2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල එම වසරේ ඔක්තෝම්බර් 8 වන දින සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ, හම්බන්තොටදී පැවැත්විණි. සමාරම්භක උත්සවය හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණයදී පවත්වනු ලැබූ අතර, දකුණු ආසියාවේ රටවල් 8 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 359 දෙනෙක් තරඟාවලියට සහභාගී වූහ.
| 1 වන දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | හම්බන්තොට, ශ්‍රී ලංකාව |
| ආදර්ශ පාඨය | "Our sun to shine on you" |
| සහභාගී වූ රටවල් | 8 යි |
| ක්‍රීඩක සංඛ්‍යාව | 359 යි |
| ඉසව් ප්‍රමාණය | 10 යි |
| සමාරම්භක දිනය | 2011 ඔක්තෝම්බර් 8 |
| නිමා වූ දිනය | 2011 ඔක්තෝම්බර් 14 |
| නිල ආරම්භය සිදුකලේ | මහින්ද රාජපක්ෂ මැතිතුමා |
| ප්‍රධාන ස්ථානය | හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණය |
සත්කාරක නගරය තෝරා ගැනීම
ශ්‍රී ලංකාව හැරුණු විට, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්, ක්‍රීඩා උළෙල සත්කාරකත්වය වෙනුවෙන් තරඟ වැදුණාහ.
නිල ලාංඡනය සහ මංගල සංඛේතය
ක්‍රීඩා උළෙලේ නිල ලාංඡනය 2011 ජනවාරි 20 දින ගාල්ලදී එළිදැක්වුණි.
මංගල සංඛේතය ලෙස, ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සම්බන්ධ නර්තන අංගයක් වූ "සලු පාලිය" යොදා ගන්නා ලදී.
ක්‍රීඩා ඉසව්
පිහිනුම් මැරතන් සහ සුළං ඔරු පැදීම තරඟ ආරුගම්බේ හීදී පැවැත්වූ අතර ඉතිරි තරඟ හම්බන්තොට, තංගල්ල සහ තිස්සමහාරාමය හීදී පැවැත්විණී. තරඟකරුවන්ගේ අවම සහභාගීත්වය නිසා, තුන් ප්‍රයාම සහ වෙරළ කායවර්ධන යන තරඟ අවලංගු කරන ලදී.
|
|
|
සහභාගී වූ රටවල්
වරහන් තුල දක්වා තිබෙන්නේ එක් එක් රටවලින් සහභාගී වූ තරඟකරුවන් සංඛ්‍යාව වේ.
- ඇෆ්ගනිස්තානය
- බංග්ලාදේශය (19)
- භූතානය (4)
- ඉන්දියාව (90)
- මාල දිවයින (56)
- නේපාලය (36)
- පාකිස්ථානය (56)
- ශ්‍රී ලංකාව (110)
න්‍යාය පත්‍රය
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ තරඟ පැවැත්වූ කාල රාමුව පහත දැක්වෙයි.
| සඋ | සමාරම්භක උළෙල | ● | මූලික තරඟ | 1 | අවසන් තරඟ | නිඋ | නිමා කිරීමේ උළෙල |
| ඔක්තෝම්බර් | 8 සෙනසුරාදා | 9 ඉරිදා | 10 සඳුදා | 11 අඟහරුවාදා | 12 බදාදා | 13 බ්‍රහස්පතින්දා | 14 සිකුරාදා | ඉසව් සංඛ්‍යාව | |
|---|---|---|---|---|---|---|---|---|---|
| උත්සව | සඋ | නිඋ | |||||||
| 3-on-3 basketball | ● | ● | 2 | 2 | |||||
| වෙරළ පාපන්දු | ● | ● | 1 | 1 | |||||
| වෙරළ අත් පන්දු | ● | ● | 1 | 1 | |||||
| වෙරළ කබඩි | ● | ● | 2 | 2 | |||||
| වෙරළ දැල් පන්දු | ● | ● | 1 | 1 | |||||
| වෙරළ වොලිබෝල් | ● | ● | ● | ● | 2 | 2 | |||
| Lifesaving | 3 | 3 | 6 | ||||||
| Marathon swimming | 2 | 2 | |||||||
| Tent pegging | 2 | 2 | 2 | 2 | 8 | ||||
| සුළං ඔරු පැදීම | ● | ● | ● | 1 | 1 | ||||
| සමස්ථ ඉසව් සංඛ්‍යාව | 2 | 5 | 7 | 6 | 5 | 1 | 26 | ||
| සමුච්චිත එකතුව | 2 | 7 | 14 | 20 | 25 | 26 | |||
| ඔක්තෝම්බර් | 8 සෙනසුරාදා | 9 ඉරිදා | 10 සඳුදා | 11 අඟහරුවාදා | 12 බදාදා | 13 බ්‍රහස්පතින්දා | 14 සිකුරාදා | ඉසව් සංඛ්‍යාව | |
පදක්කම් සටහන
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | ඉන්දියාව | 11 | 9 | 7 | 27 |
| 2 | ශ්‍රී ලංකාව | 9 | 10 | 9 | 28 |
| 3 | පාකිස්ථානය | 5 | 2 | 4 | 11 |
| 4 | නේපාලය | 1 | 2 | 5 | 8 |
| 5 | බංග්ලාදේශය | 1 | 1 | 1 | 3 |
| 6 | මාල දිවයින | 0 | 1 | 2 | 3 |
| 7 | ඇෆ්ගනිස්තානය | 0 | 1 | 0 | 1 |
| මුළු එකතුව | 19 | 19 | 21 | 59 | |
මේවාද බලන්න
මූලාශ්‍ර
- President Mahinda to inaugurate first South Asian Beach Games Festival in Hambantota tomorrow
- "Sri Lanka A Good Place For Beach Games — OCA President". The Sunday Leader. 12 December 2010. 10 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 October 2011.
- Sri lanka gears for Beach games, http://print.dailymirror.lk/sports/128-local/32524.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-15
- The South Asian Beach Games Mascot - Salu Paaliya, http://www.cricturf.com/events/sabg2011/2655-south-asian-beach-games-2011-official-mascot.html, ප්‍රතිෂ්ඨාපනය 2014-02-15
- 2011 South Asian Beach Games schedule, http://www.sabg2011.com/PDF/GameSchedule/Results%20for%20Printing%20day%200.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-02-15
- Two sports removed from first South Asian Beach Games
- Bangladesh Contingent will depart Dhaka on 6 October 2011, http://www.nocban.com/Pages/News/NewsDetails.aspx?id=N031, ප්‍රතිෂ්ඨාපනය 15 February 2014
- Maldives contingent arrived to Hambantota
- Beach games participants from Nepal bade farewell
භාහිර සබැදි
- නිල වෙබ් අඩවිය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?