මානෙල්

Nymphaeaceae
කාලීන ව්‍යාප්තිය: 130 Ma
N
Early Cretaceous - Recent
Water Lily with Flower
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
Division: Angiospermae
වර්ගය: see text
ගෝත්‍රය: Nymphaeales
කුලය: Nymphaeaceae
Salisb. (1805)
Genera
  • Barclaya
  • Euryale
  • Nuphar
  • Nymphaea
  • Ondinea
  • Victoria

මානෙල්(Nymphaeaceae) (උසුරුවනුයේ /ˌnɪmfiːˈeɪsiːʔiː/) මල් පිපෙන ශාක පවුලට අයත්ය.නිවර්තන කලාපීය මිරිදිය ජලයේ හොදින් වැඩේ. ගණ අටකට පමණ අයත් විශේෂ 70 පමණ ලොවපුරා දක්නට ලැබේ.නිම්පනීයා පවුලට අයත් ශාක වර්ග 36 පමණ උත්තරාර්ධගෝලය තුල දක්නට ලැබේ. වික්ටොරියා ගණයට අයත් විශාල මානෙල් වර්ග දෙකක් දකුණු ඇමරිකවේ දක්නට ලැබේ. මානෙල් ජලය යට ඇති පස්වල රෝපණයවේ.පත්‍ර හා මල් ජලය මතුපිට දක්නට ලැබේ. පත්‍ර රවුම් හැඩයක් ගන්නා අතර අරීය කන්තුවක් දක්නට ලැබේ,.

මානෙල් ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කලහැක:ඒ දැඩි හා නිවර්තන ලෙසයි.දැඩි මානෙල් දිවා කාලයේ දී පමණක් විකසිවේ,එහෙත් නිවර්තන මානෙල් දිවා මෙන්ම රාත්‍රී කාලයේ දී ද විකසිතවේ.නිල් පැහැති මානෙල් මල් හටගන්නා විශේෂයක්ද පවතී.

මානෙල් සුගන්දවත් පුෂ්පයකි.

ආක්‍රමණික විශේෂයක් ලෙස

මානෙල් අලංකාරවත් ශාකයක් ලෙස විවිධ ප්‍රයෝජන මිනිසා විසින් ලබාගනී.මෙක්සිකානු මානෙල් ගල්ෆ් කලාපයේ උතුරු අමරිකාවේ හොදින් වැඩේ. එහෙත් ඇතැම් ප්‍රදේශයන්හි මානෙල් ශාකය කරදරකාරී ශාකයක් ලෙස ප්‍රතික්ෂේප කරයි.මෙම ශාක පත්‍ර ජලාශය තුලට එන හිරු එලිය ආවරණය කිරීම නිසා ඇතැම් ජීවීන්ට මෙය අහිතකරවේ.එමගින් ජලය අභන්තරයේ ඇති ශාක වලට හිරු එළිය නොලැබීමෙන් ප්‍රභාසංස්ලේෂණය අවම වීමෙන් ජලය තුල ඔක්ෂිජන් ප්‍රතිශතය අඩුවේ.එය ජලජ ජීවීන්ට අහිතකර ලෙස බලපායි. වර්ධනය පත්‍ර කපා දැමීම මගින් පාලනය කරයි.එසේත් නැතිනම් මුලිනුපුටා දමයි. ඇතැම් ශාක ශක්ෂකයන් මනෙල් ශාකය ආහ්‍රීතව බෝවේ.විශේෂයෙන් දිය ගොළුබෙල්ලන් වැනි ජීවීන් මානෙල් පත්‍ර ඇසුරේ වැඩේ. .ආක්‍රමණික හා කරදරකාරී ශාකයක් ලෙස බොහෝ ප්‍රදේශ වල මෙය හදුන්වයි.මෙහි වාසිදායක තත්වයක් ලෙස ජලය වාෂ්පීකරණය වැළැක්වීම ගතහැක.විශේෂ යෙන් සමකාසන්න රටවල විල් පොකුණු වැව් ආදියේ ජලය වාෂ්පීකරණය වැළැක්වීම සදහා මානෙල් වැවීම සිදුකරයි.

සංකේතයක් ලෙස භාවිත කිරීම

මානෙල් මල(නිල් මානෙල් මල) ශ්‍රී ලංකාව බන්ගලාදේශය යන රටවල ජාතික පුෂ්පය ලෙසද අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රාන්ත පුෂ්පය ලෙසද ජූලි මාසයේ සංකේත පුෂ්පය ලෙසද යොදාගනී.

ගැලරිය

මේවාත් බලන්න

යොමුව

  • The genera of the Nymphaeaceae and Ceratophyllaceae in the southeastern United States. J. Arnold Arbor. 40: 94-112.
  • Perry D. Slocum: Waterlilies and Lotuses. Timber Press 2005, ISBN 0881926841 (restricted online version at Google Books)

බාහිර සබැදුම්

  • NCBI Taxonomy Browser
  • Phylogenetic analysis of the order Nymphaeales based on the nucleotide sequences of the chloroplast
  • Flora of North America

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මානෙල් පිළිබඳ තොරතුරු, මානෙල් යනු කුමක්ද? මානෙල් යනු කුමක් දර්ශනය කරන්නේ?