2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය


2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයෙහි අවසන් තරගය, 2021 ජූනි 18–22 දින අතරතුර, සවුත්හැම්ප්ටන් හී රෝස් බෝල් පිටියෙහිදී, ඉන්දියාව සහ නවසීලන්තය අතර ක්‍රීඩා කෙරෙමින් පවතියි. අමතර දිනය ලෙසින් 2021 ජූනි 23 දිනය වෙන් කර තැබුනද එය භාවිතා වන්නේ පළමු දින පහ තුලදී මගහැරෙන කාලය එම දින පහ තුලදීම පියවා ගැනීමට අපොහොසත් වුවහොත් පමණි. ජය පරාජයෙන් තොර හෝ සම ලකුණු ලෙසින් හෝ තරගය නිමා වුවහොත්, කණ්ඩායම් දෙකම සම ශූරයන් ලෙසින් ප්‍රකාශයට පත් කොට කුසලාන හවුලේ භුක්ති විඳීමට සලසනු ලැබේ.

2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය
ඉසව්ව2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව
ඉන්දියාව නවසීලන්තය
දිනය18–22 ජූනි 2021
ස්ථානයරෝස් බෝල්, සවුත්හැම්ප්ටන්
විනිසුරුවන්
  • මයිකල් ගොෆ් (එංග, පිටියෙහි විනිසුරු)
  • රිචඩ් ඉලිංවර්ත් (එංග, පිටියෙහි විනිසුරු)
  • රිචඩ් කෙට්ල්බොරෝ (එංග, රූපවාහිනී විනිසුරු)
  • ඇලෙක්ස් වෝෆ් (එංග, අමතර විනිසුරු)

පසුබිම

අවසන් තරගය පැවැත්වෙන ස්ථානය වන රෝස් බෝල්, සවුත්හැම්ප්ටන් හී හාත්පස දසුනක්

2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයෙහි ලීග් අවදියෙහි ඉහළ මට්ටම හිමි කර ගත් කණ්ඩායම් දෙක ලෙසින් ඉන්දියාව සහ නවසීලන්තය අවසන් තරගයට සුදුසුකම් ලැබූහ. කොවිඩ්-19 ව්‍යාප්ත වසංගතය සහ තරගාවලි බහුතර සංඛ්‍යාවක් කල්දැමීම නිසා, ලීග් අවදියෙහි කණ්ඩායම් මට්ටම තීරණය කරන ලද්දේ උපයාගත් ලකුණු ප්‍රතිශතය අනුවය. 2021 පෙබරවාරි 2 වන දිනදී, ඕස්ට්‍රේලියාව විසින් ඔවුන්ගේ දකුණු අප්‍රිකාවට එරෙහිව රටින් බැහැර තරගාවලිය කල් දැමීම නිසා, නවසීලන්තයට අවසන් තරගයෙහිදී සහතික කල ස්ථානයක් හිමි විය. 2021 මාර්තු 6 දිනදී, ඉන්දියාව විසින්ද අවසන් තරගයෙහි තමන්ට සහතික ස්ථානයක් හිමිකර ගත්තේ තම රටෙහි පැවති ටෙස්ට් තරගාවලියෙහිදී එංගලන්තය 3–1 ලෙසින් පරාජය කිරීමත් සමගිනි.


