අසංක ගුරුසිංහ

දේශබන්ධු අසංක ගුරුසිංහ (ඉංග්‍රීසි: Asanka Gurusinha) (උපත 1966 සැප්තැම්බර් 16 , කොළඹ දි) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. වමතින් පන්දුවට පහර​දෙන අසංක ගුරුසිංහ වමත් පිතිකරුවන් අතර ඉතා ඉහළින් වැජඹුන ක්‍රීඩකයෙකි. 1996 වර්ෂයේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනවිමට දායක විය. අසංක වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකද වෙයි.

අසංක ගුරුසිංහ
උපත16 සැප්තැම්බර් 1966
ජාතිකත්වය ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානු
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සටහන්
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු, ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික
ආගමබෞද්ධ
තරඟය ටෙස්ට් තරඟ එක් දින තරඟ
තරඟ 41 147
ලකුණු 2452 3902
සාමාන්‍යය 38.92 28.27
ශතක 7 2
අර්ධ ශතක 8 22
කඩුළු 20 26
වැඩිම ලකුණු 143 117*

ජීවන සටහන්

දේශබන්ධු අසංක ගුරුසිංහ නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1982 සිට 1985 දක්වා අසංක කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1985 දී නාලන්දා නායකයාවිය. අසංක වසර 1985 දී ඔබ්සර්ව බාටා හොඳම පාසැල් ක්‍රිකට් ක්‍රීඞකයාට හිමි සම්මානය ලබාගත්තාය.

අසංක ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.

ආශ්‍රිත

  • National Awards Conferred by His Excellency the President of Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2017-01-26 at the Wayback Machine

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අසංක ගුරුසිංහ පිළිබඳ තොරතුරු, අසංක ගුරුසිංහ යනු කුමක්ද? අසංක ගුරුසිංහ යනු කුමක් දර්ශනය කරන්නේ?