වේළුපිල්ලේ ප‍්‍රභාකරන්

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් (දමිළ: வேலுப்பிள்ளை பிரபாகரன்; 1954 නොවැම්බර් 26 – 2009 මැයි 18) යනු ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ස්වාධීන දෙමළ රාජ්‍යයක් බිහිකිරීමට මුවාවී ත්‍රස්තවාදය ව්‍යාප්ත කල දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ත (LTTE) සංවිධානයේ ආරම්භක නායකයා ය.

වේළුපිල්ලේ ප්‍රභාකරන්
வேலுப்பிள்ளை பிரபாகரன்
ප්‍රභාකරන් 2006 දී
උපත26 නොවැම්බර් 1954(1954-11-26)
මරණය2009 මැයි 18 (වයස 54)
මුලතිවු, ශ්‍රී ලංකාව
මරණයට හේතුවක්‍රියාන්විතයේදී මිය යාම
අනෙකුත් නම්ගෝතයා / බූරුවා / මිනීමරුවා /සක්කිලියා
වෘත්තියs1972 දෙමළ නව කොටි සංවිධානයේ ආරම්භක සහ නායක.
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ආරම්භක සහ නායක.
සංගණ්‍ය වන්නේදෙමළ ජාතිවාදය, මිත්‍යා ඊළමෙහි නායකයා
Criminal charge(s)1991 රජීව් ගාන්ධි ඝාතනය සැලසුම් කිරීම
1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය
Criminal penaltyකොළඹ මහාධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කිරීම
ඉන්දියාවේ මද්‍රාස් මහාධිකරණය විසින් මරණ වරෙන්තුවක් නිකුත් කිරීම.
කොළඹ මහාධිකරණය විසින් වසර 200 ක් සිර දඬුවමක් නියම කිරීම
Spouseමදිවදනී එරම්බු (1984–2009) 
දරුවන්චාල්ස් ඇන්තනී (1989–2009) 
දුවර්ගා (1986–2009) 
බාලචන්ද්‍රන් (1997–2009) 

ළමයින් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ප්‍රභාකරන් ශ්‍රී ලංකාවේ යාපනය අර්ධද්වීපයේ උතුරු වෙරළ තීරයේ ඇති වැල්වෙටිතුරෙයි හි උපත ලැබීය. කුඩාකළ සිටම විවිධ මානසික ව්‍යාධි තත්වයන් පෙන්නුම් කළ අයෙකි. ශ්‍රී ලංකාවේ දෙමළ සංස්කෘතියේ සහ සාහිත්‍යයේ හදවත ලෙස සැළකිය හැකි යාපනය ප්‍රදේශයේ එවකට දෙමළ ජාතිවාදී අදහස් ප්‍රචලිත වන්නට විය. මෙයට ප්‍රධානම හේතුව ලෙස සැළකිය හැක්කේ 1948 ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව බ්‍රිතාන්‍ය පාලකයක් ඇතිකර ගිය වර්ගවාදී දේශපාලනික උපක්‍රමයන්‍ සහ බලය වෙනුවෙන් ජාතිවාදය භාවිතා කල දේශපාලන පක්ෂයන් වල ක්‍රියාකාරිත්වයයි. තවද කලාපයේ තම බලය වර්ධනය කරගැනීම වෙනුවෙන් තම අවට රටවල් අස්ථාවර කිරීමේ ඉන්දියානු න්‍යායපත්‍ර ද මීට හේතුවක් විය. ඉන්දියාවේ රෝ සංවිධානය විසින් LTTEය වෙත මුල් කාලයේදී අවි පුහුණුව, සටන් පුහුණුව හා අවි ආයුධ ලබාදීමට කටයුතු කළ බවට පැහැදිලි සාක්ෂි පවතියි.

1976 ආරම්භ වූ LTTE ය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ, ඔවුන් 1983 දි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළුන් 13 දෙනෙකු මරණයට පත් කළ රැක සිට පහර දීමකින් පසු වය. මෙම ප්‍රහාරයෙන් පසුව සිදුවූ කලු ජූලිය (දේශපාලනික කුමකුමන්ත්‍රණයක්) දෙමළ වැසියන් දහස් ගණනක් මරණයට පත් වූ අතර, එය ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ ආරම්භය ලෙස සැළකේ.

