1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය


1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය යනු, 1990 ජූනි 11 දින සිදුවූ ශ්‍රී ලාංකික පොලිස් නිලධාරි සමූල ඝාතනයකි. බෙදුම්වාදී සංවිධානයක්වූ , දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සාමාජීකයන් විසින්, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අවිනොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින් 600 කට වැඩි ගණනක් ඝාතනය කල බවට සඳහන් වේ

1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය
ස්ථානයනැගෙනහිර පළාත, ශ්‍රී ලංකාව
දිනය11 ජූනි 1990
ඉලක්කයඅවිනොදැරූ ශ්‍රී ලංකා පොලිස් නිලධාරින්
ප්‍රහාර මාදිලියඅවිගත් සමූලඝාතනය
ආයුධය(න්)තුවක්කු
මරණ600-774
අපරාධකරුවෝදෙඊවිකො

පසුබිම

ඉන්දියානු මැදිහත්වීම

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම ප්‍රකාර, ඉන්දියානු සාම සාධක හමුදාව (අයිපීකේඑෆ්) 1987 ජූලි මසදී ශ්‍රී ලංකාවට පැමිණියහ. රට තුලඔවුන් ක්‍රියාත්මකව සිටීම, ශ්‍රී ලාංකික මහජනයාගේ සහ දේශපාලනඥයන්ගේ සතුට ගෙන දුන් කරුණක් නොවීය. 1989 ජනවාරි මසදී, ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ රජය බලයට පත් විය. ජනාධිපති ප්‍රේමදාසගේ මුල් අදහස වූයේ, රටෙහි උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වල රෞද්‍ර බෙදුම්වාදී මෙහෙයුමක් දියත් කර සිටි දෙඊවිකො සංවිධානය හා සමගින් සාම සැලසුමක් වෙත පැමිණීමය. ශ්‍රී ලංකාව තුල ඉන්දියානු රැඳීසිටීම පිළිබඳ ප්‍රේමදාස මහතා හෝ සතුටට පත් නොවීය. 1989 ජූනි මාසයේදී, ඔහු දෙඊවිකො සංවිධානය හා සමගින් සටන් නැවැත්වීමේ ගිවිසුමකට එළඹියේය. එහි නායකත්වය හා සමගින් හොඳ හිත දිනාගැනීමේ ප්‍රයත්නයක් ලෙසින්, ‍ප්‍රේමදාස මහතා විසින් හම සංවිධානයට විශාල ප්‍රමාණයක් අවි ලබා දුන්නේ (ඔවුන්ගේ ඉල්ලීම පරිදී), අයිපීකේඑෆ් හා සමග සටන් කිරීම සඳහාය. අයිපීකේඑෆ් යළි සිය රට යා යුතු බව 1989 වසර අගභාගය වන විට ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ දැඩි මහජන මතය නිසාය. ඉන්දියානු අග්‍රාමාත්‍යය විශ්වනාත් ප්‍රතාප් සිං මෙයට එකඟවී සිය හමුදා ඉවත් කර ගති.

සාම සාකච්ඡා බිඳවැටීම

මේ අතර, විදේශ කටයුතු ඇමති අබ්දුල් කාදර් ෂාහුල් හමීඩ් නායකත්වය දැරූ ශ්‍රී ලාංකික රජයේ දූත පිරිසක් විසින් දෙඊවිකො සංවිධානය හා සමගින් සාම සාකච්ඡා පවත්වන ලදි.

වැඩිදුර කියවීම්

  • ගුණරත්න, රොහාන්. (1998). ශ්‍රී ලංකාස් එත්නික් ක්‍රයිසිස් ඇන්ඩ් නැෂනල් සෙකියුරිටි, කොළඹ: ගැටුම් පර්යේෂණය පිළිබඳ දකුණු ආසියානු ජාලය. ISBN 955-8093-00-9
  • ගුණරත්න, රොහාන්. (ඔක්තොම්බර් 1, 1987). වෝ ඇන්ඩ් පීස් ඉන් ශ්‍රී ලංකා: විත් අ පෝස්ට් -එකෝර්ඩ් රිපෝට් ෆ්‍රොම් ජැෆ්නා, ශ්‍රී ලංකාව: මුලික අධ්‍යයන ආයතනය. ISBN 955-8093-00-9
  • මුණසිංහ, සරත්. (2000). අ සෝල්ජර්ස් වර්ෂන්, ශ්‍රී ලංකාව: වෙළෙඳපොළ තොරතුරු පද්ධති. ISBN 955-97130-0-0
  • සෙනෙවිරත්න, ටාසී. (2011). හියුමන් රයිට්ස් ඇන්ඩ් පලීසිං – රෙමිනිසන්සර්ස් ඔෆ් මයි පලීස් ඩේස්
  • ගුණසේකර, එස්.එල්. (නොවැම්බර් 4, 2003). ද වේජර්ස් ඔෆ් සින්, ISBN 955-8552-01-1
  • ගුණසේකර, එස්.එල්. (1996). ටයිගර්ස් මොඩරේට්ස් ඇන්ඩ් පැන්ඩෝරාද් පැකේජ්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ISBN 955-8552-01-1


ආශ්‍රිත

  1. "රිකෝලිං ද සෑඩස්ට් ඩේ ඉන් ශ්‍රී ලංකන් පලීස් හිස්ට්‍රි". ලංකා නිව්ස්පේපර්ස්. ලංකා නිව්ස්පේපර්ස්. 2011. සම්ප්‍රවේශය 2011-06-12.
  2. "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි, චැප්ටර් 44: ඊළම් වෝ - අගේන්". කේ. ටී. රාජසිංහම්. ඒෂියා ටයිම්ස්. 2002. සම්ප්‍රවේශය 2011-06-13.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය පිළිබඳ තොරතුරු, 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය යනු කුමක්ද? 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?