1987 ක්‍රිකට් ලෝක කුසලානය (අනුග්‍රාහක හේතූන් මත 1987 රිලයන්ස් කුසලානය ලෙස හැඳින්වේ) සිව්වන ක්‍රිකට් ලෝක කුසලානය විය. එය 1987 ඔක්තෝබර් 8 සිට නොවැම්බර් 8 දක්වා ඉන්දියාවේ සහ පාකිස්තානයේ පැවැත්විණි. එංගලන්තයෙන් පිටතදී පැවැත්වූ පළමු තරඟාවලිය මෙයයි. සියලුම එක්දින තරග සඳහා වර්තමාන ප්‍රමිතිය වන කණ්ඩායමක් ක්‍රීඩා කළ ඕවර ගණන 60 සිට 50 දක්වා අඩු කිරීම හැර 1983 කණ්ඩායම් අටේ ආකෘතිය වෙනස් නොවීය.
| 1987 ක්‍රිකට් ලෝක කුසලානය (රිලයන්ස් ලෝක කුසලානය) | |
|---|---|
ඕස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩර් කුසලානය සමඟ | |
| කාලය | 1987 ඔක්තෝබර් 8 – 1987 නොවැම්බර් 8 |
| පරිපාලක(යෝ) | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
| ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
| තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් සහ නොක්අවුට් |
| සත්කාරකත්වය | ඉන්දියාව පකිස්තානය |
| ශූරයන් | ඕස්ට්‍රේලියාව (1 වන වරට) |
| සහභාගීත්වය | 8 |
| තරඟ | 27 |
| වැඩිම ලකුණු | ග්‍රැහැම් ගූච් (471) |
| වැඩිම කඩුලු | ක්‍රේග් මැක්ඩර්මොට් (18) |
← 1983 1992 → | |
කොල්කටාහි ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තය ලකුණු 7 කින් පරාජය කරමින් පළමු වරට ලෝක කුසලානය ජයග්‍රහණය කරන ලදී. අවසන් පූර්ව වටයේදී සත්කාරක රටවල් දෙක වන ඉන්දියාව සහ පාකිස්තානය පරාජයට පත්වීමෙන් පසුව අවසන් තරගයට පිවිසීමට අසමත් විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අධියරෙන් ඉදිරියට ගියේ නැත.
ආකෘතිය
තරඟයේ ආකෘතිය කණ්ඩායම් හතරක කාණ්ඩ දෙකක් වූ අතර සෑම කණ්ඩායමක්ම ඕවර පනහක තරගවලදී දෙවරක් එකිනෙකාට ක්‍රීඩා කළහ. සෑම කාණ්ඩයකම ඉහළම කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට පිවිසෙන අතර එහිදී ජයග්‍රාහකයින් දෙදෙනා අවසන් මහා තරගය දක්වා ඉදිරියට යනු ඇත. සියලුම තරඟ දිවා කාලයේ දී පැවැත්වූ අතර තරඟාවලි ඉතිහාසයේ අවසාන වතාවට කණ්ඩායම් සාම්ප්‍රදායික සුදු ඇඳුම් වලින් පෙනී සිටිමින් තරඟ සඳහා සාම්ප්‍රදායික රතු බෝල භාවිතා කළහ.
සුදුසුකම් ලැබීම
ටෙස්ට් තත්ත්වය හිමි රටවල් (සුදුසුකම් ලත් රටවල් හත) ස්වයංක්‍රීයව තරඟාවලියට සුදුසුකම් ලබන අතර 1986 අයිසීසී කුසලානයේ ජයග්‍රාහකයන්ට තවත් අමතර ස්ථානයක් ප්‍රදානය කෙරේ. දෙවන වරටත් සිම්බාබ්වේ, නෙදර්ලන්තය පරාජය කරමින් තම ස්ථානය රැක ගැනීමට සමත් විය.
