ඇනුබිස් හෝ ඉන්පු,අන්පු යන නාමයන්ගෙන් හදුන්වන මේ දෙවියන් පුරාණ ඊජිප්තු මිත්‍යා කතා වල සිටින ප්‍රසිද්ධ දෙවියෙකු වේ. මරණයට, මමීකරණය ට, මීලග ජීවිතයට,සොහොන් වලට සහ පාතාල ලෝකයට අධිපති දෙවියන් වන මොහුට සිවල් හෝ වෘක හිසක් ඇත. මේ දෙවියන්ට සිවල් හිසක් ලැබීමට මත පල කරන පුරාවිද්‍යාඥයන් පවසන්නේ සිවලුන්ට සොහොන් සාරා මිනී අනුභව කල හැකි නිසා මෙලෙස සිවල් හිසක් ලැබීම සාමාන්‍ය දෙයක් බවය.
ඇනුබිස් හට ඇත්තේ අප්‍රිකානු රන් හිවලාගේ හිසක්ය. එහෙත් බොහෝ මිනිසුන් අතර ප්‍රසිද්ධ ඇනුබිස් හට වෘක හිසක් ඇති බවය.
මොහුගේ පෞද්ගලික තොරතුරු ගැන පවසන විට එය ගැටලු කාරී වේ. සාමාන්‍යයෙන් සලකන්නේ සෙට් සහ නෙෆ්තිස් ඇනුබිස්ගේ දෙමාපියන් බවය.සමහර තැන් වල ඇත්තේ ඔසිරිස් සහ නෙෆ්තිස් බවය.තවත් සමහර තැන් වල ඇත්තේ රේ සහ නෙෆ්තිස් බවය. මොහුගේ ප්‍රධාන බිරිඳ වූයේ අන්පුට් ය. සමහර තැන් වල නෙෆ්තිස් ඇනුබිස්ගේ භාර්යාවක් බව ද සදහන් වේ. පුතුන් වන්නේ කෙබෙචෙට් (Kebechet) ය.
මොහු ඔසිරිස් දෙවියන් ගේ පාතාල ලෝකයේ මුරකරු වේ. තවද ඔහු ඒ ලෝකය පාලනය කිරීමට ඔසිරිස් හට සහය දෙන බවද සදහන් වේ. පාතාල ලෝකයේ ඔහුගේ කාර්යය වුයේ ඔසිරිස් දෙවියන් ලගට මිය ගිය ඇත්තන් රැගෙන යාම සහ ඒ පුද්ගලයන්ගේ හදවත ඔසිරිස් දෙවියන් ඉදිරියේ කිරා බැලීමය.ඇනුබිස්ගේ වර්ණය වන්නේ කලු පැහැයයි.වෙප්වවෙට් (Wepwawet) ඔහුගේ එක කුස උපන් සහෝදරාය වෙප්වවෙට් හට ඇත්තේ සුදු පැහැති සිවල් හිසකි.
●මෙය කතෘ විසින් සම්පාදිත ලිපියකි.
| ඇනුබිස් | ||||||
|---|---|---|---|---|---|---|
| ●මරණයට,මමීකරණයට,මරණින් මතු ජීවිතයටt, සොහොන් වලට සහ පාතාල ලෝකයට අධිපති දෙවියන් | ||||||
සිවල් හිසක් ඇති ඇනුබිස් දෙවියන් ( නව රාජධානි සමයේ සොහොන් ගැබහි ඇනුබිස් ඇන්දේ මෙලෙසිනි.) | ||||||
| නාමය රූපාක්ෂරවලින් |
| |||||
| ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | අස්යුට්(පැරණි ලයිකොපොලිස්), සයිනොපොලිස් | |||||
| සංකේතය | හිවලා සහ ? | |||||
| පෞද්ගලික තොරතුරු | ||||||
| වල්ලභයා | අන්පුට්, නෙෆ්තිස් | |||||
| දෙමාපියන් | නෙෆ්තිස් සහ සෙට්, ඔසිරිස් (මධ්‍ය සහ නව රාජධානි සමයේ), හෝ රේ (පැරණි රාජධානිය). | |||||
| සොයුරු/සොයුරියන් | වෙප්වවෙට් | |||||
| පැවතෙන්නා | කෙබෙචෙට් | |||||
| ග්‍රීක සමානයා | හර්මිස් හෝ ? | |||||
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇනුබිස් පිළිබඳ තොරතුරු, ඇනුබිස් යනු කුමක්ද? ඇනුබිස් යනු කුමක් දර්ශනය කරන්නේ?