ඇල්ප්ස්

මුල් පිටුව | ඇල්ප්ස්

ඇල්ප්ස් ( ප්‍රංශ: ඇල්ප්; ජර්මන්: ඇල්ප්න්; ඉතාලි: අල්පි; Romansh: Alps; Slovene: අල්පෙ) යනු, සම්පූර්ණයෙන්ම යුරෝපයෙහි පිහිටි උසම සහ වඩාත් පුළුල් ලෙස විහිදුනු කඳුවැටි පද්ධතිය වන අතර, ඇල්පයින රටවල් අටක් එනම් (බටහිරෙහි සිට නැගෙනහිරට) ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, මොනාකෝ, ලිෂ්ටන්ස්ටයින්, ඔස්ට්‍රියාව, ජර්මනිය, සහ ස්ලෝවේනියාව ඔස්සේ දළ වශයෙන් 1,200 කිලෝමීටර (750 සැත) දුරක් විහිදෙයි.

ඇල්ප්ස්
ඇල්ප්ස් කඳුවැටියෙහි උසම කන්ද වන මොන්ට් බ්ලොන්ක් සැවෝයි වෙතින් දිස්වන අයුරු
උස4,810.9 metres (15,784 ft)
නම
ස්වදේශීය නාමය[[[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]]: ලෙස් ඇල්ප්, ජර්මන්: ඇල්ප්න්, ඉතාලි: අල්පි, Slovene: අල්පෙ] Error: {{Native name}}: missing language tag (help)  (language?)
Geography
Countries
List
  • ඔස්ට්‍රියාව
  • ප්‍රංශය
  • ජර්මනිය
  • ඉතාලිය
  • ලිෂ්ටන්ස්ටයින්
  • මොනාකෝ
  • ස්ලෝවේනියාව
  • ස්විට්සර්ලන්තය

ඉතිහාසය

ප්‍රධාන ලිපිය: ඇල්ප්ස් හී ඉතිහාසය

ප්‍රාග්ඓතිහාසික යුගයෙහි සිට ක්‍රිස්තියානි යුගය දක්වා

10,000 පමණ වසර ගණනකට පෙර, වුවම් ග්ලැසියරකරණයෙන් පසුව අයිස් දියවීමත් සමගම, අපර පුරාශිලා ප්‍රජාවන්, විල් තෙර සහ ලෙන් පද්ධති තුල ස්ථානගත වූහ. ග්‍රෝනොබ්ල අසල වෙකෝස් අසබඩ ගල්ලෙන් තුල, මානව ජනාවාසකරණය පිළිබඳ සාක්ෂි හමුවී ඇත; ඔස්ට්‍රියාවෙහි මෝර්ඩ්සී ආශ්‍රිත සංස්කෘතිය පෙන්නුම් කරන්නේ, නිවාස වියළිව තබා ගැනීම සඳහා ඒවා කණු මත තනා තිබුණු බවයි. ප්‍රංශයෙහි සහ ඉතාලියෙහි ඇල්පයින් ප්‍රදේශ තුල, උඩු අතට සිටවූ ශිලාවන් සොයාගෙන ඇත. වල්කමොනිකා හී පාෂණ සිත්තම් වසර 5000 ගණනකට වඩා පැරැණිය; මෙම අඩවියෙහි සිත්තම් සහ කැටයම් 200,000 ගණනකට වඩා හඳුනාගෙන ඇත.

1991 වසරෙහිදී අර්ට්සි නම් අයිස්මිනිසා යනුවෙන් හැඳින්වෙන, නවශිලා දේහයක මමියක්, පා ගමනෙහි යෙදෙන්නන් විසින් සිමිලවුන් ග්ලැසියරය මතදී සොයා ගන්නා ලදි. ඔහුගේ ඇඳුම් සහ බඩු බාහිරාදිය පෙන්නුම් කලේ ඔහු ඇල්පයින් කෘෂිකාර්මික ප්‍රජාවක ජීවත්වූවෙක් බව වන අතර ඔහුගේ මරණය සිදුවී තිබූ ස්ථානය සහ ආකාරය – ඔහුගේ උරහිසෙහි තිබී ඊතලයක් සොයාගැනිණි – ඉඟි කලේ ඔහු තැනින් තැනට ගමන් කල අයෙකු බවයි. අර්ට්සිගේ මයිටොකොන්ඩ්‍රීය ඩීඑන්ඒ විශ්ලේෂණය කිරීමේදී, ඔහු K1 උපශාඛාවට අයත් බවක් පෙනී ගියත්, එම උපශාඛාවෙහි නවීන ශාඛා තුනෙන් එකක් හෝ වෙත වර්ගීකරණය කිරීමට නොහැකි විය. මෙම නව උපශාඛාව තාවකාලික ලෙසින් K1ö යනුවෙන් නම් කරන ලද්දේ අර්ට්සි සඳහා ඉංග්‍රීසි වදන වූ Ötzi අනුව යමිනි.

කෙල්ටික ගෝත්‍ර ස්විට්සර්ලන්තයෙහි පදිංචි වූයේ ක්‍රිපූ 1500 සහ 1000 අතරතුරදීය.

සටහන්

  1. කෝකසස් කඳු උසින් වැඩි සහ, යූරල් කඳු පංතිය දිගින් වැඩි වුවද, ඒ දෙකම භාගික වශයෙන් ආසියාවෙහි පිහිටයි.

ආශ්‍රිත

  1. "ඇල්ප්ස්". ද හචින්සන් අනබ්‍රිජ්ඩ් එන්සයික්ලොෆීඩියා විත් ඇට්ලස් ඇන්ඩ් වෙදර් ගයිඩ්. ඇබිංටන්, එක්සත් රාජධානිය: හෙලිකන්. 2014. {{cite encyclopedia}}: Unknown parameter |subscription= ignored (help)
  2. බියෙටී, (2006), 25
  3. බියෙටී, (2006), 21

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඇල්ප්ස් පිළිබඳ තොරතුරු, ඇල්ප්ස් යනු කුමක්ද? ඇල්ප්ස් යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.