සෙට්,සෙත්,සුතෙක්(Sutekh) යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් හැරදා යාම් වලට අවනීතියට ,නපුරට සහ දරුණු ක්‍රියාවන් වලට අධිපති දෙවියන් විය. හදුනා ගත නොහැකි සත්වයෙකුගේ හිසක් ඇති මේ දෙවියන් හට සිවල් හිසක් ඇති බවද සමහරක් පවසයි.එයට හේතුව වන්නේ මොහුගේ දරුවන් දෙදෙනාටම සිවල් හිස් ඇති නිසාය.ග්‍රීකයන් තම ටයිෆූන් දෙවි නිර්මාණය කර ගත්තේ මේ දෙවියන් ඇසුරින්ය. ඇබිඩොස් ත්‍රිකෝණයේ දුෂ්ඨයා නිරුපණය කරන සෙත් නැමදුවේ ඉහල මිසරය හි ඔම්බොස් වලදීය. සමහර තැන් වල රා විසින් ලෝකය පාලනය කිරීමට ඔසිරිස් හට ලබා දුන් විට එයට කෝප වූ සෙට් විසින් රා දෙවියන්ගේ සතුරා වූ ඇපෙප් නාගයා නිර්මාණය කල බව සදහන් වේ.
| සෙට් | |
|---|---|
සෙට් සත්වයා නම් සත්වයාගේ හිසක් මේ දෙවියන් හට ඇත. | |
| ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | ඔම්බොස් |
| සංකේතය | සෙට් සත්වයා,? |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | නෙෆ්තිස්, අනාත්, ඇස්ට්රාටෙ |
| දෙමාපියන් | ගෙබ්, නුට් |
| සොයුරු/සොයුරියන් | ඔසිරිස්, අයිසිස්, නෙෆ්තිස්, වැඩිමහල් හෝරස් |
| පැවතෙන්නා | ඇනුබිස්, වෙප්වවෙට්, මාගා |
ඔසිරිස් මිත්‍යාව අනුව සෙත් විසින් තම සොයුරු ඔසිරිස් දෙවියන් රනින් තැනූ මිනීපෙට්ටියකට දමා නයිල් ගගට විසිකර ඇත. එහිදී එය බැබිලෝනියාව අසල නගරයකට පාවී ගොස් වෙරලේ ගොඩ ගසා ඇත.
පවුල
සෙට් යනු ගෙබ්, (පෘථිවිය) සහ නුට්, (අහස) යන දෙවිවරුන්ගේ දරුවන් අතරින් කෙනෙකුය. ඔහුගේ සහෝදර සහෝදරියන් වන්නේ ඔසිරිස්, අයිසිස්, සහ නෙෆ්තිස් ය. ඔහු නෙෆ්තිස් සමඟ විවාහ වී ඇනුබිස් දෙවියන්ට සහ වෙප්වවෙට් දෙවියන්ට පියෙකු වූ අතර සමහර තැන්වල ඔහු විදේශීය දේවතාවියන් වන අනාට් සහ අස්ටාර්ටේ සමඟ විවාහ සබඳතා පැවැත්වීය.මෙම සබඳතා වලින් මාගා නම් කිඹුල් දෙවියෙකු උපත ලැබූ බව කියනු ලැබේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෙට් පිළිබඳ තොරතුරු, සෙට් යනු කුමක්ද? සෙට් යනු කුමක් දර්ශනය කරන්නේ?