අවසන් තරගය වෙත ගමන

අවසන් තරගය වෙත පෙත

 ඉන්දියාව වටය  නවසීලන්තය
ප්‍රතිවාදියා ප්‍රතිඵලය ලීග් අවදිය ප්‍රතිවාදියා ප්‍රතිඵලය
 බටහිර ඉන්දීය කොදෙව් (A) ඉන්දියාව 2 – 0 බටහිර ඉන්දීය කොදෙව් තරගවාරය 1  ශ්‍රී ලංකාව (A) නවසීලන්තය 1 – 1 ශ්‍රී ලංකාව
 දකුණු අප්‍රිකාව (H) ඉන්දියාව 3 – 0 දකුණු අප්‍රිකාව තරගවාරය 2  ඕස්ට්‍රේලියාව (A) නවසීලන්තය 0 – 3 ඕස්ට්‍රේලියාව
 බංග්ලාදේශය (H) ඉන්දියාව 2 – 0 බංග්ලාදේශය තරගවාරය 3  ඉන්දියාව (H) නවසීලන්තය 2 – 0 ඉන්දියාව
 නවසීලන්තය (A) ඉන්දියාව 0 – 2 නවසීලන්තය තරගවාරය 4  බටහිර ඉන්දීය කොදෙව් (H) නවසීලන්තය 2 – 0 බටහිර ඉන්දීය කොදෙව්
 ඕස්ට්‍රේලියාව (A) ඉන්දියාව 2 – 1 ඕස්ට්‍රේලියාව තරගවාරය 5  පකිස්තානය (H) නවසීලන්තය 2 – 0 පකිස්තානය
 එංගලන්තය (H) ඉන්දියාව 3 – 1 එංගලන්තය තරගවාරය 6
ලීග් අවදිය පළමුවන ස්ථානය
Pos කණ්ඩායම P W L D PC Pts PCT සුදුසුකම
1  ඉන්දියාව 6 5 1 0 720 520 72.20 අවසන් තරගය වෙත සුදුසුකම් ලැබීය
තරග වැදුනු තරග වාර ගණන ආශ්‍රයෙන්
අවසන් ලීග් අනුස්ථාන ලීග් අවදිය දෙවන ස්ථානය
Pos කණ්ඩායම P W L D PC Pts PCT සුදුසුකම
2  නවසීලන්තය 5 3 1 1 600 420 70.00 අවසන් තරගය වෙත සුදුසුකම් ලැබීය
තරග වැදුනු තරග වාර ගණන ආශ්‍රයෙන්

ක්‍රීඩක සංචිත

 ඉන්දියාව  නවසීලන්තය
  • විරාට් කෝලි (c)
  • අජින්ක්යා රහානෙ (vc)
  • රවිචන්ද්‍රන් අෂ්වින්
  • ජස්ප්‍රිට් බුම්රා
  • ෂුබ්මාන් ගිල්
  • රවින්ද්‍ර ජඩේජා
  • රිෂබ් පෑන්ට් (wk)
  • චීටෙෂ්වාර් පුජරා
  • ව්‍රිඩ්ඩිමාන් සහා (wk)
  • මෙහොමඩ් ෂාමි
  • ඉෂාන්ට් ෂර්මා
  • රෝහිට් ෂර්මා
  • මොහාමඩ් සිරාජ්
  • හනුමා විහාරි
  • උමේෂ් යාදේව්
  • කේන් විලියම්සන් (c)
  • ටොම් ලේදම් (vc)
  • ටොම් බ්ලන්ඩෙල් (wk)
  • ට්‍රෙන්ට් බෝල්ට්
  • ඩෙවන් කොන්වේ
  • කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම්
  • මැට් හෙන්රි
  • කයල් ජේමිසන්
  • හෙන්රි නිකල්ස්
  • අජාස් පටේල්
  • ටිම් සූති
  • රොස් ටේලර්
  • නීල් වැග්නර්
  • බීජේ වොට්ලිං (wk)
  • විල් යං


සාරාංශය

18–22 ජූනි 2021
ලකුණු පුවරුව
217 (92.1 ඕවර)
අජින්කයා රහානෙ 49 (117)
කයල් ජේමිසන් 5/31 (22 ඕවර)
249 (99.2 ඕවර)
ඩෙවන් කොන්වේ 54 (153)
මෙහොමඩ් ෂාමි 4/76 (26 ඕවර)
64/2 (30 ඕවර)
රෝහිට් ෂර්මා 30 (81)
ටිම් සූති 2/17 (9 ඕවර)
තරග නිමාව, දිනය 5
රෝස් බෝල්, සවුත්හැම්ප්ටන්

විනිසුරුවන්: මයිකල් ගොෆ් (එංග) සහ රිචඩ් ඉලිංවර්ත් (එංග)
  • කාසියෙහි වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දු රැකීම තෝරා ගති.
  • වර්ෂාව නිසා පළමු දිනය සසහ සතරවන දිනය තුල තරගයෙහි ක්‍රීඩා කිරීම නොහැකි විය.
  • අයහපත් ආ‍ලෝකය නිසා ‍දෙවන දිනය තුල 33.2 ඕවර අහිමි විය.

