අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය යනු ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රධානතම විභාගයකි. මෙම විභාගය එක්සත් රාජධානිය විසින් පවත්වනු ලබන ලන්ඩන් උසස්පෙළ විභාගයට සමාන මට්ටමේ පැවතෙන විභාගයකි. මෙය ශ්‍රී ලාංකීය පාසල් සිසුවා විසින් මුහුණදෙන අවසන් විභාගය වේ. මෙම විභාගයට පෙනී සිටීමට මූලික සුදුසුකම වන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින්ම පවත්වනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමයි. විශාල පිරිසක් මෙම විභාගයට අයදුම් කරන්නේ පාසල් අයදුම් කරුවෙක් ලෙසිනි. එසේ ඉදිරිපත් වීමට නොහැකි වී හෝ අදාල වාරය ඉක්මවූ විට පුද්ගලික අයදුම් කරුවකු ලෙස ඉදිරිපත් වේ(පෞද්ගලික අයදුම් කරුවන් සාමාන්‍ය පෙල සමත් වීම අවශ්‍ය නොවේ.) මෙම විභාගය විශ්ව විද්‍යාල වලට පිවිසීමේ කඩඉම් විභාගයක්ද වේ. මෙම විභාගයෙන් සමත් වූවන්ට ලබාදෙන ඉසෙඩ් ලකුණ මත රජයේ විශ්ව විද්‍යාල වලට සිසුන් තෝරාගනු ලැබේ. මෙම විභාගය ප්‍රධාන වශයෙන් සිංහල , දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා වලින් පවත්වනු ලැබේ.

විෂය ධාරාවන්

අ.පො.ස. උසස්පෙළ විභාගයට පෙනී සිටීමට පෙර අපේක්ෂකයින් උසස් ද්විතීයික මට්ටමේ (12 සහ 13 ශ්‍රේණි) වසර දෙකක් ප්‍රධාන අධ්‍යයන ක්ෂේත්‍රයක විෂයයන් හැදෑරිය යුතුය. විෂය ධාරා පහක් ඇති අතර, අපේක්ෂකයින් එක් ප්‍රධාන ක්ෂේත්‍රයක් තුළ විෂයයන් තුනක් තෝරා ගත යුතුය.

භෞතීය විද්‍යා (ගණිත) විෂය ධාරාව

ජීව විද්‍යා විෂය ධාරාව

වාණිජ විෂය ධාරාව

  • ව්‍යාපාර අධ්‍යයනය
  • ගිණුම්කරණය
  • ආර්ථික විද්‍යාව
  • ව්‍යාපාර සංඛ්‍යාලේඛන
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

කලා විෂය ධාරාව

  • බුද්ධාගම
  • හින්දු ආගම
  • ඉස්ලාම්
  • ක්‍රිස්තියානි ආගම
  • බෞද්ධ ශිෂ්ටාචාරය
  • හින්දු ශිෂ්ටාචාරය
  • ඉස්ලාම් ශිෂ්ටාචාරය
  • ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය
  • ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාරය
  • භාෂා (සිංහල, දෙමළ, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, අරාබි, හින්දි, ජපන්, චීන, කොරියානු, මැලේ, ප්‍රංශ, ජර්මානු, රුසියානු)
  • දේශපාලන විද්‍යාව
  • ඉතිහාසය (ශ්‍රී ලාංකික, ඉන්දියානු, යුරෝපීය හෝ නූතන ලෝකයේ)
  • භූගෝල විද්‍යාව
  • තර්කනය සහ විද්‍යාත්මක ක්‍රමය
  • ජන මාධ්‍ය සහ සන්නිවේදන අධ්‍යයනය
  • සෞන්දර්යාත්මක විෂයයන් (නැටුම්, සංගීතය [බටහිර හෝ පෙරදිග], නාට්‍ය, චිත්‍ර කලාව)
  • ගෘහ විද්‍යාව
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තාක්ෂණවේදය විෂය ධාරාව

  • ඉංජිනේරු තාක්ෂණය
  • තාක්ෂණවේදය සඳහා විද්‍යාව
  • ජෛව පද්ධති තාක්ෂණය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

