1983 ක්‍රිකට් ලෝක කුසලානය (පෲඩෙන්ෂල් කුසලානය '83) යනු ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 3 වන සංස්කරණයයි. එය 1983 ජුනි 9 සිට 25 දක්වා එංගලන්තයේ සහ වේල්සයේ පැවති අතර එය ඉන්දියාව විසින් දිනා ගන්නා ලදී. මෙම අවස්ථාවට රටවල් අටක් සහභාගී විය. 1983 ලෝක කුසලානය තරඟාවලිය පුරාම විස්මයජනක සිද්ධි වලින් පිරී තිබුණි. එම කාලය තුළ හොඳින් ක්‍රීඩා නොකළ ඉන්දියාව සහ සිම්බාබ්වේ වැනි කණ්ඩායම් පිළිවෙලින් බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව පරාජය කළහ. එංගලන්තය, පාකිස්තානය, ඉන්දියාව සහ තරගාවලියේ ප්‍රියතමයන් වන බටහිර ඉන්දීය කොදෙව් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මූලික තරඟ සදහා කණ්ඩායම් හතර බැගින් කාණ්ඩ දෙකකට බෙදා සෑම රටක්ම තම කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් සමග දෙවරක් ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
| 1983 අයිසීසී ක්‍රිකට් ලෝක කුසලානය (පෲඩෙන්ෂල් ලෝක කුසලානය) | |
|---|---|
ඉන්දියාව දිනා ගත් ලෝක කුසලානය අතැතිව සිටින කපිල් දේව් | |
| කාලය | 9 ජුනි – 25 ජුනි |
| පරිපාලක(යෝ) | අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | ද්විත්ව රවුම් රොබින් සහ පිළිමළුන් පිටු දැකීම |
| සත්කාරකත්වය | එංගලන්තය |
| ශූරයන් | ඉන්දියාව (1 වන වරට) |
| සහභාගීත්වය | 8 |
| තරඟ | 27 |
| පැමිණීම | 232,081 (එක් තරගයකට 8,596 ) |
| වැඩිම ලකුණු | එංගලන්තය ඩේවිඩ් ගව්නර් (384) |
| වැඩිම කඩුලු | ඉන්දියාව රොජර් බිනි (18) |
← 1979 1987 → | |
මෙම තරඟ ඉනිමකට ඕවර 60 කින් සමන්විත වූ අතර සාම්ප්‍රදායික සුදු ඇඳුම් හා රතු බෝල වලින් ක්‍රීඩා කරන ලදී. ඔවුන් සියල්ලම දිවා කාලයේදී සෙල්ලම් කරන ලදී.
ආකෘතිය
1983 ලෝක කුසලානයේ ආකෘතිය කණ්ඩායම් හතරකින් යුත් කාණ්ඩ 2 ක් වූ අතර සෑම කණ්ඩායමක්ම දෙවරක් ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසි අතර ජයග්‍රාහකයින් තවදුරටත් අවසන් මහා තරඟයට පිවිසියේය. සෑම තරඟයක්ම ඕවර 60 කින් සමන්විත විය.