ප්‍රභාකරන් තම ප්‍රචන්ඩකාරි සහ ත්‍රස්තවාදි ක්‍රියා නිසා දැඩි ලෙස විවේචනයට ලක් වී ඇත. LTTE ය රටවල් 32 ක් මගින් ත්‍රස්තවාදී ස ංවිධානයක් ලෙස නම් කරන ලදී. මේවාට පිළිතුරු දෙමින් ප්‍රභාකරන් පැවසුවේ තමා ප්‍රචන්ඩත්වය තෝරාගත්තේ ප්‍රචන්ඩ-නොවන අරගල නිෂ්එල වූ බැවින් යනුවෙනි. කෙසේ නමුත් ඔහු ආරම්භ කළ වසර 30 ක යුද්ධයෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියන් දහස් ගණනක් විපතට පත් විය.

  1. "Lanka army sources". The Times of India. 18 May 2009. 23 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-18.
  2. Bosleigh, Robert (2009-05-18). "Tamil Tigers supreme commander Prabhakaran 'shot dead'". Times Online. London. 2009-05-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-18.
  3. Nelson, Dean (2009-05-18). "Tamil Tiger leader Velupillai Prabhakaran 'shot dead'". Telegraph. London. සම්ප්‍රවේශය 2009-05-19.
  4. "Tiger leader Prabhakaran killed: Sources-News-Videos-The Times of India". The Times of India. 2009-05-18. සම්ප්‍රවේශය 2009-05-19.
  5. "Rajiv Gandhi assassination: Agency probing killing conspiracy plods on". The Times of India. 20 May 2011. 9 September 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  6. "Rebel leader sentenced to 200 years' jail as talks start". The Sydney Morning Herald. 2002-11-02. සම්ප්‍රවේශය 3 August 2011.
  7. "Colombo High Court Issue arrest warrant for Prabhakaran and Pottu Amman". Asian Tribune. 2009-05-13. 2011-07-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2009-05-17.
  8. "Obituary: Velupillai Prabhakaran". BBC. 2009-05-18. සම්ප්‍රවේශය 3 August 2011.
  9. Mydans, Seth (2 November 2002). "Rebels Protest Leader's Sentence". New York Times. සම්ප්‍රවේශය 3 August 2011.
  10. "Prabhakaran's son dead". Mid-day.com. 2009-05-18. සම්ප්‍රවේශය 2013-02-20.
  11. "National Leader Prabakaran's Daughter Dwaraka's photos released – Most Shocking". LankasriNews.com. 16 දෙසැම්බර් 2009. 2 දෙසැම්බර් 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2013.
  12. "BBC News – Balachandran Prabhakaran: Sri Lanka army accused over death". BBC. 2013-02-19. සම්ප්‍රවේශය 2013-02-20.
  13. ඒකනායක, ඊ.එම්.එස්. "සිංහල දෙමළ ජනවාර්ගික සම්බන්ධතාවය බිඳවැටීම සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය පැනනැගීම. සංරක්ෂණය කළ පිටපත 2021-09-29 at the Wayback Machine" (2011).
  14. සංරක්ෂිත පිටපත, http://content.time.com/time/world/article/0,8599,1899590,00.html, ප්‍රතිෂ්ඨාපනය 2021-09-29 
  15. Mushtaq, Sehar. "Identity conflict in Sri Lanka: A case of Tamil Tigers.[permanent dead link]" International Journal of Humanities and Social Science 2.15 (2012): 202-210.
  16. ඉතිහාසයේ කළු පැල්ලමට වසර 38යි. (සං‍රක්ෂිත). සිළුමිණ. 2021 ජූලි 17.
  17. Scott, Marian. "‘Black july’1983 marks the start of full-scale war in Sri Lanka." The Gazette 2 (2009).

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වේළුපිල්ලේ ප‍්‍රභාකරන් පිළිබඳ තොරතුරු, වේළුපිල්ලේ ප‍්‍රභාකරන් යනු කුමක්ද? වේළුපිල්ලේ ප‍්‍රභාකරන් යනු කුමක් දර්ශනය කරන්නේ?