ඉන්ද්‍ර

ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප‍්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග‍්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප‍්‍රධාන දෙවියා වන අතර ආක‍්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය.

ඉන්ද්‍ර
දෙවියන්ගේ රජු
විදුලිය, අකුණු, වර්ෂාව සහ ගංගා ගලායාමට අධිපති
දෙව්ලොව රජ
ඉන්ද්‍ර සිය වාහනය වන ඓරාවත හස්තියා මත නැගීසිටින අයුරු.
දේවනාගරීइन्द्र හෝ इंद्र
සංස්කෘත පරිවර්තනයइन्द्र
අනුබැඳියදේව (හින්දු ආගම, ජෛන ආගම)
වාසභවනයස්වර්ගයේ අමරාවතී, ඉන්ද්‍රලෝකය, මේරු පර්වතය
ආයුධයවජ්‍ර (අකුණ)
සංකේතවජ්‍රය
පෞද්ගලික තොරතුරු
වල්ලභයාශාචි (ඉන්ද්‍රාණි)
දෙමාපියන්කශ්‍යප (පියා), අදිති (මව)
සොයුරු/සොයුරියන්සූර්ය,වායු,අග්නි,වරුණ,වාමන
දරුවන්වාලි, අර්ජුන සහ අන්‍යයන්
වාහනයඓරාවත (සුදු අලියා), උච්චෛහ්ශ්‍රවාස් (සුදු අශ්වයා)
පාඨ ග්‍රන්ථවේද, පුරාණ, වීරකාව්‍ය
ග්‍රීක සමානයාසියුස්
රොම සමානයාජුපිටර්

පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප‍්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත.

පුරාණ තුල

ඉන්ද්‍ර 14

එක් එක් 'මාත්‍ර' 'මන්වන්තර' නමැතියුගයක් තුළ පාලනය කෙරේ. මන්වන්තර 14 ක් එකතුවිමෙන් කල්ප 1 සෑදේ. මෙම 1 ක් ක්පයක් බ්‍රාහ්මයාගේ 1 ක් දවසක්හා සැසදේ. සෑම මන්වන්තරයකටම ඉන්දා 1 ක් ඇත. එනම්, කල්ප 1 කදී ඉන්ද්‍රා 14 ක් වෙනස් වේ. පහත ලයිස්තුව විෂ්නු පුරාණ 31 -2 වලින් උපුටා ගන්නා ලදී.

මන්වත්තර/මානු ඉන්ද්‍ර
ස්වායම් භූව Yajna (Avatar of Vishnu)
ස්රෝචිෂ් විපස්එට්
උත්තම් සුෂාන්ති
ටාමස් ශිබි
රයිවට් විභූ
චාක්ෂුශ් මනෝජව්
ශ්‍රාඩ්දෙව් පුරන්ඩාර් (ඉන්දා)
සාවර්නි බාලි
ඩක්ෂ සාවර්නි අද්භූත්
භ්‍රාහ්ම සාවර්නි ශාන්ති
ධර්ම සාර්වති Vish
රුදුපුතු සංවර්ති රිතුධාම
රුචි (දෙව සංවමි) දේවස්පති
බෝම් (ඉන්දා සාවර්ති) සුචි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉන්ද්‍ර පිළිබඳ තොරතුරු, ඉන්ද්‍ර යනු කුමක්ද? ඉන්ද්‍ර යනු කුමක් දර්ශනය කරන්නේ?