝබර් 1925–30 නොවැම්බර් 1925
  • බර්නාඩ් හෙන්රි බෝර්ඩිලන්, 11 පෙබරවාරි 1931–11 අප්‍රේල් 1931
  • ෆ්‍රැන්සිස් ග්‍රෑම් ටිරල්, 20 සැප්තැම්බර් 1933–23 දෙසැම්බර් 1933
  • මැක්ස්වල් මැක්ලැගන් වෙඩර්බර්න්, 30 ජූනි 1937–16 ඔක්තෝබර් 1937

ආශ්‍රිත ලිපි

  • සෙයිලාන්හි ලන්දේසි ආණ්ඩුකාරවරු
  • ලංකාවේ අග්‍රාණ්ඩුකාර
  • ලංකාවේ ඉතිහාසය

ආශ්‍රිත

  • ගවනර්ස් ඔෆ් සිලෝන්
  • කන්ස්ටිට්‍යුෂනල් හිස්ට්‍රි, ව්‍යවස්ථා සංශෝධන හා ජාතික ඒකාග්‍රතා අමාත්‍යාංශය සංරක්ෂණය කළ පිටපත 2008-08-28 at the Wayback Machine

සැකිල්ල:බ්‍රිතාන්‍ය ලංකාණ්ඩුකාර සැකිල්ල:යටත්විජිත අධිරාජ්‍යයන්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු පිළිබඳ තොරතුරු, බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු යනු කුමක්ද? බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.