එළු

මුල් පිටුව | එළු
මෙම ලිපිය හෝ ලිපි කොටස හෙළ බස වෙතට ඒකාබද්ධ කෙරුමට යෝජිතය. (සංවාදය)

හෙළ හෝ හෙළු ලෙසින්ද හැඳින්වෙන, එළු යනු, ක්‍රි.පූ.යු 3 වන සියවසෙහි මධ්‍ය ඉන්දු-ඉරානියානු භාෂාවක් හෝ ප්‍රාකෘතයකි. එය සිංහල භාෂාවෙහි මුතුන්මිත්තා වෙයි.

එළු
හෙළු
Regionශ්‍රී ලංකාව
Eraසිංහල වෙතට පරිණාමය විය
Language family
ඉන්දු-යුරෝපියානු
  • ඉන්දු-ඉරානියානු
    • ඉන්දු-ආර්ය
      • දක්ෂිණ ඉන්දු-ආර්ය
        • ද්වීපික ඉන්දු-ආර්ය
          • එළු
Language codes
ISO 639-3–
GlottologNone

පාලි සහ සංස්කෘත සමග එළු සංසන්දනය

ප්‍රාකෘතයක් වශයෙන් සලකන කල, පාලි වැනි අනෙකුත් ප්‍රාකෘත සමගින් එළු සමීප සම්බන්ධයක් දක්වයි. සැබවින්ම පවසතොත්, ආකෘතිය වශයෙන් සැලකූ කල, එළු වචන-ප්‍රකෘති අතුරින් බොහෝ කොටසක් පාලිය හා සර්වසම වෙයි. සාම්ප්‍රදායික ශබ්දවිද්‍යාත්මක අනුරූපිත මාලාවක් යොදාගනිමින් පාලි සහ සංස්කෘත තාක්ෂණික පද පහසුවෙන් එළු බස වෙතට පෙරැලීම සිදු කල හැකි වන තරමට එම සබැඳියාව ප්‍රකට වෙයි. මෙම අනුරූපිතයන්ගේ පැවතීම නිසාවෙන්, කිසියම් එළු වදනක්, පැරණි ප්‍රාකෘත නිඝණ්ටුවක කොටසක්ද නැතිනම් සංස්කෘතයෙන් අනුරූපිත තාවකාලික භාවිතයක්ද යන්න සැමවිට පැහැදිලිව පැවසීම නොහැකි වෙයි.

ස්වර සහ සංයුක්ත ස්වර

  • සංස්කෘත ඓ සහ ඖ සැමවිටම පිළිවෙලින් එළු එ සහ ඔ වෙත ඒකශබ්දකරණය වෙයි
නිදසුන්: මෛත්‍රී → මෙත්, ඖෂධ → ඕසද

ශබ්ද වෙනස්වීම්

  • සංස්කෘතයෙහි සහ පාලියෙහි වචනයක මුලින් යෙදෙන ච යන්න ස හෝ හ බවට පත්වෙයි
නිදසුන්: චන්ද්‍ර → සඳ, හඳ

සංයුක්ත ව්‍යඤ්ජනාක්ෂර

වචනයක් ආරම්භයේදී එක් ව්‍යාඤ්ජනාක්ෂරයක් පමණක් පැවතිය හැකිය

නිදසුන්: ධර්ම → දම්ම
නිදසුන්: ප්‍රාණ → පණ
ඒවායේ සංස්කෘත සහ පාලි සමතුල්‍ය හා සමගින් එළු වචන ලැයිස්තුවක්
එළු සංස්කෘත පාලි සිංහල
ඇස අක්ෂි අක්කි ඇස
ආදර ආධර බුහුමන
අග අග්‍ර අග්ග අවසානය, ප්‍රධාන, මූලික
අහස ආකාෂ ආකාස අහස
අකෝස අක්‍රෝෂ අක්කෝස අපහාසය, පරිභවය
අක්මන ආක්‍රමණ අක්කමන පහරදීම
අක්සුම අක්සම අසහනය
අකුර අක්ෂර අක්හර හෝඩියේ අකුර
අනඳ ආනන්ද ආනන්ද අතීශය ප්‍රීතිය
අරුත අර්ථ අත්ත තේරුම
අසුන ආසන අසන පුටුව
අත හස්ත හත්ත අත
අතුණ අන්ත්‍ර අන්ත බඩවැල
බම්බු බ්‍රහ්ම බ්‍රහ්ම බ්‍රහ්ම
බම්බුර බාර්බරා බාබේරියානු
බමුණා බ්‍රාහ්මන බබ්බන බ්‍රාහ්මන
බස භාෂා බාසා භාෂාව
බිම භූමි භූමි භූමිය
බුබුල භුඩ්බුධ බුබුල බුබුල
බොදුන භෝජන බොජුන කෑම
බොදු බෞද්ධ බෞද්ධ බෞද්ධ
බෝසත් බෝධිසත්ව බෝධිසත්ත බෝධිසත්ත්ව
දහම, දම් ධර්ම දම්ම ධර්ම
දත දන්ත දන්ත දත
දැල ජාල ජාල දැල (උපකරණය)
දෙවොල දේවාලය දේවාලය දේවාලය
දිග, දිගු දීර්ඝ දීඝ දිග
දිව ජීන ජීව දිව
දිවිය ජීවිත ජීවිත ජීවිතය
වෙසක් වෛශාඛ විශාඛ වෙසක්
වෙසෙස් විශේෂ විශේෂ විශේෂ
වියරණ ව්‍යාකරණ ව්‍යාකරණ
යකා යක්ෂ යක්ක යක්ෂ
යතුර යන්ත්‍ර යන්ත යන්ත්‍රය
යිව ජීව ජීව ජීවිතය

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එළු පිළිබඳ තොරතුරු, එළු යනු කුමක්ද? එළු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.