දේශමාන්‍ය ජේෆ්රි බාවා, FRIBA (1919–2003) ශ්‍රී ලංකාවෙහි වඩාත්ම කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියා වන අතර, 20 වන සියවසෙහි අවසන් දශක කිහිපය තුලදී අග්නිදිග ආසියාවෙහි වඩාත්ම ආභාසික ගෘහ නිර්මාණ ශිල්පීන් අතරින් එකෙකු වෙමින්, වත්මනෙහි ගෝලීය වශයෙන් ‘නිවර්තන නූතනවාදය’ ලෙසින් හැඳින්වෙන්න පසුපස සිටි ප්‍රධාන බලවේගයද විය.
මුල් කාලීන ජීවිතය
ජේෆ්රි බාවා 1919 දී උපත ලද අතර ඔහුගේ දොමාපියන් යුරෝපීය සහ ශ්‍රී ලාංකික මිශ්‍ර පසුබිමකින් පැවතෙන්නන් විය. තවද ඔහුගේ දෙමාපියන් පොහොසත් අයවූහ. ඔහු සුප්‍රසිද්ධ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු අතර පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබද (ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබද කොටස් තුනකින් යුත් උපාධි පරීක්ෂණය) උපාධියක් ලබා ගන්නා ලදී. අනතුරුව ඔහු ලන්ඩනයේ මිඩ්ල් ටෙම්පල් හිදි නීතිය හදාරා 1944 වසරේදී අධිනිතීඥ වරයෙකු බවට පත් විය. යුද්ධයෙන් අනතුරුව නැවත සිය රට බලා පැමිණි ඔහු කොළඹ පිහිටි නීති ආයතනයකට බැදුණි. නමුත් ඉතා ඉක්මනින්ම ඔහු එම රැකියාව හැර දමා වසර දෙකක කාලයක් සංචාරයේ යෙදුණි. මේ අතරතුර ඔහු වරක් ඉතාලියේ පදිංචි වීමට පවා අදහසකින් පසු විය. කෙසේ නමුත් මෙම කාලයෙන් අනතුරුව වයස අවුරුදු 38 දී ඔහු ගෘහ නිර්මාණ ශිල්පය වෙත යොමු විය.
ක්‍රියාකාරකම්
1956 වසරේදී ප්‍රථමයෙන් බාවා ලන්ඩන් ගෘහ නිර්මාණ ශීල්පි සංගමයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබද ඩිප්ලෝමාවක් ලබාගත් අතර ඉන් පසු වර්ෂයේදී ඔහු බ්‍රිතාන්‍ය රාජකීය ගෘහ නිර්මාණ ශීල්පී සංගමයෙන් සාමාජිකයෙකු බවට පත් විය. අනතුරුව 1958 වසරේදී ඔහු නැවත ශ්‍රී ලංකාව බලා පැමිණි අතර ඒත් සමගම කොළඹ පිහිටි මෙසෙස් , එඩ්වඩ්ස්, රීඩ් සහ බෙග් ආයතනයේ පාර්ශව කරුවෙකු බවට පත් විය. අනතුරුව 1960 වර්ෂයේදී බාවා ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පි සංගමයේ සාමාජිකයෙකු බවට පත් විය. මේත් සමගම බාවා හට ඔහු මෙන්ම සිතිවිලි වලින් යුත් නිර්මාණ ශීල්පීන් සහ සැළසුම් කරුවන් ගණනාවක් හදුනාගැනීමේ අවස්ථාව හිමි විය. ඒ අතරට එනා ඩි සිල්වා, බාබරා සැන්සෝනි සහ ලකී සේනානයක වැනි අය අයත් වු අතර ඔවුන් සමග එක්ව බාවා විසින් දේශීය අමුද්‍රව්‍ය සහ කලා ශිල්ප පිළිබද නව අවබෝධයක් ලබාගන්නා ලදී. මේ සමගම පශ්චාත් යටත්විජිත පුනරුදය හටගන්නා ලදී.
ප්‍රසිද්ධ නිර්මාණ
- ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල
- ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පි ආයතනයේ මුලස්ථානය
- රුහුණ විශ්ව විද්‍යාලය
- කණ්ඩලම හෝටලය
- ලයිට් හවුස් හෝටලය
- බ්ලු වෝටස් හෝටලය
- බෙන්තොට බීච් හෝටලය
- ලුණුගඟ (උද්‍යානය)
- සීමාමාලකය -ගංගාරාමය
- නිල්වලා අධ්‍යාපන විද්‍යාපීඨය - අකුරැස්ස
ආශ්‍රිත
- Aesthetic Recollections සංරක්ෂණය කළ පිටපත 2007-11-18 at the Wayback Machine Newindpress on Sunday
- Beyond vernacular kitsch? The Sunday Times Online
- Legacy of a master The Sunday Times Online
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෙෆ්රි බාවා පිළිබඳ තොරතුරු, ජෙෆ්රි බාවා යනු කුමක්ද? ජෙෆ්රි බාවා යනු කුමක් දර්ශනය කරන්නේ?