තලවාකැලේ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. තලවාකැලේ-ලිදුල නගර සභාව මගින් පාලනය සිදු කරයි. මුහුදු මට්ටමේ සිට අඩි 3,932 ක් උසින් කොළඹ නුවර එළිය A7 මාර්ගය ආශ්‍රිතව තලවාකැලේ නගරය පිහිටා ඇත.
දේශගුණය
වාර්ෂික උෂ්ණත්වය 18°C පමණ වේ.
ජනගහනය
නගරයේ සම්පූර්ණ ජනගහනය ( වර්ෂ 2001 දි ) 3,458 ක් විය. ජනගහනයෙන් බහුතරය ඉන්දියානු දෙමළ වන අතර සැළකිය යුතු සිංහල ජනතාවක්ද වාසය කරයි.
අධ්‍යාපනය
- තලවාකැලේ දෙමළ මහා විද්‍යාලය
- සුමන ද්විතියීක පාසල
සංචාරක ආකර්ෂණ
- ඩෙවෝන් ඇල්ල - ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක් වේ. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව පිහිටා ඇත.
- සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල - තලවකැලේ පිහිටි සුන්දර දිය ඇලි වලින් එකක් වන සෙන්ට් ක්ලෙයාර්ස් දිය ඇල්ල මෙරට උස අනූව 20 වැනි ස්ථානය ලබා ගන්නා දිය ඇල්ල වේ. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ.
ආශ්‍රිත ලිපි
සටහන්
මූලාශ්‍ර
- W.Cave, Henry (2003). Ceylon along the Rail Track (2nd Visidunu ed.). Visidunu Publishers. ISBN 955-9170-46-5.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තලවාකැලේ පිළිබඳ තොරතුරු, තලවාකැලේ යනු කුමක්ද? තලවාකැලේ යනු කුමක් දර්ශනය කරන්නේ?