සහභාගිවන්නන්
අවසන් තරඟාවලිය සඳහා කණ්ඩායම් අටක් සුදුසුකම් ලබා ඇත (මෑතකදී පත් කරන ලද පූර්ණ සාමාජික ශ්‍රී ලංකාව ඇතුළුව පූර්ණ අයිසීසී සාමාජිකයින් හත්දෙනෙකු සහ 1982 අයිසීසී කුසලානය දිනා ගැනීමෙන් සුදුසුකම් ලැබූ සිම්බාබ්වේ)
| කණ්ඩායම | සුදුසුකම් ලැබීමේ ක්‍රමය | සහභාගීත්ව ගණන | අවසාන සහභාගීත්වය | පෙර හොඳම කාර්ය සාධනය |
|---|---|---|---|---|
| එංගලන්තය | සත්කාරකත්වය | 3 වන | 1979 | අනුශූරතාවය (1979) |
| ඉන්දියාව | පූර්ණ සාමාජික | 3 වන | 1979 | මූලික අධියර (1975, 1979) |
| ඕස්ට්‍රේලියාව | 3 වන | 1979 | අනුශූරතාවය (1975) | |
| පකිස්තානය | 3 වන | 1979 | අවසන් පූර්ව (1979) | |
| බටහිර ඉන්දීය කොදෙව් | 3 වන | 1979 | ශූරතාවය (1975, 1979) | |
| නවසීලන්තය | 3 වන | 1979 | අවසන් පූර්ව (1975, 1979) | |
| ශ්‍රී ලංකාව | 3 වන | 1979 | මූලික අධියර (1975, 1979) | |
| සිම්බාබ්වේ | ICC ශූරතා කුසලාන ජයග්‍රාහකයන් | 1 වන | — | ප්‍රථම අවස්ථාව |
ක්‍රීඩාංගණ
| ක්‍රීඩාංගණය | නගරය | ධාරිතාවය | තරග | නොටින්හැම් බර්මිංහැම් ලීඩ්ස් ඩර්බි බ්‍රිස්ටෝල් ටවුන්ටන් චෙල්ම්ස්ෆර්ඩ් ස්වෑන්සී ලීස්ටර් සදම්ටන් වෝර්සෙස්ටර් රෝයල් ටන්බ්‍රිජ් වෙල්ස් 1983 ක්‍රිකට් ලෝක කුසලානය (England) |
|---|---|---|---|---|
| ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය | ලන්ඩන් | 30,000 | 3 | |
| ට්‍රෙන්ට් බ්‍රිජ් | නොටින්හැම් | 15,350 | 3 | |
| හෙඩින්ග්ලි | ලීඩ්ස් | 14,000 | 3 | |
| ඕවල් | ලන්ඩන් | 23,500 | 3 | |
| එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය | බර්මින්හැම් | 21,000 | 3 | |
| ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය | ඩර්බි | 9,500 | 1 | |
| ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය | බ්‍රිස්ටල් | 16,000 | 1 | |
| ප්‍රාන්ත ක්‍රීඩාංගණය | ටවුන්ටන් | 6,500 | 1 | |
| ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය | චෙල්ම්ස්ෆර්ඩ් | 6,500 | 1 | |
| ශාන්ත හෙලන්ස් රග්බි සහ ක්‍රිකට් ක්‍රීඩාංගණය | ස්වන්සී, වේල්ස් | 4,500 | 1 | |
| ග්‍රේස් පාර | ලීස්ටර් | 12,000 | 1 | |
| ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය | මැන්චෙස්ටර් | 19,000 | 3 | |
| ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය | සදම්ටන් | 7,000 | 1 | |
| නිව් රෝඩ් | වෝර්සෙස්ටර් | 4,500 | 1 | |
| නෙවිල් පිටිය | රෝයල් ටන්බ්‍රිජ් වෙල්ස් | 6,000 | 1 |
සංචිත
ප්‍රධාන ලිපිය 1983 ක්‍රිකට් ලෝක කුසලානයේ කණ්ඩායම් සංචිත
මූලික අධියර
පෙර පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී මෙන් නොව කණ්ඩායම් අදියර ද්විත්ව රවුන්ඩ් රොබින් ආකෘතියකින් ක්‍රීඩා කරන ලදී. A කාණ්ඩයේ සත්කාරක රට වන එංගලන්තය, පාකිස්තානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව ද බී කාණ්ඩයේ බටහිර ඉන්දීය කොදෙව්, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ යන රටවල් ඇතුළත් විය. පසුගිය ලෝක කුසලාන වලදී මෙන් නොව, සියලුම තරග රූපවාහිනියෙන් සජීවීව ප්‍රදර්ශනය කළ හැකි පරිදි ආකෘති නිර්මාණය කර තිබුනි. සෑම තරඟයක් සදහා වර්ෂාව ඇති වූ විට අතිරේක දිනයක් වෙන්කර තිබූ අතර තරඟ තුනක් සදහා දෙවන දිනයක් අවශ්‍ය විය.
