ස්ථිතිකය

මුල් පිටුව | ස්ථිතිකය

ස්ථිතික සමතුලිතතාවයේ පවතින භෞතික පද්ධතීන් මත ක්‍රියා කරන භාර (බල, ව්‍යාවර්ථ /ඝූර්ණ) පිළිබඳ විශ්ලේෂණයට අදාල වන භෞතික විද්‍යා ක්ෂේත්‍රය ස්ථිතිකය නම් වේ. ස්ථිතික සමතුලිතතාවයේ ඇති පද්ධතියක් යනු උප පද්ධතීන්වල සාපේක්ෂ පිහිටුම් කාලයත් සමඟම විචලනය නොවන, නැත‍හොත් ව්‍යුහීය සරංචක සමතුලිත බාහිර බල යටතේ නිසලව පවතින ආකාරයේ පද්ධතියකි. භාර පිළිබඳ විශ්ලේෂණය වෙනත් ආකාරයකට මෙසේ උදාහරණයක් ඇසුරින් පැහැදිලි කළ හැක. බරක් ඔසවන දොඹකරයක් සලකන්න. ඔසවන වස්තුවේ දොඹකරයේ එල්ලී ඇති කෙළවර සිට දොඹකරයේ පාදම දක්වා බල සම්ප්‍රේශණය වන ආකාරය මෙහිදී විශ්ලේෂණයට ලක් කෙරේ. ස්ථිතික සමතුලිතතාවයේ පවතින පද්ධතියක් එ‍ක්කෝ නිශ්චලතාවයේ පවතී. නැතහොත් එහි ස්කන්ධ කේන්ද්‍රය හරහා පවතින නියත ප්‍රවේගයකින් චලිත වේ.

සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව
F=ma{\displaystyle \mathbf {F} =m\mathbf {a} }
නිව්ටන්ගේ දෙවැනි නියමය
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය · සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි දින රේඛාව
කොටස්
ස්ථිතිකය · ගති විද්‍යාව / චාලක විද්‍යාව · ප්‍රගති විද්‍යාව · ව්‍යවහාරික යාන්ත්‍ර විද්‍යාව · Celestial mechanics · Continuum mechanics · Statistical mechanics
සූත්‍රකරණ
  • නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව (Vectorial mechanics)
  • Analytical mechanics:
    • Lagrangian mechanics
    • Hamiltonian mechanics
මූලික සංකල්ප
අවකාශය · කාලය · ප්‍රවේගය · වේගය · ස්කන්ධය · ත්වරණය · ගුරුත්වය/ගුරුත්වාකර්ෂණය · බලය · ආවේගය · ව්‍යාවර්තය / ඝූර්ණය / යුග්මය · ගම්‍යතාවය · කෝණික ගම්‍යතාවය · අවස්තිථිය · අවස්තිථි ඝූර්ණය · සමුද්දේශ රාමු · ශක්තිය · චාලක ශක්තිය · විභව ශක්තිය · කාර්යය · අතථ්‍ය කාර්යය · ඩැලොම්බෑර් මූලධර්මය
හර මාතෘකා
Rigid body · Rigid body dynamics · Euler's equations (rigid body dynamics) · චලිතය · චලිතය පිළිබඳ නිව්ටන් නියම · නිව්ටන්ගේ සාර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය · චලිත සමීකරණ · Inertial frame of reference · Non-inertial reference frame · Rotating reference frame · ඝර්ෂණ බලය · රේඛීය චලිතය · Mechanics of planar particle motion · Displacement (vector) · සාපේක්ෂ ප්‍රවේගය · ඝර්ෂණය · සරල අනුවර්තී චලිතය · Harmonic oscillator · Vibration · Damping · Damping ratio · Rotational motion · වෘත්ත චලිතය · Uniform circular motion · Non-uniform circular motion · Centripetal force · Centrifugal force · Centrifugal force (rotating reference frame) · Reactive centrifugal force · Coriolis force · අවලම්බය · Rotational speed · Angular acceleration · කෝණික ප්‍රවේගය · Angular frequency · Angular displacement
විද්‍යාඥයෝ
ගැලී‍ලියෝ ගැලිලි · අයිසැක් නිව්ටන් · Jeremiah Horrocks · ලෙනාඩ් ඉයුලර් · Jean le Rond d'Alembert · Alexis Clairaut · Joseph Louis Lagrange · Pierre-Simon Laplace · William Rowan Hamilton · Siméon-Denis Poisson
  • v
  • t
  • e