ඉහත ඔබ කැමති විෂය ධාරාවෙන්, ඔබ කැමති විෂය ධාරාවකට අදාළ විෂයයන් තුනක් හෝ ඔබේ ප්‍රධාන විෂය ධාරාවෙන් විෂයයන් දෙකක් සහ තවත් විෂය ධාරාවකින් එකක් තෝරා ගත හැකිය. ඔබ කැමති නම් ඔබට භාෂා දෙකක් තෝරා ගත හැකිය. ඔබ කැමති නම් ඔබට භාෂා දෙකක් තෝරා ගත හැකිය. ඊට අමතරව, ඔවුන් සාමාන්‍ය ඉංග්‍රීසි පරීක්ෂණයක්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය සහ සාමාන්‍ය පොදු පරීක්ෂණයක් සමත් විය යුතුය. සාමාන්‍ය ඉංග්‍රීසි පරීක්ෂණයේ ප්‍රතිඵලය විශ්ව විද්‍යාල ප්‍රවේශ තේරීමේ නිර්ණායකවල සලකා බලනු නොලබන අතර, අපේක්ෂකයින් සාමාන්‍ය පොදු පරීක්ෂණයෙන් සමත් ලකුණක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

විභාගය පැවැත්වීම

රට පුරා තෝරාගත් ජාතික පාසල්වල සෑම වසරකම අගෝස්තු මාසයේදී විභාග පවත්වනු ලැබේ. විමර්ශකයින් සහ අධීක්ෂකවරුන් විභාග දෙපාර්තමේන්තුව විසින් පත් කරනු ලබන අතර ඔවුන් සාමාන්‍යයෙන් ප්‍රාදේශීය පාසල් පද්ධතියේ සුදුසුකම් ලත් ගුරුවරුන් වේ. අපේක්ෂකයින්ට රාජ්‍ය විශ්ව විද්‍යාලයකට සුදුසුකම් ලැබීමට 3 වතාවක් විභාගයට පෙනී සිටීමට අවසර ඇත, එනම් අපේක්ෂකයින් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීම සඳහා උත්සාහයන් 3 ක් ඇතුළත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අවම අවශ්‍යතා සපුරාලිය යුතුය. පරීක්‍ෂණ ඇගයීම් සිදු කරනු ලබන්නේ සාමාන්‍යයෙන් සේවයේ නියුතු සුදුසුකම් ලත් පළපුරුදු පාසල් ගුරුවරුන්ගෙන් සමන්විත ලකුණු පැනල් මගිනි, ඔවුන් අධීක්ෂකවරුන් (සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්) විසින් මෙහෙයවනු ලැබේ. දීපව්‍යාප්ත විභාගයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 4-5ක් පමණ ගත වන අතර විශ්වවිද්‍යාලය සහ පාඨමාලා/අධ්‍යයන ක්ෂේත්‍රය අනුව දේශීය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අපේක්ෂකයින්ට තවත් වසරක පමණ කාලයක් බලා සිටීමට සිදුවේ.

භෞතීය විද්‍යා අංශය (ගණිත අංශය)

ගණිත අංශයෙන් පෙනී සිටීමේ දී ප්‍රධාන විෂයය සංයුක්ත ගණිතය වේ. මෙහි දී සංයුක්ත ගණිතය යනු ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විෂයයන් කොටස් දෙක එකතු කිරීම මගින් හඳුන්වා දෙනු ලැබූ නව විෂයයයි. 2000 වසරට පෙර මෙම විෂයයන් දෙක වෙන වෙනම විෂයයන් ලෙස හැදෑරීමට සිසුනට සිදුවිය. මෙසේ සංයුක්ත ගණිතය විෂයය හඳුන්වා දීමෙන් පසු මුලින් විෂයයන්හි තිබූ බොහෝ කොටස් ඉවත් වීම සිදු විය. සංයුක්ත ගණිතයට අමතර ව භෞතික විද්‍යාව සහ රශායනික විද්‍යාව හැදෑරිය යුතු වේ.