A කාණ්ඩයේ දී එංගලන්තය ඕවල්හිදී නවසීලන්තයට එරෙහිව ලකුණු 106 ක දැවැන්ත ජයක් වාර්තා කළේය. පකිස්තානය ද ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 50 ක ජයක් ලබා ගනිමින් තරගාවලිය ආරම්භ කලාය. ඩේවිඩ් ගෝවර් හයේ පහර 5 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළුව ලකුණු 130 ක් ලබා ගනිමින් එංගලන්තයේ දෙවන ජයග්‍රහණය ශ්‍රී ලංකාවට එරෙහිව අත්කර ගත්තේය. මේ අතර නවසීලන්තය විසින් පකිස්තානය ලකුණු 52 කින් පරාජය කළේය. ලෝඩ්ස් පිටියේදී එංගලන්තය විසිනි පකිස්තානය කඩුලු 8 කින් පරාජය කළ අතර රිචඩ් හැඩ්ලිගේ 5/25 පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාව ලකුණු 206 කට දැවී ගිය අතර නවසීලන්තය ඕවර 20 කට වඩා ඉතිරිව තිබියදී ජයග්‍රහනය කලේය. කණ්ඩායම් අදියරයන්හි එංගලන්තය ලැබූ එකම පරාජය වූයේ නවසීලන්තයට එරෙහිව වාර්ථා විය.
ජුනි 18 වනදා පැවති පස්වන වටයේ තරග අවසනයේ එංගලන්තය සිය ස්ථානය තහවුරු කරගත් අතර ග්‍රේම් ෆෝලර් සහ ක්‍රිස් තවරේ අතර පළමු කඩුල්ල 115 ක් සමගින් පාකිස්තානය ලබා ගත් ලකුණු 232 න් අඩක් එම පිතිකරුවන්ප දෙදෙනා ලබා ගත්තේය. අවසන් වට තරගයේදී එංගලන්තය කඩුලු 9 කින් ශ්‍රී ලංකාව පරාජය කළේය. නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය දෙවන සුදුසුකම ලෙස තීරණය කරනු ඇත. නවසීලන්තයේ ඕනෑම ජයග්‍රහණයක් ඔවුන් සුදුසුකම් ලැබීමට ප්‍රමාණවත් වනු ඇත; පාකිස්තානයට ජයග්‍රහණය කිරීමට පමණක් නොව නවසීලන්තයේ සාමාන්‍ය ලකුණු අනුපාතය වෙනස් කිරීමටද අවශ්‍ය වේ. කෙසේ වෙතත් නවසීලන්තය තරග පරාජයත් සමග මීලග වටයට යාම අසමත් විය. ඒ ඔවුන් දල ලකුණු ලබා ගැනීමේ වේගය ඩු මට්ටමක පවත්වා ගැනීමත් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට පරාජය වීමත්ය.
