ශ්‍රී ලංකා මහජන පක්ෂය

ශ්‍රී ලංකා මහජන පක්ෂය‍ යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. එය ක්‍රි.ව. 1984 වර්ෂයේදී විජය කුමාරතුංග විසින් බිහි කරන ලදී.

ශ්‍රී ලංකා මහජන පක්ෂය
මහ-ලේකම්අසංක නවරත්න
ආරම්භකවිජය කුමාරතුංග
ලේකම්අසංක නවරත්න
ආරම්භය1984.01.22
පුවත්පතඇස
සිසු පාර්ශවයමහජන ශිෂ්‍ය පෙරමුණ
තරුණ පාර්ශවයශ්‍රී ලංකා මහජන තරුණ සම්මේලනය
මතවාදයසමාජ ප්‍රජාතන්ත්‍රවාදී
ආගමසර්ව ආගමික
ජාතික අනුබැඳියඑක්සත් ජනතා නිදහස් සන්ධානය
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය
පොදු ජන එක්සත් පෙරමුණ
ජාත්‍යන්තර අනුබැඳියලෝක වෘත්තීය සමිති සම්මේලනය
නිල වර්ණදම් පාට
මැතිවරණ ලාංඡනය
ඇස
වෙබ් අඩවිය
www.slmp.lk

ඉතිහාසය

විජය කුමාරණතුංග 1984 දී පක්ෂය ආරම්භ කළ අතර 1988 දී ඔහු ඝාතනය වන තෙක් එය මෙහෙයවීය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ වන චන්ද්‍රිකා කුමාරණතුංග කෙටි කාලයක් පක්ෂය මෙහෙයවීය.

ශ්‍රී ලංකා මහජන පක්ෂය පළාත් සභා පනතට සහාය දුන් අතර 1988 දී එක්සත් ජාතික පක්ෂයට (එජාප) එරෙහිව තරඟ කළේය. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්ෂක ඔසී අබේගුණසේකර එම වසරේ ජනාධිපතිවරණයේදී ඡන්ද 235,719 ක් (4.63%) ලබා ගනිමින් තුන්වන ස්ථානයට පත්විය. 1993 දී එක්සත් ජාතික පක්ෂයට එක්වන තෙක් අබේගුණසේකර පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේය.

1988–89 විප්ලවය අතරතුර පක්ෂයට ප්‍රමුඛ සාමාජිකයින් 117 දෙනෙකු අහිමි විය, ඒ අතර විජය කුමාරණතුංග, පොහොද්දරමුල්ලේ පෙමාලෝක හිමි, ටී. බී. විජේසූරිය සහ දේව බණ්ඩාර සේනාරත්න ද වූහ.

කුමාරණතුංග ඝාතනයෙන් ටික කලකට පසු, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය සහ නව සම සමාජ පක්ෂය සමඟ අත්වැල් බැඳගෙන එක්සත් සමාජවාදී සන්ධානය පිහිටුවා ගත්තේය. 1989 මහ මැතිවරණයේදී, සන්ධානය ඡන්ද 160,271 ක් (2.86%) සහ පාර්ලිමේන්තුවේ ආසන තුනක් ලබා ගත්තේය.

2024 ජනාධිපතිවරනයේදි මහජන පක්ෂය රනිල් වික්‍රමසිංහට සහය දැක්විය.

මූලාශ්‍ර

  1. "විජයගේ මහජන පක්ෂය රනිල් එක්ක එකතු වේ". www.ceylonwire.lk. www.ceylonwire.lk. 10 August 2024. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2024.
  2. මල්ලිකාරච්චි, පුෂ්පනාත් ජයසිරි (22 සැප්තැම්බර් 2018). "උණ්ඩයට බිලිවු මහජන පක්ෂයේ නායකයෝ". www.lankadeepa.lk. කොළඹ: ලංකාදීප පුවත්පත. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2025.
  3. දිනුක් හේවාවිතාරණ (13 අගෝස්තු 2024). "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ අමතක නොවන මතක". www.bbc.com. BBC. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා මහජන පක්ෂය පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා මහජන පක්ෂය යනු කුමක්ද? ශ්‍රී ලංකා මහජන පක්ෂය යනු කුමක් දර්ශනය කරන්නේ?