අවසාන තරඟාවලියට පහත කණ්ඩායම් අට සහභාගී විය:
- ඕස්ට්‍රේලියාව
- එංගලන්තය
- ඉන්දියාව (සත්කාරක)
- නවසීලන්තය
- පකිස්තානය (සත්කාරක)
- ශ්‍රී ලංකාව
- බටහිර ඉන්දීය කොදෙව්
- සිම්බාබ්වේ
ස්ථාන
| ක්‍රීඩාංගණය | නගරය | ධාරිතාවය | තරග |
|---|---|---|---|
| ඉන්දියාව | |||
| ඊඩන් පාර්ක් | කල්කටා, බටහිර බෙංගාලය | 120,000 | 2 |
| වන්කඩේ ක්‍රීඩාංගනය | බොම්බේ, මහාරාෂ්ට්‍ර | 45,000 | 2 |
| එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය | මදුරාසි, තමිල්නාඩු | 50,000 | 2 |
| ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගනය | හයිද්‍රාබාද්, තෙලන්ගානා | 30,000 | 1 |
| එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය | බැංගලෝර්, කර්නාටක | 45,000 | 1 |
| නේරු ක්‍රීඩාංගනය | ඉන්දෝර්, මධ්‍ය ප්‍රදේශ් | 25,000 | 1 |
| ෆෙරෝස් ෂා කෝට්ලා | දිල්ලිය | 48,000 | 1 |
| සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය | අහමදාබාද්, ගුජරාට් | 48,000 | 1 |
| 16 කොටස ක්‍රීඩාංගනය | චන්දිගාර්, පන්ජාබ්-හර්යානා | 48,000 | 1 |
| බරබති ක්‍රීඩාංගනය | කටැක්, ඔඩීෂා | 25,000 | 1 |
| විදර්බා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය | නාග්පූර්, මහාරාෂ්ට්‍ර | 40,000 | 1 |
| ග්‍රීන් පාර්ක් | කාන්පූර්, උත්තර් ප්‍රදේශ් | 40,000 | 1 |
| සවායි මන්සිං ක්‍රීඩාංගනය | ජයිපූර්, රාජස්ථාන් | 30,000 | 1 |
| නේරු ක්‍රීඩාංගනය | පූනේ, මහාරාෂ්ට්‍ර | 25,000 | 1 |
| පාකිස්ථානය | |||
| ඉක්බාල් ක්‍රීඩාංගනය | ෆයිසලාබාද්, පන්ජාබ් | 25,000 | 1 |
| නාගරික ක්‍රීඩාංගනය | ගුජ්රන්වල, පන්ජාබ් | 20,000 | 1 |
| නියාස් ක්‍රීඩාංගනය | හයිද්‍රාබාද්, සින්ද් | 15,000 | 1 |
| ජාතික ක්‍රීඩාංගනය | කරච්චි, සින්ද් | 45,000 | 3 |
| ගඩාෆි ක්‍රීඩාංගනය | ලාහෝර්, පන්ජාබ් | 65,250 | 2 |
| අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය | පෙෂාවර්, කයිබර් පක්තුන්ක්වා | 25,000 | 1 |
| පිණ්ඩි ක්‍රීඩා සමාජ පිටිය | රාවල්පින්ඩි, පන්ජාබ් | 25,000 | 1 |
සංචිත
මූලික අධියර
A කාණ්ඩය
1987 ඔක්තෝබර් 9 ලකුණුපත |
එරෙහි | ||
ඕස්ට්‍රේලියාව ලකුණු 1 කින් ජයග්‍රහණය කළේය එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය, මදුරාසි, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 10 ලකුණුපත |
එරෙහි | ||
නවසීලන්තය ලකුණු 3 කින් ජය ගත්තේය ලාල් බහදූර් ශාස්ත්‍රි ක්‍රීඩාංගනය, හයිද්‍රාබාද්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 13 ලකුණුපත |
එරෙහි | ||
ඕස්ට්‍රේලියාව ලකුණු 96 කින් ජයග්‍රහණය කළේය එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගනය, මදුරාසි, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 14 ලකුණුපත |
ඉන්දියාව ලකුණු 16 කින් ජයග්‍රහණය කළේය එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය, බැංගලෝර්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 17 ලකුණුපත |
එරෙහි | ||
ඉන්දියාව කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය වන්කඩේ ක්‍රීඩාංගනය, බොම්බේ, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 18 ලකුණුපත |
එරෙහි | ||
ඕස්ට්‍රේලියාව ලකුණු 3 කින් ජයග්‍රහණය කළේය නේරු ක්‍රීඩාංගනය, ඉන්දෝර්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 22 ලකුණුපත |
එරෙහි | ||
ඉන්දියාව ලකුණු 56 කින් ජයග්‍රහණය කළේය ෆෙරෝස් ෂා කෝට්ලා, දිල්ලි, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 23 ලකුණුපත |
එරෙහි | ||
නවසීලන්තය කඩුලු 4 කින් ජයග්‍රහණය කළේය ඊඩන් උද්‍යාන, කල්කටා, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 26 ලකුණුපත |