බී කාණ්ඩය ආරම්භ වූයේ තරඟාවලියේ පළමු කම්පනයත් සමඟ ය. ඒ සිම්බාබ්වේ ඕස්ට්‍රේලියාව පරාජය කළ අතර විස්ඩන් විස්තර කළේ “පෙර පැවති ලෝක කුසලාන දෙකට වඩා විශාල පුදුමයක්” ලෙස ය. ඩන්කන් ෆ්ලෙචර් ලකුණු 69 ක් ලබා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. අනෙක් ආරම්භක බී කාණ්ඩයේ තරගයේදී ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 34 කින් පරාජය කලේය. ජුනි 11 වන දින පැවති දෙවන වටයේ ක්‍රීඩාපිටි වල තෙත් කාලගුණය අඩු ලකුණු ලබා ගැනීමට හේතු විය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඉනිමේදී ලකුණු 252/9 ක් රැස් කළ අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 30.3 කදී ලකුණු 151 කට දැවී ගියේය. ග්‍රේම් වුඩ්, මයිකල් හෝල්ඩින්ගේ පන්දුවක්ට වැදීමෙන් පසු දැඩි කම්පනයකින් රෝහල් ගත කරනු ලැබීය. අනික් තරගයේදී ඉන්දියාව, සිම්බාබ්වේ පිල කඩුලු 5 කින් පරාජය කළේය. දින දෙකකට පසුව ඕස්ට්‍රේලියාව ලකුණු 162 කින් ඉන්දියාව පරාජය කළ අතර තරගයේ වීරයා වූ ට්‍රෙවර් චැපල් පන්දු 131 කදී ලකුණු 110 ක් සහ කෙන් මැක්ලේ ලකුණු 6/39 ක් ලබා ගත්තේය. එදින පැවති අනෙක් තරගයෙබන් බටහිර ඉන්දීය කොදෙව් පිල, සිම්බාබ්වේ පිල ට එරෙහිව පහසු ජයක් වාර්ථා කලේය.
දෙවන වරට මුන ගැසුනු තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 66 කින් ඉන්දියාව අභිබවා ගිය අතර විව් රිචර්ඩ්ස් ලකුණු 119 ක් රැස් කළේය. තරඟාවලියේ දෙවන වතාවට ප්‍රතිවාදී පිතිකරුවෙකු බටහිර ඉන්දීය කොදෙව් පන්දු හමුවේ තුවාල ලබා පිටියෙන් ඉවත් වූ අතර මේ අවාසනාවන්ත පිතිකරුවා වූයේ දිලිප් වෙන්ග්සාර්කර් ය. ඕස්ට්‍රේලියාව, සිම්බාබ්වේ පිල ලකුණු 32 කින් පරාජයට පත්කල අතර ජුනි 18 වනදා පැවති ඉන්දියාව සහ සිම්බාබ්වේ තරගය විස්ඩන් විසින් විස්තර කරන ලද්දේ “මෙම තරගාවලියේ ඉතාමත් කැපී පෙනෙන ඉනිමක් ඇතුළත් වූ විශිෂ්ට තරඟයක්” ලෙසිනි. කපිල් දේව් ඉන්දියාවේ ලකුණු 266/8 න් නොදැවී ලකුණු 175 ක් රැස් කළේය. සිම්බාබ්වේ කණ්ඩායම හඹා යෑමට අසමත් වූ අතර ඉන්දියාව ලකුණු 31 කින් ජය ගත්තේය. ග්‍රීන්ජ් සහ රිචර්ඩ්ස් අතර දෙවන කඩුල්ල සඳහා ලකුණු 124 ක හවුල්කාරිත්වයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති අතර ඕස්ට්‍රේලියාව කඩුලු 7 කින් පරාජය කළේය. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව සිම්බාබ්වේ තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 10 කින් ජයග්‍රහණය කළේ ඕවර පහළොවකට ආසන්න ප්‍රමාණයක් ඉතිරිව තිබියදීය. බී කාණ්ඩයේ අවසන් තරගය ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊලග වටයට සුදුසුකම් සඳහා ගැටුමක් විය. කෙසේ වෙතත්, ඉන්දියාව ලකුණු 247 ක් රැස් කළ අතර, ඕස්ට්‍රේලියාව ලකුණු 129 කට දැවී ගියේය.