තරග විකාශය

ගෝලීය ක්‍රිකට් ලෝලීන් සඳහා මෙම තරගයට පුළුල්-පරාසයක ප්‍රවේශයක් ලබා දීමෙහි අභිලාෂය සහිතව, 2021 ජූනි 15 දින, අයිසීසීය විසින් විකාශක සහ ඩිජිටල් විසුරුවාහැරීමෙහි සැලසුම ප්‍රකාශයට පත්කරන ලදි. මේ අනුව, ආවරණය සලස්වන ලද්දේ රූපවාහිනිය, ඩිජිටල් මාධ්‍යය සහ ගුවන් විදුලිය ඔස්සේය.

2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාව මෙන්ම මෙම අවසන් තරගය සඳහාද, නිල විකාශක හවුල්කරුවෙක් අයිසීසීය සතු නොවුනද, එක් එක් භූමි ප්‍රදේශයන්හී පෙරමුණ ගත් විකාශකයන් හා සමගින් විකාශන සඳහා ගිවිසුම් ඇති කර ගන්නා ලදි.

මෙම ගිවිසුම් අතර, ඉන්දියාව තුල සජීවී රූපවාහිනි ආවරණය සඳහා ස්ටාර් ස්පෝර්ට්ස් (ඉන්දියානු ප්‍රාදේශිය භාෂා පහකින් විකාශය), නවසීලන්තය තුල ස්කයි ස්පෝර්ට්ස්, ඕස්ට්‍රේලියාව තුල ෆොක්ස් ස්පෝර්ට්ස්, උප-සහරානු අප්‍රිකාව තුල සුපර්ස්පෝර්ට්, එක්සත් රාජධානියෙහි ස්කයි ස්පෝර්ට්ස් සහ ඇමරිකානු එක්සත් ජනපදය තුල විශේෂයෙන් හොට්ස්ටාර්, ඊඑස්පීඑන්+, විලෝ ටීවී වැනි බහුතර විකල්පද සමග වෙති. මෙම තරගය සඳහා විකාශක හවුල්කරුවෙකු අයිසීසීය සතුව නොමැති වුවද, ICC.tv සංරක්ෂණය කළ පිටපත 2021-06-18 at the Wayback Machine වේදිකාව, මත මෙම තරගය ස්ට්‍රීම් කරනු ලැබේ.

අවසන් තරගය සඳහා පහත විස්තර විචාරක මඬුල්ලද අයිසීසීය විසින් නම් කරන ලදි:

  • සුනිල් ගවස්කාර්
  • කුමාර් සංගක්කාර
  • නසාර් හුසේන්
  • සයිමන් ඩූල්
  • ඉෂා ගුහා
  • ඉයන් බිෂප්
  • මයිකල් ඇතර්ටන්
  • ක්‍රෙග් මැක්මිලන්
  • ඩිනේෂ් කාර්තික්

සටහන්

  1. ජූනි 23 අමතර දිනයක් ලෙසින් නම් කර ඇත. එහෙත් දින 5 කට පසුව ජය පරාජයක් නොමැතිව හෝ සම ලකුණු හෝ ප්‍රතිඵලයක් නොමැතිව තරගය කෙළවර වූ විටෙක දිනුම්කරු තේරීම නොකරන අතර කණ්ඩායම් දෙකම තරගාවලියෙහි සම ශූරයන් ලෙසින් ප්‍රකාශ කෙරෙයි