මෙම තත්වය පැවතීම සඳහා නිව්ටන්ගේ දෙවැනි නියමයට අනුව පද්ධතියේ සියළුම වස්තූන් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය සහ සම්ප්‍රයුක්ත ව්‍යාවර්ථය (ඝූර්ණය ලෙස ද හැඳින්වේ) ශුන්‍ය විය යුතුය. ඒ අනුව ඕනෑම සංරචකයක් මත ක්‍රියා කරන බලයක් සඳහා ඊට විශාලත්වයෙන් සමාන අභිදිශාවෙන් ප්‍රති විරුද්ධ බලයක් පැවතිය යුතුය. මෙම සීමාවන් තුළ ප්‍රත්‍යා බල සහ පීඩනය වැනි රාශීන් ව්‍යුත්පන්න කළ හැක. සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වීම සමතුලිතතාවයේ පළමු අවශ්‍යතාවය ලෙසත් සම්ප්‍රයුක්ත ව්‍යාවර්ථය ශුන්‍ය වීම සමතුලිතතාවයේ දෙවැනි අවශ්‍යතාව ලෙසත් හැඳින්වේ. “ස්ථිතිකත්වය නිර්ණය” බලන්න. ව්‍යුහ පිළිබඳ විශ්ලේෂණයේ දී ස්ථිතිකය බහුලව භාවිතා වන අතර උදාහරණ ලෙස වාස්තු විද්‍යාව සහ ගැටුම් ඉංජිනේරු විද්‍යාව ආදී ක්ෂේත්‍ර පෙන්වා දිය හැක. ද්‍රව්‍යවල ශක්තිමත් භාවය සලකන යාන්ත්‍ර විද්‍යා ක්ෂේත්‍රය ස්ථිතික සමතුලිතතාවය යෙදීම මත පදනම්ව කටයුතු සිදු කෙරෙන්නකි.

ද්‍රව ස්ථිතිකය හෙවත් තරල ස්ථිතික යනු නිශ්චලතාවයේ ඇති තරල පිළිබඳව අධ්‍යයනයට ලක් කරන ක්ෂේත්‍රයයි. යාන්ත්‍රික තරලමය බල ආශ්‍රිතව සමතුලිතතාවයේ පවතින පද්ධතීන් මේ යටතේ අධ්‍යයනය කෙරේ. නිශ්චලතාවයේ පවතින තරලයක තරල අංශුවක් මත ඕනෑම දිශාවක් ඔස්සේ ක්‍රියා කරන බලයක් එකිනෙකට සමාන වීම ලාක්ෂණික ගුණයකි. යම් හෙයකින් කිසියම් දිශාවක් ඔස්සේ අසමාන බල ක්‍රියාත්මක වේ නම් එම බල ක්‍රියා කරන දිශාව ඔස්සේ තරලය චලිත වේ. 1647 වසරේදී ප්‍රංශ ජාතික ගණිතඥ සහ දර්ශන ශාස්ත්‍රඥ බ්ලේස් පැස්කල් විසින් මෙම සංකල්පය මුල්වරට ඉදිරිපත් කළ අතර එහි දී සංකල්පය වඩාත් විස්කෘත අකාරයෙන් ඉදිරිපත් විය. පසුකාලීනව මෙය පැස්කල් නියමය ලෙස ප්‍රසිද්ධියට පත් විය. මෙම නියමය ද්‍රව විද්‍යාවවේ දී අතිශය වැදගත් වේ. ද්‍රව ස්ථිතිකය ප්‍රගමනය සඳහා ගැලීලියෝ දැක් වූ දායකත්වය ද අති විශාල වේ.

ආර්ථික විද්‍යාවේ දී ස්ථිතික විශ්ලේෂණයෙහි අරුත භෞතික විද්‍යාවේ දී එහි අරුතටම සමීප එකකි. 1947 වසරේ දී පෝල් සැමුවල්සන් පලකළ “Foundations of Economic Analysis” (ආර්ථික විද්‍යා විශ්ලේෂණයේ පදනම) නම් ග්‍රන්ථයත් සමඟ සාපේක්ෂ ස්ථිතිකය පිළිබඳව අවධානය කේන්ද්‍රගත විය. උදා - එක් ස්ථිතික සමතුලිතතාවයක් තවෙකක් හා සංසන්දනය. මෙහි දී ඒවා අතර මාරු වීමේ දී ඊට හේතු වූ බහිර්ජන්‍ය වෙනස් කම් හැර අනෙක් කරුණු නොසලකා හැරේ.

ගවේෂණාත්මක භූ භෞතික විද්‍යාවේදී “ස්ථිතික සංශෝධනය” සඳහා කෙටි යෙදුමක් ලෙස ස්ථිතිකය යන වදන භාවිතා වේ. මෙය පරාවර්තක භූ කම්පනය රේඛනයක් සඳහා පෘථිවියේ සංඝටනය නොවූ ජීර්ණික ඉහල ස්ථර ඔස්සේ භූ කම්පන ස්පන්ද ගමන් කිරීමේ දී ආරෝපණයේ සහ ප්‍රවේගයේ සිදුවන විචලන හේතුවෙන් ඇති වන විශාල කාල විස්ථාපන සංශෝධනයට අදාල වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ථිතිකය පිළිබඳ තොරතුරු, ස්ථිතිකය යනු කුමක්ද? ස්ථිතිකය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.