අප්‍රිකාව

මුල් පිටුව | අප්‍රිකාව


අප්‍රිකාව ලොව දෙවැනියට විශාලත ම (විශාලත්වය අනූව ආසියාවට පමණක් දෙවන වේ.) සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.

අප්‍රිකාව
භූමිප්‍රමාණය30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත)
ජනගහණය1,000,010,000 (2005, දෙවැනියා)
ජනගහණ ඝණත්වය30.51/කිමී2 (80/වර්ග සැත පමණ)
ජාතිකත්ව නාමයඅප්‍රිකානු
රටවල්56
පරායත්ත රාජ්‍යයන්
{{{1}}}
  • මැයොට්
  • රින්යන්
  • කනෙරි දූපත්
  • තෙයුටා
  • මදීර දූපත්
  • මෙලිලා
  • සෙන්ට් හෙලේනා
භාෂාභාෂා ලැයිස්තුව
වේලා කලාපUTC-1 සිට UTC+4
විශාලතම නගරඅප්‍රිකාවේ විශාලතම පුරවර ප්‍රදේශ ලැයිස්තුව
අප්‍රිකාවේ නගර ලැයිස්තුව

උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.

අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි.


මූලාශ්‍ර

  1. "World Population Prospects: The 2006 Revision" සංරක්ෂණය කළ පිටපත 2011-05-11 at the Wayback Machine United Nations (Department of Economic and Social Affairs, population division)
  2. Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. ISBN 0-7613-1367-2.
  3. Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005, http://web.utah.edu/unews/releases/05/feb/homosapiens.html, ප්‍රතිෂ්ඨාපනය 2010-12-26 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අප්‍රිකාව පිළිබඳ තොරතුරු, අප්‍රිකාව යනු කුමක්ද? අප්‍රිකාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.