එරෙහි | ||
ඉන්දියාව කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය, අහමදාබාද්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 27 ලකුණුපත |
එරෙහි | ||
ඕස්ට්‍රේලියාව ලකුණු 17 කින් ජයග්‍රහණය කළේය 16 කොටස ක්‍රීඩාංගනය, චන්දිගාර්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 30 ලකුණුපත |
එරෙහි | ||
ඕස්ට්‍රේලියාව ලකුණු 70 කින් ජයග්‍රහණය කළේය බරබති ක්‍රීඩාංගනය, කටැක්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 31 ලකුණුපත |
ඉන්දියාව කඩුලු 9 කින් ජයග්‍රහණය කළේය වීසීඒ ක්‍රීඩාංගණය, නාග්පූර්, ඉන්දියාව |
B කාණ්ඩ
1987 ඔක්තෝබර් 8 ලකුණුපත |
එරෙහි | ||
පාකිස්තානය ලකුණු 15 කින් ජයග්‍රහණය කළේය නියාස් ක්‍රීඩාංගනය, හයිද්‍රාබාද්, පකිස්ථානය |
1987 ඔක්තෝබර් 9 ලකුණුපත |
එරෙහි | ||
එංගලන්තය කඩුලු 2 කින් ජයග්‍රහණය කළේය නාගරික ක්‍රීඩාංගනය, ගුජ්රන්වාලා, පකිස්ථානය |
1987 ඔක්තෝබර් 13 ලකුණුපත |
පාකිස්තානය ලකුණු 18 කින් ජයග්‍රහණය කළේය 1987 ඔක්තෝබර් 12 දින වර්ෂාව නිසා අතිරේක දිනය භාවිතා කරන ලදී පින්ඩි ක්‍රීඩා සමාජ පිටිය, රාවල්පින්ඩි, පකිස්ථානය |
1987 ඔක්තෝබර් 13 ලකුණුපත |
එරෙහි | ||
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 191 කින් ජයග්‍රහණය කළේය ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය |
1987 ඔක්තෝබර් 16 ලකුණුපත |
එරෙහි | ||
පාකිස්තානය කඩුලු 1 කින් ජය ගත්තේය ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර් |
1987 ඔක්තෝබර් 17 ලකුණුපත |
එරෙහි | ||
එංගලන්තය ලකුණු 108 කින් ජයග්‍රහණය කළේය ශ්‍රී ලංකාවට ඕවර 45 කදී ලකුණු 267 ක ඉලක්කයක් හිමි විය (සා.ල.වේ. මත පදනම්ව) අර්බාබ් නියාස් ක්‍රීඩාංගනය, පෙෂාවර්, පකිස්ථානය |
1987 ඔක්තෝබර් 20 ලකුණුපත |
පාකිස්තානය කඩුලු 7 කින් ජයග්‍රහණය කළේය ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය |
1987 ඔක්තෝබර් 21 ලකුණුපත |
එරෙහි | ||
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 25 කින් ජයග්‍රහණය කළේය ග්‍රීන් පාර්ක්, කාන්පූර්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 25 ලකුණුපත |
එරෙහි | ||
පාකිස්තානය ලකුණු 113 කින් ජයග්‍රහණය කළේය ඉක්බාල් ක්‍රීඩාංගනය, ෆයිසලාබාද්, පකිස්ථානය |
1987 ඔක්තෝබර් 26 ලකුණුපත |
එරෙහි | ||
එංගලන්තය ලකුණු 34 කින් ජය ගත්තේය සවායි මන්සිං ක්‍රීඩාංගනය, ජයපූර්, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 30 ලකුණුපත |
එරෙහි | ||
එංගලන්තය කඩුලු 8 කින් ජයග්‍රහණය කළේය නේරු ක්‍රීඩාංගනය, පූනේ, ඉන්දියාව |
1987 ඔක්තෝබර් 30 ලකුණුපත |
එරෙහි | ||
බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 28 කින් ජයග්‍රහණය කළේය ජාතික ක්‍රීඩාංගනය, කරච්චි, පකිස්ථානය |
- නව්ජොට් සිදූ මෙම තරගාවලියේදී හයේ පහර 9 ක් එල්ල කළේය එක් තරඟාවලියකදී එවකට ක්‍රීඩකයෙකු විසින් එල්ල කල වැඩිම හයේ පහරවල් ගණන විය. ඔහු අඛණ්ඩව ඉනිම 4 කදී අර්ධ ශතක 4 ක් රැස් කළ අතර එයද එවකට පැවති වාර්තාවකි.[තහවුරු කර නොමැත]
යොමුව
- "The gracious Mr Walsh". ESPNcricinfo. 5 April 2011. 18 March 2011 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 April 2011.
- "24th Match: India v New Zealand at Nagpur, Oct 31, 1987". Cricinfo. 5 July 2009 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 July 2009.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1987 ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ තොරතුරු, 1987 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක්ද? 1987 ක්‍රිකට් ලෝක කුසලානය යනු කුමක් දර්ශනය කරන්නේ?