නානුඔය - රාගල පටු දුම්රිය මාර්ගය (උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය) ලෙස හැඳින්වෙන්නේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට රාගල දුම්රිය ස්ථානය දක්වා පැවති සැතපුම් 19 (30.57km) ක දිගින් යුතු පටු දුම්රිය මාර්ගයකි. 1900 වසරේ නොවැම්බර් මස වැඩ ආරම්භ කළ මෙම දුම්රිය මාර්ගය 1904 වර්ෂය වනවිට සාදා නිම කරන ලදී. ප්‍රධාන වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඉදිකළ මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉතා සෙමින් සිදු වී ඇත. 1940 ගණන් වනවිට විකල්ප ප්‍රවාහන ක්‍රම ජනප්‍රිය වෙමින් පැවති අතර මෙම මාර්ගයේ දුම්රිය ධාවන ලාභදායී හෝ කාර්යක්ෂම එකක් නොවන බව සළකනු ලැබුවෙන් 1948 අගෝස්තු 02 දින දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන ලදී.
| උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
නානු ඔය දුම්රිය ස්ථානය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| දළ විශ්ලේෂණය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පද්ධතිය | දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තත්වය | වසා ඇත. | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Locale | ශ්‍රී ලංකාව | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ගමනාන්ත | නානුඔය දුම්රිය ස්ථානය රාගල | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Stations | 5 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Daily ridership | 7279 (1934 වාර්තාවකට අනුව) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ක්‍රියාකාරිත්වය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| විවෘතය | 1904 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Closed | 1 මාර්තු 1948 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| හිමිකරු | දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| තාක්ෂණික | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මාර්ගයේ දුර | 31 km (19 mi) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මාර්ග ආමානය | 2 අඩි 6 අඟ (762 මිමී) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Highest elevation | 1,925.6 m (6,318 ft) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
එවකට ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වූයේ නානුඔය සිට රාගල දක්වා වූ මෙම පටු දුම්රිය මාර්ගයයි. එමෙන්ම ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වූයේ ද මෙම දුම්රිය මාර්ගයේම, මුහුදු මට්ටමේ සිට අඩි 6316 (1925m) ක් ඉහලින් පිහිටි කඳපොල දුම්රිය ස්ථානයයි. නමුත් වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන්නේ පට්ටිපොල දුම්රිය ස්ථානයයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 6210 (1897m) ක් ඉහලින් පිහිටයි.
මෙම දුම්රිය මාර්ගය උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය වශයෙන් ද හැඳින්වෙන අතර නානුඔය සිට රාගල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන 5ක් සහ කුඩා දුම්රිය ස්ථාන 5ක් ද පැවතුණි. මෙම දුම්රිය ස්ථාන ඉදිකිරීමට හේතු වූයේ තේ ප්‍රවාහනය කිරීමේ පහසුව වුවත් මෙම දුම්රිය මාර්ගයේ මගී ප්‍රවාහනය ද සිදු කෙරුණි. 1948 දී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමීමෙන් අනතුරුව දුම්රිය මාර්ගය ද සම්පූර්ණයෙන් ම පාහේ ගලවා ඉවත් කරන ලදි. නමුත් දුම්රිය ස්ථාන වලට අයත් වූ ගොඩනැගිලි වල ශේෂයන් වර්තමානයේ දී පවා දැක ගත හැකිය.
මූලාශ්‍ර
- "The Development of Railways in Sri Lanka". Sunday Observer. 28 June 2009. සම්ප්‍රවේශය 2 June 2016.
- "Udupussallawa Rail Track". සම්ප්‍රවේශය 18 September 2014.
- "අපට අහිමි කල උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය". සම්ප්‍රවේශය 18 September 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය පිළිබඳ තොරතුරු, උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය යනු කුමක්ද? උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය යනු කුමක් දර්ශනය කරන්නේ?