වකුගඩුවක තැනුම් ඒකක වෘක්කාණු වේ. වෘක්කයේ බාහිකයට ආසන්නව බාහික වෘක්කාණුත්, මජ්ජාවට ආසන්නව ජක්ස්ට මජ්ජා වෘක්කාණුත් දක්නට ලැබේ. ජක්ස්ට මජ්ජා වෘක්කාණුවල හේන්ලේ පුඩු සාපේක්‍ෂව දිගින් වැඩි ය.
| වෘක්කාණුවක සරලකල රූපසටහනක් | |
|---|---|
වෘක්කයේ වෘක්කාණුව. නම්කොට ඇත්තේ 1. ගුච්ඡිකාව, 2. අපවාහී ධමනිකාව, 3. බෝමන් ප්‍රාවරය, 4. Proximal convoluted tubule, 5. Cortical collecting duct, 6. Distal convoluted tubule, 7. හෙන්ලේ පුඩුව, 8. Duct of Bellini, 9. Peritubular capillaries, 10. Arcuate vein, 11. Arcuate artery, 12. අභිවාහී ධමනිකාව, 13. Juxtaglomerular apparatus. | |
| තොරතුරු | |
| ලතින් | Nephroneum (නෙෆ්‍රෝනියම්) |
| පූර්වජ | Metanephric blastema (intermediate mesoderm) |
| පද්ධතිය | බහිස්රාවී පද්ධතිය |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.1221 |
| MeSH | Nephrons |
| FMA | 17640 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
ව්‍යුහය
වෘක්කාණුව කුහරමය වේ. එක් කෙළවරක් ආවෘත වේ. ඒ බෝමන් ප්‍රාවරය යි. ඊට සබැඳිව පිළිවෙලින්; අවිදුර සංවලිත නාලිකාව, හෙන්ලේ පුඩුවේ ආරෝහණ බාහුව, හෙන්ලේ පුඩුවේ පාදස්ථය, හෙන්ලේ පුඩුවේ අවරෝහණ බාහුව හා විදුර සංවලිත නාලිකාව පවතී. ගුච්ඡිකාව හා බෝමන් ප්‍රාවරය යන දෙකොටස එක්ව ගත් කල එක මැල්පිගීය දේහාණුව නමි.
ගුච්ඡිකාව
අභිවාහී හා අපවාහී ධමනිකා එක්ව සෑදී ඇත. පූර්වය සාපේක්‍ෂව සිහින් බැවින් රුධිර පීඩනය වැඩිකොට කාර්යක්‍ෂම කොට ඇත. මෙය තුල රුධිර පීඩනය වැඩි නිසා ගුච්චිකාවෙන් රුධිරය පෙරේ.රුධිර සෙෙල හා ප්ලාස්ම ප්‍රෝටීන ගුච්චිකාවෙන් පෙරී නොයයි. පෙරී යන්නේ ප්ලාස්ම ප්‍රෝටීන වලින් තොර රුධිර ප්ලාස්මාවයි. මෙම තරලය ගුච්චිකා පෙරණය(Glomerular filter) නම් වේ.
බෝමන් ප්‍රාවරය
ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇත. කෝප්පාකර ය. අවතලනයවූ පැත්තේ පොඩොසයිට බවට විකරණිත ශල්කමය සෛල ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වෘක්කාණු පිළිබඳ තොරතුරු, වෘක්කාණු යනු කුමක්ද? වෘක්කාණු යනු කුමක් දර්ශනය කරන්නේ?