"ඒ" කාණ්ඩය
| ස්ථානය | කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ | ප්‍ර.ලකුණු | ද.ල.වේ |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | එංගලන්තය | 6 | 5 | 1 | 0 | 0 | 20 | 4.671 |
| 2 | පකිස්තානය | 6 | 3 | 3 | 0 | 0 | 12 | 4.014 |
| 3 | නවසීලන්තය | 6 | 3 | 3 | 0 | 0 | 12 | 3.927 |
| 4 | ශ්‍රී ලංකාව | 6 | 1 | 5 | 0 | 0 | 4 | 3.752 |
1983 ජුනි 9 Scorecard |
එංගලන්තය ලකුණු 106 කින් ජය ගත්තේය ඕවල්, ලන්ඩන් |
1983 ජුනි 9 Scorecard |
එ |
පාකිස්තානය ලකුණු 50 කින් ජයග්‍රහණය කළේය ශාන්ත හෙලන්ස් රග්බි සහ ක්‍රිකට් පිටිය, ස්වන්සී |
1983 ජුනි 11 Scorecard |
එ |
එංගලන්තය ලකුණු 47 කින් ජය ගත්තේය ප්‍රාන්ත ක්‍රීඩාංගණය, ටවුන්ටන් |
1983 ජුනි 11 Scorecard |
නවසීලන්තය ලකුණු 52 කින් ජයග්‍රහණය කළේය එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම් |
1983 ජුනි 13 Scorecard |
එංගලන්තය කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ලන්ඩන් |
1983 ජුනි 13 Scorecard |
එ |
නවසීලන්තය කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, බ්‍රිස්ටල් |
1983 ජුනි 15 Scorecard |
නවසීලන්තය කඩුලු 2 කින් ජයග්‍රහණය කළේය එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම් |
1983 ජුනි 16 Scorecard |
එ |
පාකිස්තානය ලකුණු 11 කින් ජය ගත්තේය හෙඩින්ග්ලි, ලීඩ්ස් |
1983 ජුනි 18 Scorecard |
එංගලන්තය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර් |
1983 ජුනි 18 Scorecard |
එ |
ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජයග්‍රහණය කළේය ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩර්බි |
1983 ජුනි 20 Scorecard |
එ |
එංගලන්තය කඩුලු 9 කින් ජය ගත්තේය හෙඩින්ග්ලි, ලීඩ්ස් |
1983 ජුනි 20 Scorecard |
පාකිස්තානය ලකුණු 11 කින් ජය ගත්තේය ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම් |
"බී" කාණ්ඩය
| ස්ථානය | කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ | ප්‍ර.ලකුණු | ද.ල.වේ |
|---|---|---|---|---|---|---|---|---|
| 1 | බටහිර ඉන්දීය කොදෙව් | 6 | 5 | 1 | 0 | 0 | 20 | 4.308 |
| 2 | ඉන්දියාව | 6 | 4 | 2 | 0 | 0 | 16 | 3.870 |
| 3 | ඕස්ට්‍රේලියාව | 6 | 2 | 4 | 0 | 0 | 8 | 3.808 |
| 4 | සිම්බාබ්වේ | 6 | 1 | 5 | 0 | 0 | 4 | 3.492 |
1983 ජුනි 9 Scorecard |
එ |
සිම්බාබ්වේ ලකුණු 13 කින් ජය ගත්තේය ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම් |
1983 ජුනි 9 Scorecard |
එ |
ඉන්දියාව ලකුණු 34 කින් ජය ගත්තේය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර් |
1983 ජුනි 11 Scorecard |
එ |
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 101 කින් ජයග්‍රහණය කළේය හෙඩින්ග්ලි, ලීඩ්ස් |
1983 ජුනි 11 Scorecard |
එ |
ඉන්දියාව කඩුලු 5 කින් ජයග්‍රහණය කළේය ග්‍රේස් පාර, ලීස්ටර් |
1983 ජුනි 13 Scorecard |
එ |
ඕස්ට්‍රේලියාව ලකුණු 162 කින් ජයග්‍රහණය කළේය ට්‍රෙන්ට් බ්‍රිජ්, නොටින්හැම් |
1983 ජුනි 13 Scorecard |
එ |
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8 කින් ජය ගත්තේය නිව් රෝඩ්, වෝර්සෙස්ටර් |
