ගෝනගල සමූලඝාතනය යනු 1999 වර්ෂයේදී දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා ගමක් වූ, ගෝනගල ග්‍රාමයේ සිදුකරන ලද තවත් එක් නින්දාසහගත මනුෂ්‍ය සංහාරයකි. සංහාරයෙන් දිවිබේරාගත් අයගේ සාක්ෂි අනූව, ප්‍රහාරය සිදුකිරීම සඳහා 75 ක පමණ එල්ටීටීඊ ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක් ග්‍රාමයට පැමිණ තිබෙන අතර, එම කණ්ඩායම තුල සැළකිය යුතු ප්‍රමාණයක කාන්තා ඝාතකයෝ පිරිසක්ද සිට තිබෙයි.
| ගෝනගල සමූලඝාතනය Gonagala massacre | |
|---|---|
LTTE වාදීන් විසින් මරාදැමූ ගෝනගලගමේ බිළිදෙක්ගේ සිරුරක්. අසල ඇත්තේ බිළිදාට කිරිදෙමින් සිටි මවගේ සිරුර වියහැක. | |
| ස්ථානය | ගෝනගල |
| දිනය | 1999 සැප්තැම්බර් 18 (UTC+5:30) |
| ආයුධය(න්) | පිහි, මන්න |
| මරණ | 54 |
| අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
මෙම මිලේච්ඡ සමූළඝාතනය 1999 සැප්තැම්බර් 18 වන දින, අම්පාර 31 වන කොළණියේදී සිදුවිය. එදින අළුයම ගෝනගල ග්‍රාමයට කඩාවැදුණු දෙමළ කොටි ත්‍රස්ථයෝ ගම්මානයේ සිටි සිංහල වැසියෝ 50 දෙනෙකු කපා කොටා ඝාතනය කලහ. ප්‍රහාරය එල්ල කල අවස්ථාවේදී ගම්මානයේ සිටි බොහොමයක් පිරිස නින්දේ පසුවූ අතර, ඉන් සමහරක් දෙනා නිදි පැදුර මතදීම කුරීරු ලෙස ඝාතනය කොට දමා තුබුණි.
ගෝනගලින් නික්මුණු කොටි ත්‍රස්ථ පිරිස සිය ඝාතන මෙහෙයුමේ අවසානය තවත් සාර්ථක කර ගනිමින්, ග්‍රාමයේ අසල්වැසි පෙදෙසක සිටි තවත් සිවිල් වැසියන් 4 දෙනෙකු ඝාතනය කලහ.
ඝාතනයට ලක්වූවන්
ඝාතනයට ලක්වූ 54 දෙනා අතුරින්, 27 දෙනෙකු පුරුෂයෝද, 17 දෙනෙකු කාන්තාවන් සහ 10 දෙනෙකු කුඩා දරුවෝද වූහ. ඝාතනයට ලක්වූ කාන්තාවන් අතුරින් දෙදෙනෙකු, ගැබිණි මව්වරු විය.
අධිකරණ වෛද්‍ය වාර්ථාව අනූව එක් පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයක් හේතුවෙන්ද, ඉතිරි පිරිස පිහි සහ මන්නා වලින් සිදුකල දරුණු කැපුම් තුවාල හේතුවෙන්ද මිය ගොස් තිබුණි. තවත් 4 දෙනෙකු බරපතල කැපුම් තුවාල ලබා තිබුණි.
සිනමාවට නැගීම
අම්පාරේ මෙම සිදුවීම පදනම් කර ගනිමින් 2011 වසරේදී ගාමණී නමින් සිංහල චිත්‍රපටියක් නිමැවුණි.
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
මූලාශ්‍ර
- Frontline, Carnage in eastern Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2009-06-24 at the Wayback Machine
- The Sunday Times, Pre-dawn horror in Ampara
- "'Gamani' refreshes memory of a history going into oblivion – President". Policy Research & Information Unit of the Presidential Secretariat of Sri Lanka. 16 September 2011. 23 June 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 18 March 2012.
වැඩිදුර කියවීම්
- Miller, Professor Ken. "Heartache and Healing සංරක්ෂණය කළ පිටපත 2008-05-12 at the Wayback Machine", Pomona Collage, September 2006 .
- රොහාන් ගුණරත්න. (1998). Sri Lanka's Ethnic Crisis and National Security, කොළඹ: South Asian Network on Conflict Research. ISBN 955-8093-00-9
- රොහාන් ගුණරත්න. (1 October 1987). War and Peace in Sri Lanka: With a Post-Accord Report From Jaffna, Sri Lanka: Institute of Fundamental Studies. ISBN 955-8093-00-9
- Gunasekara, S.L. (4 November 2003). The Wages of Sin, ISBN 955-8552-01-1
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගෝනගල සමූලඝාතනය පිළිබඳ තොරතුරු, ගෝනගල සමූලඝාතනය යනු කුමක්ද? ගෝනගල සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?