රණබිම රාජකීය විද්‍යාලය (English: Ranabima Royal College) , රාජකීය විද්‍යාලය ලෙසද හැඳින්වේ. රණබිම රාජකීය විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ මහනුවර නගරය අසල ගන්නෝරුව ප්‍රදේශයේහි පිහිටි පළාත් පාසලකි. මෙම පාසල ගන්නෝරුව සහ හන්තාන කඳු වලින් වටවී ඇති අතර මහවැලි ගං ඉවුරේ පිහිටා ඇත. දිවිදොස් අභයභූමිය පිහිටා ඇත්තේ පාසල අසලම වන අතර රාජකීය උද්භිද උද්‍යානය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයද ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකාර්මික පර්යේෂණ ආයතනය පාසල අසල පිහිටා ඇත. මෙම පාසල පේරාදෙණියේ සිට නව කොළඹ-මහනුවර අධිවේගී මාර්ගය හරහා කිලෝමීටර 2 ක් (සැතපුම් 1.2) සහ මහනුවර මධ්‍යයේ සිට කිලෝමීටර 6 ක් (සැතපුම් 3.7) දුරින් පිහිටා ඇත.
| රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර | |
|---|---|
| ස්ථානය | |
| ඛණ්ඩාංක | 6°55′29″N 79°51′37″E / 6.924822°N 79.860405°E |
| තොරතුරු | |
| වර්ගය | පළාත් පාසලකි |
| ආගමික සබැඳියා(ව) | සර්වාගමික පාසලකි |
| ආරම්භ කලේ | 2 මාර්තු 1996 |
| ආදිකර්තෘ | W. M. P. B. දිසානායක සහ පාලිත ඇල්කඩුව |
| විදුහල්පති | මාලක පෙරේරා |
| කාර්ය මණ්ඩලය | 150 ක් පමණ |
| ශ්‍රේණි | 6 – 13 |
| බාලක/බාලිකා | බාලක |
| Age | අවුරුදු 11 to අවුරුදු 17 - 18 |
| Area | 15 ක් පමණ |
| නිවාස | 1 . Super Maroon 2. Botten Green 3. Royal Blue 4. Golden Yellow ( 2024 ජයග්‍රහණ අනුපිළිවෙල අනුවයි. ) |
| වර්ණ(ය) | කොල කහ නිල් |
| වෙබ් අඩවිය | ranabimaroyalcollege.com/ |
ඉතිහාසය
රණබිම රාජකීය විද්‍යාලය ආරම්භ කරන ලද්දේ මධ්‍යම පළාතේ හිටපු මහ ඇමති ඩබ්ලිව්. එම්. පී. දිසනායක සහ මධ්‍යම පළාතේ හිටපු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේකම් පාලිත ඇල්කඩුව විසිනි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර ස්ටැන්ලි තිලකරත්න මහතා විසින් 1996 මාර්තු 2 වන දින මෙම පාසල නිල වශයෙන් විවෘත කරන ලදී. පාසලේ පළමු විදුහල්පති එස්. එම්. කීර්තිරත්න මහතා වූ අතර එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය 16 ක් සිටියහ. පාසලේ මුලින් සිසුන් 320 ක් සිටියහ - සිංහල මාධ්‍ය සිසුන් 240 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 80 ක් පාසලේ සිසුන් ප්‍රථම වරට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පිළිවෙලින් 2000 සහ 2003 දී පෙනී සිටියහ.
පාසල ඉදිකර ඇති භූමියට ඓතිහාසික සම්බන්ධතා ඇත. 1638 දී ඓතිහාසික ගන්නෝරුව සටන පෘතුගීසීන් සහ සිංහල හමුදාවන් අතර ගන්නෝරු තැන්නහි ඇති විය. දෙවන රාජසිංහ රජු සහ විජයපාල කුමරු මෙම සටන මෙහෙය වීය. මහනුවර දී පෘතුගීසීන් සහ සිංහලයන් අතර අවසන් සටන ද එය විය.