ජීව විද්‍යා විෂය ධාරාව

ජීව විද්‍යා විෂය ධාරාව විෂයයන් හතරකින් සමන්විත වේ: ජීව විද්‍යාව , භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ කෘෂිකාර්මික විද්‍යාව. ජීව විද්‍යාව සහ රසායන විද්‍යාව අනිවාර්ය වන අතර අයදුම්කරුවන්ට භෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාව තෝරා ගැනීමේ විකල්පයක් ඇත.මෙම අංශය ප්‍රධාන ලෙස වෛද්‍ය වෘත්තිය හා ඒ ආශ්‍රිත වෘත්තීන් හා බැඳේ.

තාක්ෂණවේදය අංශය

තාක්ෂණවේදය අංශයෙන් පෙනී සිටීමේදී ප්‍රධාන විෂයයන් දෙකක් යටතේ බෙදී යයි. එනම් ඉංජිනේරු තාක්ෂණවේදය හා ජෛවපද්ධති තාක්ෂණවේදය වශයෙනි. මෙහිදී මෙම විෂයයන් දෙකෙන් එකක් තෝරාගත යුතු අතර විභාගයේදී ප්‍රායෝගික පරීක්ෂණයකටද මුහුණදීමට සිදුවේ. එමෙන්ම තාක්ෂණවේදය සඳහා විද්‍යාව නැමැති විෂය අනිවාර්යයෙන්ම හැදෑරීම කළ යුතු අතර ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ගෘහ ආර්ථික විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව, ගිණුම්කරණය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, චිත්‍ර, ව්‍යාපාර අධ්‍යයනය, කෘෂි විද්‍යාව,ගණිතය යන විෂයයන්ගෙන් එක් විෂයක් තුන්වන විෂය කාණ්ඩය සඳහා තෝරාගත යුතුවේ. ඉංජිනේරු තාක්‍ෂණවේදය සහ ජෛව පද්ධති තාක්‍ෂණවේදය හදාරණ සියලුම සිසුන් විභාග දෙපාර්තාම්න්තුව මගින් පත් කරන ප්‍රායෝගික පරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ ප්‍රායෝගික පරීක්‍ෂණයකට පෙනී සිටිය යුතු වන අතර මෙම පරීක්‍ෂණය උසස්‌ පෙළ ලිඛිත විභාගය අවසන් වීමෙන් පසුව පැවැත්වේ. ප්‍රායෝගික පරීක්‍ෂණය සඳහා සියයට 25 ක ලකුණු ප්‍රතිශතයක්‌ හිමි වන අතර මෙම වසරේ දී (2015) පමණක්‌ එම ප්‍රතිශතය සියයට 15 දක්‌වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එම තීරණය ගෙන ඇත්තේ තාක්‍ෂණවේදය විෂය ධාරාව හදාරන සියලුම සිසුන් සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් ඇති වූ අඩුපාඩුකම් අනුව ය. කෙසේ වුව ද ලබන වසරේ දී දෙවැනි වරට විභාගයට පෙනී සිටින සිසුන්ට ද සියයට 25 ලකුණු ප්‍රතිශතය ක්‍රියාත්මක කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති 02/2015 චක්‍රලේඛයේ සඳහන් වේ.

කලා අංශය


කලා අංශය ප්‍රධාන ක්ෂේත්‍ර හතරකට බෙදා දැක්විය හැකිය. ඒවා පහත වගුවේ මෙලෙස දැක්විය හැකිය. කලා විෂය ධාරාව තෝරා ගන්නා සිසුන් ඉහත සමාජ විද්‍යා ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂය කාණ්‌ඩයෙන් අවම වශයෙන් එක්‌ විෂයයක්‌ තෝරා ගත යුතුය. (භාෂා විෂයයන් 2ක්‌ හෝ තුනම තෝරා ගන්නා සිසුන්ට මෙය අදාළ නොවේ.) ශිෂ්‍යයාගේ මනාපය අනුව මේ කාණ්‌ඩයෙන් විෂයයන් 2ක්‌ හෝ තුන ම තෝරා ගත හැකිය. එමෙන්ම ආගම් හා ශිෂ්ටාචාර විෂයයන් අතරින් යම් ආගමක්‌ තෝරාගන්නේ නම් ඊට අදාළ ශිෂ්ටාචාර විෂය තෝරා ගත නොහැකිය.සෞන්දර්ය අධ්‍යයන විෂයයන් අතරින් විෂයයක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකිය.