1983 ජුනි 15 Scorecard |
එ |
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 66 කින් ජයග්‍රහණය කළේය ඕවල්, ලන්ඩන් |
1983 ජුනි 16 Scorecard |
එ |
ඕස්ට්‍රේලියාව ලකුණු 32 කින් ජයග්‍රහණය කළේය ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, සදම්ටන් |
1983 ජුනි 18 Scorecard |
එ |
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ලන්ඩන් |
1983 ජුනි 18 Scorecard |
එ |
ඉන්දියාව ලකුණු 31 කින් ජය ගත්තේය නෙවිල් පිටිය, රෝයල් ටන්බ්‍රිජ් වෙල්ස් |
1983 ජුනි 20 Scorecard |
එ |
ඉන්දියාව ලකුණු 118 කින් ජය ගත්තේය ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණය, චෙල්ම්ස්ෆර්ඩ් |
1983 ජුනි 20 Scorecard |
එ |
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 10 කින් ජයග්‍රහණය කළේය එඩ්ග්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම් |
පිළිමළුන් පිටුදැකීමේ අදියර
අවසන් පූර්ව වටය
1983 ජුනි 22 scorecard |
ඉන්දියාව කඩුලු 6 කින් ජයග්‍රහණය කළේය ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය, මැන්චෙස්ටර් |
ජුනි 22 වන දින ඕල්ඩ් ට්‍රැෆර්ඩ් හි පැවති පළමු අවසන් පූර්ව තරඟයේදී කාසියේ වාසිය දිනා එංගලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය. ඉන්දීය පන්දු යැවීම හමුවේ එංගලන්තය ලකුණු 213 ක් (ඕවර 60 ක්) ලබා ගැනීමට සමත් වූ විය. ග්‍රේම් ෆෝලර් (පන්දු 59 කදී ලකුණු 33 ක්, හතරේ පහර 3 ක්) ඉහළම ලකුණු රැස් කළ අතර කපිල් දේව් ඕවර එකොළහක දී ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගත් අතර මොහින්දර් අමර්නාත් සහ රොජර් බිනි කඩුලු 2 බැගින් ලබා ගත්හ. ඊට පිළිතුරු වශයෙන් යෂ්පාල් ෂර්මා (පන්දු 115 කදී 61 ක්, හතරේ පහර 3 ක්, හයේ පහර 2 ක්) සහ සන්දීප් පටිල් (පන්දු 32 කදී 51 ක්, හතරේ පහර 8 ක්) අර්ධ ශතක ලබා ගත්හ. පෙර තරඟාවලියේ අනුශූරයන්ට එරෙහිව ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. මොහින්දර් අමර්නාත් (පන්දු 92 කදී ලකුණු 46 ක්, හතරේ පහර 4 ක්, හයේ පහර 1 ක්) ඔහුගේ දස්කම් හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ලබා ගත්තේය.
1983 ජුනි 22 scorecard |
එ |
බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8 කින් ජය ගත්තේය ඕවල්, ලන්ඩන් |
පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන අවසන් පූර්ව තරගය එදිනම ඕවල් හිදී පැවැත්විණි. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර ඔවුන් ලකුණු 184 කට (කඩුලු 8 ක්, ඕවර 60 ක්) සීමාවිය. බටහිර ඉන්දීය කොදෙව් පන්දු යැවීමට එරෙහිව මොහ්සින් ඛාන් (පන්දු 176 කදී ලකුණු 70 ක්, හතරේ පහර 1 ක්) ලබා ගත් අතර මැල්කම් මාෂල් (3/28) සහ ඇන්ඩි රොබට්ස් (2/25) ලෙස පන්දු යැවීමක්ව සටහන් කලේය. බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පදනම වූයේ තරගයේ වීරයා සම්මානය ලබා ගත් විව් රිචර්ඩ්ස් (පන්දු 96 කින් 80 ක්, හතරේ පහර 11 ක්, හයේ පහර 1 ක්) සහ ලැරී ගෝමස් නොදැවී අර්ධ ශතකයක් ලබා ගනිමිනි. (පන්දු 100 ක්, හතරේ පහර 3 ක්), වත්මන් ශූරයන් කඩුලු 2 ක් පමණක් අහිමි කර ගනිමින් ඔවුන්ගේ ඉලක්කය කරා ළඟා විය.