ආශ්‍රිත

  1. "WTC ෆයිනල්: ඉන්ඩියා ඇන්ඩ් නිව් සීලන්ඩ් ටු ෂෙයා ට්‍රෝපි ඉන් කේස් ඔෆ් අ ඩ්‍රෝ ඕර් අ ටයි". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆො. සම්ප්‍රවේශය 28 මැයි 2021.
  2. "වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල් ල්ලේයිං කන්ඩිෂන්ස් අනවුන්ස්ඩ්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 28 මැයි 2021.
  3. "වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනලිස්ට්ස් ටු බී ඩිසයිඩඩ් ඉයි පර්සන්ටේජ් ඔෆ පොයින්ට්ස් අර්න්ඩ්". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. 15 නොවැම්බර් 2020. සම්ප්‍රවේශය 15 නොවැම්බර් 2020.
  4. "අයිසීසී ඕල්ටර්ඩ් පොයින්ට්ස් සිස්ටම් ෆො වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. 19 නොවැම්බර් 2020. සම්ප්‍රවේශය 19 නොවැම්බර් 2020.
  5. "ඕස්ට්‍රේලියා පෝස්ට්පෝන් සවුත් ඇෆ්‍රිකා ටුවර් ඕවර් කොවිඩ්-19 ෆියර්ස්, NZ සෙට් ටු ප්ලේ ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". Scroll.in. 2 පෙබරවාරි 2021. https://scroll.in/field/985746/cricket-australia-postpone-south-africa-tour-over-covid-19-fears-nz-set-to-play-test-c-ship-final. 
  6. "සිනාරියෝස්: හූ විල් ෆේස් නිව්සීලන්ඩ් ඉන් ද ඩබ්ටීසී ෆයිනල්?". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. 2 පෙබරවාරි 2021. සම්ප්‍රවේශය 2 පෙබරවාරි 2021.
  7. "ඉන්ඩියා වර්සස් ඉංග්ලන්ඩ්: අක්සාර් පටේල් ඇන්ඩ් රවිචන්ද්‍රන් අෂ්වින් සීල් සීරිස් ෆො හොස්ට්ස්". බීබීසී ස්පෝස්ට්ස්. සම්ප්‍රවේශය 6 මාර්තු 2021.
  8. "ජඩේජා, විහාරි, සහා රිටරන් ඈස් ඉන්ඩියා නේම් ස්ක්වොඩ් ෆො ඩබ්ටීසී ෆයිනල්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 15 ජූනි 2021.
  9. "බ්ලැක්කැප්ස් කන්ෆර්ම්ඩ් ෆො අයිසීසී වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". නිව් සීලන්ඩ් ක්‍රිකට්. සම්ප්‍රවේශය 15 ජූනි 2021.
  10. "අයිසීසී එනවුන්ස් බ්‍රෝඩ්කාස්ට් ඇන්ඩ් ඩිජිටල් ඩිස්ට්‍රිබියුෂන් ප්ලෑන්ස් ෆො ඉනෝගරල් වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
  11. "ඩබ්ටීසී ෆයිනල්: අයිසීසී අනවුන්සස් බ්‍රෝඩ්කාස්ට් ඇස්න්ඩ් ලයිව් ස්ට්‍රීමිං ඩිටේල්ස් ෆො ඕල් කන්ට්‍රීස්". ක්‍රික්ට්‍රැකර්. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
  12. "අයිසීසී ටු සෙල් ග්ලෝබල් රයිට්ස් ඔෆ් ඩබ්ටීසී ෆයිනල්; ස්ටාර් රිටේන්ස් ඉන්ඩියන් සබ්කන්ටිනන්ට්". ක්‍රික්බස්. 31 මාර්තු 2021. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
  13. "ස්කයි සෙකියුර්ස් රයිට්ස් ෆො වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල් බිට්වීන් බ්ලැක් කැප්ස් ඇන්ඩ් ඉන්ඩියා". ස්ටෆ්. 21 මැයි 2021. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
  14. "වෙයාර් ටු වොච් දි අයිසීසී වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය. සම්ප්‍රවේශය 16 ජූනි 2021.
  15. "ඩබ්ටීසී 2021: ලිස්ට් ඔෆ් කමෙන්ටේටර්ස් ෆො ද වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ෆයිනල්". විස්ඩන්. සම්ප්‍රවේශය 16 ජූනි 2021.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය පිළිබඳ තොරතුරු, 2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය යනු කුමක්ද? 2019–2021 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය යනු කුමක් දර්ශනය කරන්නේ?