භාෂා විෂය කාණ්‌ඩයේ භාෂා විෂයයන්ගෙන් එකක්‌ හෝ දෙකක්‌ තෝරා ගත හැකි වන අතර විෂයයන් තුනම භාෂා විෂයයන්ගෙන් තෝරා ගන්නේ නම් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන විෂයයන් තුන ම හෝ සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, පාලි, සංස්‌කෘත යන විෂයයන්ගෙන් තුනක්‌ තෝරා ගත යුතුය.

සමාජයීය විද්‍යා, ව්‍යවහාරික සමාජ අධ්‍යයන විෂයයන්

ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව

ඉතිහාසය ගෘහ ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ගිණුම්කරණය හා ව්‍යාපාර සංඛ්‍යානය කෘෂි විද්‍යාව තාක්ෂණවේදය සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
ශ්‍රී ලංකා හා ඉන්දිය ඉතිහාසය සිවිල්
යුරෝපා ඉතිහාසය ‍යාන්ත්‍රික
ලෝක ඉතිහාසය විදුලි ඉලෙක්ට්‍රෝනික
ආහාර
කෘෂි
ජෛව සම්පත්


බෞද්ධ ඉස්ලාම් හින්දු ක්‍රිස්තියානි ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය
බෞද්ධ ධර්මය ඉස්ලාම් ධර්මය හින්දු ධර්මය ක්‍රිස්තියානි ධර්මය
බෞද්ධ ශිෂ්ටාචාරය ඉස්ලාම් ශිෂ්ටාචාරය හින්දු ශිෂ්ටාචාරය ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය

සෞන්දර්ය විෂයයන්

චිත්‍ර කලාව නර්තනය සංගීතය නාට්‍ය හා රංග කලාව
දේශීය පෙරදිග සිංහල
භරත අපරදිග දෙමළ
කර්ණාටක ඉංග්‍රීසි

භාෂා

සිංහල දෙමළ ඉංග්‍රීසි අරාබි පාලි සංස්කෘත ප්‍රංශ ජපන් චීන කොරියන් මැලේ හින්දි ජර්මන් රුසියන්

වාණිජ්‍ය අංශය

මෙම විෂය ධාරාව හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන් පහත සඳහන් විෂයයන් අතරින් අවම වශයෙන් දෙකක්‌වත් තෝරා ගත යුතුය.

1.ගිණුම්කරණය

2. ව්‍යාපාර අධ්‍යයනය

3. ආර්ථික විද්‍යාව

ඉතිරි විෂයය පහත දැක්‌වෙන විෂයයන් අතරින් තෝරා ගත යුතුය.

1. ව්‍යාපාර සංඛ්‍යානය

2. භූගෝල විද්‍යාව

3. දේශපාලන විද්‍යාව

4. ඉතිහාසය (ලංකා ඉතිහාසය සමග ඉන්දීය ඉතිහාසය හෝ යුරෝපා ඉතිහාසය හෝ ලෝක ඉතිහාසය)

5. තර්ක ශාස්‌ත්‍රය සහ විද්‍යාත්මක ක්‍රමය

6. ඉංග්‍රීසි

7. ජර්මන්

8. ප්‍රංශ

9. කෘෂි විද්‍යාව

10. සංයුක්‌ත ගණිතය

11. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

විශ්ව විද්‍යාල පිවිසුම

  • විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව සංරක්ෂණය කළ පිටපත 2022-04-11 at the Wayback Machine

විභාගයට භාවිත කළහැකි සම්පත්

  • ඊ - තක්සලාව සංරක්ෂණය කළ පිටපත 2019-05-24 at the Wayback Machine
  • පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සංරක්ෂණය කළ පිටපත 2021-03-01 at the Wayback Machine

==අපොස උසස්පෙළ විභාගයට විෂයයන් තෝරා ගැනීම ==හ්

බාහිර සබැඳිකම්

  • අධ්‍යාපන අමාත්‍යාංශය සංරක්ෂණය කළ පිටපත 2003-03-24 at the Wayback Machine
  • විභාග දෙපාර්ථමේන්තුව

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා පිළිබඳ තොරතුරු, අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා යනු කුමක්ද? අ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකා යනු කුමක් දර්ශනය කරන්නේ?