අවසාන තරගය
1983 ජුනි 25 scorecard |
එ |
ඉන්දියාව ලකුණු 43 කින් ජය ගත්තේය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ලන්ඩන් |
අවසන් මහා තරගයේදී කාසියේ වාසිය අහිමි වූ ඉන්දියාවට, පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ඉල්ලා සිටියේය. රොබට්ස්, මාෂල්, ජොයෙල් ගාර්නර් සහ මයිකල් හෝල්ඩින් හමුවේ ඉන්දීය පිතිකරුවන් අසරණ වුවත් ක්‍රිෂ්ණමාචාරී ශ්‍රීකාන්ත් (පන්දු 57 න් 38) සහ මොහින්දර් අමර්නාත් (පන්දු 80 න් 26) පමණක් සැලකිය යුතු තරගයක් ලබා දෙන ලදී. ඉනිම අවසන ඉන්දියාවට ලකුණු 183 ක් (ඕවර 54.4) ලබා ගැනීමට හැකි විය. ඉන්දීය පන්දු යැවීම බටහිර ඉන්දීය කොදෙව් පිලට ඕවර 52 කදී ලකුණු 140 කට දැවී යාමට සමත් වූ අතර ලකුණු 43 කින් ජයග්‍රහණය කරමින් ක්‍රිකට් ඉතිහාසයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සටහන් කෙරිණි. එය තවමත් ලෝක කුසලාන අවසන් තරඟයකදී සාර්ථකව ආරක්ෂා කළ අඩුම මුළු එකතුව වේ. අමර්නාත් සහ මදන් ලාල් කඩුලු 3 බැගින් ලබා ගත්හ. විව් රිචර්ඩ්ස් පන්දු 28 කදී ලකුණු 33 ක් රැස් කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිලේ වැඩිම ලකුණු ලාභියා විය. අමරනාත් කඩුලු 3 ක් දවා ගනිමින් ඕවර 7 කදී ලකුණු 12 ක් පමණක් ලබා ගනිමින් වඩාත් සාර්ථකම පන්දු යවන්නා වූ අතර ඔහුගේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීය. 1983 දී 'තරගාවලියේ වීරයා' සම්මානය පිරිනැමුවේ නැත.
සංඛ්‍යාලේඛන
|
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
යොමුව
- Wisden 1984, page 293.
- Wisden 1984, page 293.
- Wisden 1984, page 310.
- Wisden 1984, page 296
- Wisden 1984, page 299
- Wisden 1984, page 304
- Wisden 1984, page 308
- 1st SEMI: England v India at Manchester, 22 Jun 1983[permanent dead link]
- 2nd SEMI: Pakistan v West Indies at The Oval, 22 Jun 1983[permanent dead link]
- "Full Scorecard of India vs West Indies, World Cup, Final - Score Report | ESPNcricinfo.com". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-05-25.
- "PRUDENTIAL WORLD CUP, 1983 / RECORDS / MOST RUNS". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 16 August 2020.
- "PRUDENTIAL WORLD CUP, 1983 / RECORDS / MOST WICKETS". ESPNcricinfo. ESPN Sports Media. සම්ප්‍රවේශය 16 August 2020.
බාහිර සබැදි
- Cricket World Cup 1983 from Cricinfo
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1983 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 1983 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 1983 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?