වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතඌව පළාත
දිස්ත්‍රික්කයමොණරාගල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

ජනගහනය

ග්‍රාම නිලධාරි වසම් 29 කින් සමන්විත වූ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුලු ජනගහනය 68283 කි.

  • ස්ත්‍රි පුරුෂ වශයෙන් ගත්කල ( ස්ත්‍රි 36557, පුරුෂ 36111)
  • පොදුවේ ගත්කල ජාතීන් අනුව (සිංහල 70235 ද, ශ්‍රී ලංකා දෙමළ 648ද, මුස්ලිම් 1106ද  වෙනත් 679)
  • ආගම් අනුව ගත්කල (බෞද්ධ 69997ද, හින්දු 393ද, ඉස්ලාම් 1695ද ක්‍රිස්තියානි 510 ද රෝමානු කතෝලික 63)
  • මුලු පවුල් සංඛ්‍යාව 20617

ග්‍රාම නිළධාරි වසම්

ග්‍රාම නිලධාරි වසම් 29 කි.

  1. නුගයාය -151 ඩී
  2. ආනපල්ලම -151 ඒ
  3. වැල්ලවාය -151
  4. දෙබරආර -150
  5. කොටිකම්බොක්ක -152
  6. තෙළුල්ල -150
  7. සිරිපුරගම -150 ජේ
  8. සුදුපානාවෙල -152 සී
  9. වෙහෙරයාය -150 සී
  10. සියඹලාගුණේ -153 බී
  11. ගල්බොක්ක -152 ඒ
  12. පුබුදුවැව -150 එෆ්
  13. බලහරුව -150 ඒ
  14. බුදුරුවගල -151 ඊ
  15. යාලබෝව -151 සී
  16. ආද‍වෙල යාය -151 එෆ්
  17. කිතුල්කොටේ -150 එම්
  18. වරුණගම -151 ඩී
  19. රන්දෙණිය -153 ඒ
  20. දිඹුලාමුරේ -152 බී
  21. වෙහෙරයාය ජනපදය -150 එච්
  22. ඇතිලිවැව -150 ජේ
  23. හදපානාගල -150 බී
  24. කුරුගම -153 ඒ
  25. රන්දෙණිගොඩයාය -150 එච්
  26. ඌව කුඩාඔය -150 ඩී
  27. මහආරගම -150 ජී
  28. තෙළුල්ල ජනපදය -150 කේ
  29. නෙළුවගල -151 ජී

ආර්ථිකය

මෙම කොට්ඨාශයේ බහුතර පිරිසකගේ ජීවනෝපාය මාර්ගය කෘෂි කර්මාන්තය වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේද කෘෂි කර්මාන්තයයි. ඒ අනුව ආදායම් බෙදීගොස් ඇති ආකාරය විග්‍රහ කිරිමේදි අඩුම ආදායම් ලාභි පවුල් ලෙස සලකන රු 4380 ට අඩු මාසික ආදායම්ලාභි පවුල් 5541 ක් සිටින අතර රු 50000 ට වැඩි ආදායම්ලාභි පවුල් 599 ක් හදුනාගත හැකිය. එමෙන්ම රු 5001-10000 අතර 7289ද රු 10001-20000අතර 4852ද රු 20001-50000අතර 3631ක පවුල් සංඛ්‍යාවක් ග්‍රාම නිලධාරි වර්තා අනුව හදුනාගත හැකිය.

තවද  කොට්ඨාශයේ ආංශික වශයෙන් රැකියා නියුක්ත වූවන්ගේ තත්වය සලකා බැලීමේදි කෘෂිකාර්මික අංශයෙහි 14812 ක් ද කිසියම් රැකියාවකින් ආදායම් උපයන පිරිස 19596කි ද, වෙළදාම හරහා තම ජිවනෝපාය සර්කර ගන්නා පිරිස 1199 ක්ද, වෙනත් සේවා සැපයිම මගින් අදායම් උපයන්නන් 8045 ක් හා රජය මගින් ලබා දෙන සමෘද්ධි ආධාර හරහා ජිවනෝපාය සවිකර ගන්නා පිරිස 6637 ක් ලෙස හදුනාගත හැකිය.

ප්‍රාදේශීය ලේකම්වරුන්

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  • Divisional Secretariats Portal සංරක්ෂණය කළ පිටපත 2018-12-27 at the Wayback Machine



විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිළිබඳ තොරතුරු, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක්ද? වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු කුමක් දර්ශනය කරන්නේ?