විදුහල්පතිවරු
| කාලය | නම | |
|---|---|---|
| 1 වන | 1996-2001 | එස්. එම්. කීර්තිරත්න |
| 2 වන | 2001-2003 | ඩබ්ලිව්. වීරසූරිය |
| 3 වන | 2003-2005 | ඒ. කේ. දිවාරත්න |
| 4 වන | 2006-2010 | ටී. සී. කීර්තිරත්න |
| 5 වන | 2011-2014 | එස්. එම්. එම්. ජී. අබේරත්න |
| 6 වන | 2014-2016 | ඊ. එම්. අබේසේකර |
| 7 වන | 2016-2019 | කේ. ඩබ්ලිව්. යූ. චන්ද්‍රකුමාර |
| 8 වන | 2019-2023 | කර්නල් රංජිත් රාජපක්ෂ |
| 9 වන | 2023- සිට | එම්. පෙරේරා |
අධ්‍යාපනය
රණබිම රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමට ඇති එකම ක්‍රමය මධ්‍යම පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ඉහළ තරඟකාරී විභාගයක් වන අතර එහිදී මධ්‍යම පළාතේ සිසුන්ට පමණක් සහභාගී විය හැකිය. එනම් 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් රණබිම රාජකීය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගත නොහැක. මෙම ප්‍රවේශ විභාගය විෂයයන් 3 කින් සමන්විත වේ.
* ගණිතය
* සාමාන්‍ය දැනීම
මෙම පාසල 6 සිට 13 ශ්‍රේණි දක්වා සමන්විත වේ. 11 ශ්‍රේණිය දක්වා සෑම ශ්‍රේණියක් තුළම සිංහල මාධ්‍ය පන්ති දෙකක්, දමිළ මාධ්‍ය පන්තියක් සහ ඉංග්‍රීසි මාධ්‍ය පංතියක් ඇත. මෙම සෑම පන්තියකම සිසුන් හතළිහකින් සමන්විත වේ.
ආරම්භයේ සිටම පරිගණක අධ්‍යාපනය සිසු දරුවන්ට අනිවාර්ය වූ අතර ඊට අවශ්‍ය පහසුකම් විදුහල නිර්මාණයේදීම සැලසිණ. ඒ සදහා විද්‍යාගාර හා තාක්ෂණික විද්‍යාගාර ඉදිකර ඇත. මෙම විදුහලේ දරුවන්ගෙන් පහසුකම් ගාස්තු හැර කිසිදු මුදලක් අය නොකිරීමත් විශේෂයකි. සිසු දරුවන් 300කට නේවාසික පහසුකම් සළසා ඇත. විද්‍යාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා විශේෂ අවධාරණය යොමු කරන අතර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මේ වන විට විදුහලෙන් බිහි කර ඇත.
අධ්‍යාපනය තුළින් ශිල්පීය හා ශාස්ත්‍රීය කුසලතා මෙන්ම වර්තමාන ජාතික හා ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපල ඉල්ලුමට සරිලන ලෙස විෂය ධාරාවන්ට නැඹුරුවක් දැක්විය යතුය යන අරමුණ මත උසස් පෙළ විෂය ධාරාවන් විද්‍යා, වාණිජ හා තාක්ෂණික අංශවලට සීමා වී ඇත. එය ජාතික මට්ටමේ ඉහළ පෙළේ සිසුන් බිහි කරන අතර, ජාතික සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට ලැබෙන සමස්ත ලංකා ස්ථාන වලින් එය සනාථ වේ. සාමාන්‍ය පෙළ මට්ටම මත පදනම්ව සියලුම පිරිමි පාසල් ශ්‍රේණිගත කිරීම් අතර වසර ගණනාවක් හොඳම පිරිමි පාසල ලෙස ශ්‍රේණිගත වී ඇත.
රණබිම බේස්බෝල් සමාජය
රණබිම රාජකීය විද්‍යාලයෙහි සිසුන් හා ආදි සිසුගෙන් පමණක් සමන්විත රණබිම බේස්බෝල් සමාජය මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානම බේස්බෝල් සමාජයක් බවට පත් වී ඇත.
සටහන්
- http://wbsc.org/රණබිම_රාජකීයන්_ජාත්‍යන්තර_බේස්බෝල්_පිටියේ_දස්කම්ද_දක්වති
- සංරක්ෂිත පිටපත, http://www.dinamina.lk/2018/03/02/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/49866/%E0%B6%A2%E0%B6%BA-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B7%83-%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD, ප්‍රතිෂ්ඨාපනය 2020-05-31
- සංරක්ෂිත පිටපත, http://www.dinamina.lk/2018/03/02/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/49866/%E0%B6%A2%E0%B6%BA-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B7%83-%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B6%E0%B7%92%E0%B6%B8-%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%93%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD, ප්‍රතිෂ්ඨාපනය 2020-05-31
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර පිළිබඳ තොරතුරු, රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර යනු කුමක්ද? රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර යනු කුමක් දර්ශනය කරන්නේ?