විසිකැල්ක්

මුල් පිටුව | විසිකැල්ක්

හැඳින්වීම

Visicalc, ක්ෂුද්‍ර පරිගණකය සඳහා බිහි වූ පැතුරුම්පත් ගණයට අයත් පළමු මෘදුකාංගය ලෙස සැලකේ. විනෝදයට පරිගණකය භාවිතා කිරීමේ සිට ව්‍යාපාර පරිපාලනය දක්වා මයික්‍රෝ කම්පියුටරය රැගෙන ආවේ මෙම Visicalc මෘදුකාංගය යි.

ආරම්භය

ඩැන් බ්‍රැන්ක්ලින් (Dan Bracklin) විසින් නිර්මාණය කරන ලදුව පසුව බොබ් ෆ්‍රැන්ක්ස්ටන් (Bob Frankston) අතින් වඩාත් ඔප මට්ටම් වූ මෙම මෘදුකාංගය ඔවුන්ගේ සොෆ්ට්වෙයා ආර්ට්ස් (Software Arts) නම් වූ අයතනයේ නිපදවා පර්සනල් සොෆ්ට්වෙයා (Personal Software) නම් වූ ආයතනය මඟින් Apple II නම් මයික්‍රෝ කම්පියුටරය සඳහා 1979 දී බෙදා හරින ලදී.

පසුව මෙය Atari, TRS 80, Commodore Pet හා IBM PC යන පරිගණක සඳහා ද නිපදවන ලදී.

ප්‍රමාණය හා හැකියාවන්

මෙම නම් පැතුරුම්පතෙහි තීරු 64ක් හා පේලි 256ක් තිබූ අතර අවශ්‍ය විටෙක '/ ' නම් යතුර භාවිතා කරමින් මෙනුව තිරයේ ඉහළින් ලබා ගැනීමේ හැකියාවක් ද තිබිණ. එසේම ගණිතය හා ව්‍යාපාර කළමණාකරණය ඇතුළු නොයෙක් ක්ෂේත්‍ර සඳහා ශ්‍රිත ගණනාවක් ද තිබීම වසර 6ක් තුළ එහි පිටපත් 700,00ක් විකිණීමට හේතුවක් ද වන්නට ඇත.

වර්තමානය හා සැසඳීම

අද පැතුරුම්පතක් මෙන් බොහෝ පිටු ගණනාවක් නොතිබි අතර තීරු හා පේලි ප්‍රමාණය ද ප්‍රමාණාත්මක ව අඩු විය. තනි කොළ පැහැයෙන් තිරය දිස් වූ අතර ප්‍රස්ථාර ලබා ගැනීමේ හැකියාවක් ද නොතිබුණි.

නමුත් ඒ ආරම්භයයි.

අනුප්‍රාප්තිකයෝ

VisiCalc නම් වූ මෙම අති විශිෂ්ඨ නිර්මාණයෙන් අදහස ගෙන ඒ ආකාරයේ පැතුරුම්පත් ගණනාවක් පසු කාලයේදී ලෝකයට බිහි විය. ඒ අතර SuperCalc (1980), Multiplan (1982), Lotus 123 (1983), AppleWorks (1984), Macintosh සඳහා MicroSoft Excel (1985) හා Windows සඳහා MicroSoft Excel (1987) යන පැතුරුම්පත් ද වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විසිකැල්ක් පිළිබඳ තොරතුරු, විසිකැල්ක් යනු කුමක්ද? විසිකැල්ක් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.