ඉනුවිල්

ඉනුවිල් (දෙමළ: இணுவில்) යනු උතුරු ශ්‍රී ලංකාවේ පිහිටි කුඩා ගමකි. එය පිහිටා ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ, කන්කසන්තුරය ප්‍රධාන මාර්ගයෙහිය. ප්‍රදේශය ජනාවාසී වී ඇත්තේ ප්‍රධාන වශයෙන් යම් ආකාරයක දෙමළ (පෘතුගීසි ලංකාව බලන්න) බස කථා කරන ජනතාවගෙනි.

ඉනුවිල්
இணுவில்
ගම
රටSri Lanka
පළාතඋතුරු
දිස්ත්‍රික්කයයාපනය
ප්‍රාලේ ප්‍රාදේශීකයවලිකාකම් දකුණ

ජනතාව

නගරය හා ආශ්‍රිත ප්‍රදේශය ගොවියන්ගෙන් ජනාවාසී වී ඇත. ජනතාවගේ බහුතරය ශ්‍රී ලාංකික දෙමළ වෙති. රත්න සභාබති විසින් පළමු විප්ලවකාරී කණ්ඩායම වන ඊරොස් සංවිධානය බිහිවූයේ ඉනුවිල් හිදීය.

අධ්‍යාපනය

ඉනුවිල් මධ්‍ය මහා විද්‍යාලය, ඉනුවිල් හින්දු විද්‍යාලය, සහ රාමනාදන් විද්‍යාලය මෙම ප්‍රදේශයේ ඇති පාසැල් අතුරින් කිහිපයකි. "සාම්ප්‍රදායික කලාවන් පිළිබඳ රාමනාදන් විද්‍යාලය" පිහිටියේ මරුදනමඩම් අසබඩ ඉනුවිල් හිය. හින්දු සාම්ප්‍රදායික කලාවන් එහි ඉගැන්වෙයි. මෙහි පරිගණක අධ්‍යාපන ආයතන කිහිපයක්ද ඇත.

සංස්කෘතිය

මොවුන්ගෙන් බොහෝ දෙන හින්දු භක්තිකයෝ වෙති. 98%-99% පමණ දෙමළ සංස්කෘතිය අනුගමනය කරති. ප්‍රසිද්ධ තඩෂන්මූර්ති ඇතුළු වෘත්තිය මට්ටමෙහි බොහෝ භේරි වාදකයෝ මෙම ගමෙන් බිහි වූහ. බොහෝ හින්දු පූජකවරුන් පුහුණුව ලබන "ගුරුකුලයක්" ද මෙහි වෙයි.

සංගණ්‍ය ජනයා

රත්න සභාබකි - ඊරොස් ආරම්භක සාමාජික වීරමනි අයියාර් - "කාර්පක අල්ලි නින් පොට් පතන්කල් පිඩිතායෙන්" රචනා කල කවියා තඩෂන්මූර්ති - වෘත්තීය භේරි වාදකයෙක්

මෙයද බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඉනුවිල් පිළිබඳ තොරතුරු, ඉනුවිල් යනු කුමක්ද? ඉනුවිල් යනු කුමක් දර්ශනය කරන්නේ?